"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
[[ජේම්ස් ඩී. වොට්සන්|ජේම්ස් වොට්සන්]] සහ [[ෆ්‍රැන්සිස් ක්‍රීක්]] ඩී.එන්.ඒ වල ව්‍යුහය සොයා ගැනීමෙන් පසුව [[මොරිස් විල්කින්ස්]] සහ [[රොසලින් ‍ෆ්‍රෑන්ක්ලින්]]ගේ පරීක්ෂණ සාක්ෂි උපයෝගී කර ගනිමින් ප්‍රෝටීන වල කේතයෙහි ස්වභාවය අවබෝධ කර ගැනීමට සංකීර්ණ උත්සාහයන් ආරම්භ විය. ජීවී සෛල මගින් ප්‍රෝටීන සංකේතනයට යොදා ගත් සම්මත ඇමයිනෝ අම්ල 20 කේතනයට අකුරු 3ක කේතයක් අවශ්‍ය බව [[ජෝජ් ගැමොව්]] ප්‍රකාශ කරන ලදී. එකිනෙකට වෙනස් නියුක්ලියෝටයිඩ 4කින් නිරූපණය කළ හැකි නියුක්ලියෝටයිඩ 2කේ උපරිම ඇමයිනෝ ‍අම්ල සංඛ්‍යාව 4<sup>2</sup> හෝ 16කි. නියුක්ලියෝටයිඩ 3කින් කේතනය කළ හැකි උපරිම ඇමයිනෝ ‍අම්ල සංඛ්‍යාව 4<sup>3</sup> හෝ 64කි.<ref name="isbn0-465-09138-5">{{cite book | author = Crick, Francis | authorlink = | editor = | others = | title = What mad pursuit: a personal view of scientific discovery | edition = | language = | publisher = Basic Books | location = New York | year = 1988 | origyear = | pages = 89–101 | quote = | isbn = 0-465-09138-5 | chapter = Chapter 8: The genetic code }}</ref>
 
කෝ‍ඩෝනයක් ඩී.එන්.ඒ භෂ්ම 3කින් සමන්විත වන බව පළමුව ප්‍රකට කෙරුණේ [[ක්‍රීක් - බ්‍රෙනර් පර්යේෂණ]] මගිනි. කෝඩෝන පිළිබඳ පළමු පැහැදිළි කිරීම 1961දී [[මාර්ෂල් නිරෙන්බර්ග්]] හා [[හයින්රිච් ජේ. මැතෙයි]] විසින්‍ [[සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ]] දී සිදු කරන ලදී. ඔවුහු පොලියුරැසිල් ආර්.එන්.ඒ අනුපිළිවෙළක් (උදා. UUUUU...) [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කිරීමට [[නිදහස් සෛල පද්ධතියක්]] යොදා ගත්හ. මෙහිදී ඔවුන් සංස්ලේෂණය කළ [[පොලිපෙප්ටයිඩ]] දාමයේ අඩංගු වූයේ [[ෆෙනිලැලනීන්]] ඇමයිනෝ අම්ලය පමණක් බව නිරීක්ෂණය කරන ලදී. එමගින් ඔවුහු කෝඩෝනය ෆෙනිලැලනීන් ඇමයිනෝ අම්ලය සංකේතනය කරන බැව් තීරණය කරන ලදී. මේ ක්‍රමය අනුව යමින් [[සෙවරෝ ඔකාඕ]] පර්යේෂණාගාරයේ පර්යේෂණ එළිදැක්වූයේ පොලි-ඇඩිනීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. AAAAA...) පොලි-ලයිසීන්<ref name="pmid13946552">{{cite journal | author = Gardner RS, Wahba AJ, Basilio C, Miller RS, Lengyel P, Speyer JF | title = Synthetic polynucleotides and the amino acid code. VII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 48 | issue = 12| pages = 2087–94 | year = 1962 | month = December | pmid = 13946552 | pmc = 221128 | doi = 10.1073/pnas.48.12.2087 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවත්, පොලි-සයිටොසීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. CCCCC...) පොලි-ප්‍රෝලීන්<ref name="pmid13998282">{{cite journal | author = Wahba AJ, Gardner RS, Basilio C, Miller RS, Speyer JF, Lengyel P | title = Synthetic polynucleotides and the amino acid code. VIII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 49 | issue = | pages = 116–22 | year = 1963 | month = January | pmid = 13998282 | pmc = 300638 | doi = 10.1073/pnas.49.1.116 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවටත්ය. එමනිසා AAA කෝඩෝනය ලයිසීන් ඇමයිනෝ අම්ලයත්, CCC කෝඩෝනය ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලයත් විශේෂණය කරයි. විවිධ සහබහුඅවයවික මගින් ඉතිරි කෝඩෝනද හඳුනා ගන්නා ලදී. මෙම සොයාගැනීම ඉදිරියට ගෙන යමින් නිරෙන්බර්ග් සහ [[පිලිප් ලෙඩර්]] ප්‍රවේණි කේතයේ ත්‍රිත්ව ස්වභාවය එළිදැක්වූ අතර සම්මත ප්‍රවේණි කේතයේ කෝ‍ඩෝන විකේතනය කිරීමට මඟ පාදන ලදී. මෙම පර්යේෂණ වලදී [[mRNA]] වල විවිධ සංයෝජන සෛලයක ආර්.එන්.ඒ ප්‍රෝටීන බවට [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කරන ඉන්ද්‍රයිකාව වන [[රයිබසෝම]] අඩංගු පෙරනයක් තුළින් ගමන් කරන ලදී. මෙහිදී විශිෂ්ට ත්‍රිත්ව මගින් විශේෂිත tRNA රයිබසෝම මත බන්ධනය දිරිගන්වන ලදී.
 
 
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි