"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරැළිකාර කතාන්දරයකි. 2011 මාර්තු මස වන විට ඇයගේ වත්කම ඇමෙ. ඩොලර් බිලියන 11 ක් බවට ගනන් බලා ඇත. 2008 ධනවත් පුද්ගලයන් ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තු ගත ධනය පවුම් මිලියන 560 (ඩොලර් මිලියන 760) කි.මේ අනුව ඇය එක්සත් රාජධානියේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාවයි.ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නාම යොජනා කළේය. 2010 ඔක්තෝම්බර් මස වන විට සගරා කතෲවරුන් විසින් ඇය ව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසද හදුනා ගැනුනි. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වූවාය.

== නාමය ==

ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රත්ථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඩහා තම සන්ස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලසඩ තම නාමය භවිතා කර ඇත.

== පසුබිම ==

පීටර් ජේම්ස් රෝව්ලින්ග් සහ ඈන් රෝව්ලින්ග් යුවලට දාව 1965 ජුලි 31 වන දා එන්ගලන්තයේ උතුරු බ්‍රිස්ටල් හි යේට් ග්‍රාමයේ රෝව්ලින්ග් උපත ලැබීය. ඇයගේ මව ස්කොට්ලන්ත සහ ප්‍රන්ශ මිශ්‍ර සම්භවයක් ඇත්තියක් වන අතර ඇය ගේ මාතෲ පාර්ශවීය සීයා, ඩගල්ඩ් කෑම්ප්බෙල් ලම්ලාශ් හි උපත ලබූවකු වන අතර පීතෲ පාර්ශවයේ සීයා ලුයිස් වොලන්ට් ප්‍රතම ලෝක යුද සමයේ කෝසෙලස්-ලේ-කොම්ට් ග්‍රාමය බේරා ගැනීම වෙනුවෙන් සම්මන ලැබූවෙකි. රෝලින්ග් ගේ සොයුරිය උපත ලබන විට ඇයට මාස 23 කි. ඉන්පසු රෝලින්ග්ට වයස අවු. 4ක් පමණ වන විට ඔවුහූ වින්ටර්බෝර්න් ගම්මානයට පදින්චියට ගියහ.ඇය තම ප්‍රාතමික අධ්‍යාපනය ලැබූවේ සා. මිචෙල් ප්‍රාථමික පාසලෙනි. ඇයගේ කෘතියෙහි එන ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය එහිදී තම ප්‍රධානාචාර්‍යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ගෙන් හඩගැන්වුනු බව රෝලින්ග් පවසයි.

සංස්කරණ

22

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/185241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි