"මිල ඉල්ලුම් නම්‍යතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
කිසියම් භාන්ඩයක් සඳහා වෙළඳපලක පවතින මිල ඉහල යනවිට එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත්, මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන බවත් ඔහු මෙම සංකල්පයෙන් ඉදිරිපත් කරන ලදී.
ඔහු ඉදිරිපත් කරන ලද මෙම සංකල්පය මූලික වශයෙන් ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය මත පදනම් වී ඇත.
 
== මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක ==
ප්‍රධාන වශයෙන් මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය වීමට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හා කැමැත්ත බලපානු ලබයි. අනෙකුත් සධක වනුයේ,
 
1 ආදේශක භාන්ඩ වල සුලභත්වය
කිසියම් භාණ්ඩයකට ආසන්න ආදේශක භාන්ඩ සුලභව ඇත්නම් එම භාණ්ඩය සඳහා ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. එනම් මිල සුළු ප්‍රමාණයකින් වෙනස් වුවද ඉල්ලුම් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් වෙනස් වේ. එයට හේතුව
පාරිභෝගිකයාට පහසුවෙන් වෙනත් භාණ්ඩයකට මාරු විය හැකි වීමයි. ආදේශක භාන්ඩ නොමැති නම් හෝ අඩු නම් එම භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. එනම් මිල විශාල ප්‍රමාණයකින් වෙනස් වුවද ඉල්ලුම් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් වෙනස් නොවේ.
 
2 භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය
පුළුල් ලෙස නිර්වචනය කල භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය ඉල්ලුමක් වන අතර පටු ලෙස නිර්වචනය කල භාණ්ඩ සඳහා ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. උදාහරණයක් ලෙස පාන් ගතහොත් ඒ සඳහා විශාල ආදේශක ප්‍රමාණයක් ඇත. එය පටු නිර්වචනයයි.
නමුත් පොදුවේ පිටි සහිත ආහාර ලෙස ගතහොත් ඒ සඳහා ආදේශක භාන්ඩ ඇත්තෙ සුළු ප්‍රමාණයකි.
 
3 අත්‍යාවශ්‍ය භාවය
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මි: ඉ: න: ස: අඩු අගයක් ගනී. එනම් අනම්‍ය ඉල්ලුමක් පවතී. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා නම්‍ය ඉල්ලුමක් පවතී. එනම් නම‍ය්‍යතා සංගුණක විශාල අගයක් ගනු ලබයි.
 
4 සලකා බලන කාල සීමාව
 
සලකා බලන කාල සීමාව වැඩි නම් නම්‍යතාවය වැඩි අගයක් ගන්න අතර ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. කාල සීමාව අඩු නම් නම්‍යතාවය අඩු අගයක් ගන්න අතර ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි.
උදාහරණයක් ලෙස ඉන්ධන මිල කෙටි කාලසීමාවක් තුලදී මිනිසුන් ඉල්ලුම් කරන ප්‍රමාණය එතරම් අඩු නොකරයි. එනම් ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. නමුත් ඉත දිගු කාලයකදී ඔවුන් වෙනත් ලාභදායී ආදේශකයට යා හැකිය.
එවිට ඇත්තේ නම්‍ය ඉල්ලුමකි.
5. සන්නම් පක්ෂපාතීත්වය
එනම් කිසියම් සන්නමක් කෙරෙහි ඇති බැදීමයි. එවිට එම භාන්ඩයේ මිල ඉහල ගියද ඉල්ලුම් ප්‍රමාණය එතරම් අඩු නොවේ. එම නිස ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. කිසියම් භාණ්ඩයක් කෙරෙහි සන්නම් පක්ෂපාතීත්වයක් නැත්නම් එම භාණ්ඩයේ මිල වෙනස් වීමට වඩ වැඩි ප්‍රමානයකින්
ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ. එවිට ඇත්තේ නම්‍ය ඉල්ලුමකි.
==
මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයෙන් ගම්‍ය වන අගයන් ==
මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමෙන් ලැබෙන අනුව ඉල්ලුම පහත පරිදි වර්ග කල හැක.
 
ඉල්ලුම් නීතියට අනුව සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය ඉහල යන අතර මිල ඉහල යන විට ඉල්ලුම් ප්‍රමාණය පහල යයි.
ඉහත වගුවේ දක්වා ඇති ආකාරයට මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය එකට වඩා වැඩි වන්නේද, අඩු වන්නේද යන කරුණ මත එම භාණ්ඩය කුමන ඉල්ලුම් නම්‍යතාවයට අයත් වන්නෙදැයි තීරණය වේ.
 
* කිසියම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා අනම්‍ය ඉල්ලුමක් පවතී.
*භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා නම්‍ය ඉල්ලුමක් පවතී.
*භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා ඒකීය නම්‍ය ඉල්ලුමක් පවතී.
 
ප්‍රස්තාර සටහන් දෙකෙහි පෙන්වන අන්දමට පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල ඉල්ලුම් වක්‍රය ප්‍රමාණ අක්ෂයට සමාන්තර ලෙස තිරස් රේඛාවක් ලෙස පිහිටයි
පූර්ණ අනම්‍ය ඉල්ලුම නිරූපණය කරන ඉල්ලුම් වක්‍රය මිල අක්ෂයට සමාන්තරව සිරස් රේඛාවක් ලෙස පිහිටයි.මිල ඉල්ලුම් නම්‍යතාවය හා ඉල්ලුම් වක්‍රයේ බැවුම යන දෙකම ස්ථාවරව පවතින්නේ ඉහත අවස්ථාවන් දෙකෙහිදී පමනි.
එමෙන්ම මි:ඉ:න:ස: ගණනය කිරීමට ඉල්ලුම් වක්‍රයේ බැවුමේ ප්‍රතිලෝමය පමණක් යොදා ගන්නේද මෙම අවස්ථාවන් දෙකෙහිඩී පමනි.අන් සෑම අවස්ථාවකදීම වමේ සිට දකුණට පහලට බෑවුම් වන ඉල්ලිම් වක්‍රයක් ලැබේ.
== ආදායම මත බලපාන ආකාරය ==
මිල ඉල්ලුම් නම්‍යතාවය භාණ්ඩයකින් ලැබෙන ආදායම මතද බලපැම් ඇති කරයි.
ආදායම මිල ප්‍රමාණය
සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල වෙනස් වීම ප්‍රධාන වශයෙන් ප්‍රතිවිපාක දෙකක් ඇති කරයි.
මිල ප්‍රතිවිපාකය:- අනම්‍ය භාණ්ඩ සඳහා ඒකක මිල වැඩි වීමක් එම භාණ්ඩයෙන් ලැබෙන ආදායම වැඩි වීමට හේතු වන අතර මිල අඩු වීමක් ආදායම අඩු වීමට බලපායි. නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මෙහි ප්‍රතිලෝමය සිදුවේ.
ප්‍රමාණ ප්‍රති විපාකය:-ඒකක මිල වැඩි වීමක් විකුණා ගත හැකි ඒකක ප්‍රමාණය අඩු කිරීමට හේතු වන අතර මිල අඩු වීමක් විකුණා ගත හැකි ඒකක ප්‍රමාණය වැඩි කිරීමට බලපායි.
 
එබැවින් ආයතනයක් භාණ්ඩයක මිල වැඩි කිරීමේදී එමඟින් ඇතිවන ශුද්ධ බලපැම හඳුනාගත යුතුය. මේ සඳහා නම්‍යතාවය යොදා ගත හැක.සාමාන්‍යයෙන් ආදායමේ සිදුවන ප්‍රතිශතක වෙනස ආසන්න වශයෙන් මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනස හා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස යන අගයන් දෙකෙහි එකතුවට සමාන වේ.
මිල ඉල්ලුම් නම්‍යතාවය හා ආදායම අතර සම්බන්ධය පහත පරිදි විස්තර කල හැක.
*පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල කොතෙක් වැඩි වුවද ඉල්ලුම් ප්‍රමාණය අඩු නොවේ.එබැවින් මෙවැනි භාණ්ඩ වල මිල වැඩි කිරීමෙන් අනිවාර්‍ය්යෙන්ම ආදායම වැඩි වේ
*අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මිල වැඩි වන ප්‍රතිශතයට වඩ අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වන නිසා මිල වැඩි කිරීම මඟින් ආදායම වැඩි කර ගත හැක.
*ඒකීය නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන නිසා මිල වැඩි කලද ආදායමට බලපැමක් ඇති නොකරයි.
*නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමණය වෙනස් වන බැවින් මිල වැඩි කලහොත් ඉල්ලුම් ප්‍රමාණය විශාල ලෙස අඩු වන බැවින් අදායම වැඩිවීමක් සිදු නොවේ.
*පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ එකම මිලකදී ඕනැම ප්‍රමාණයක් මිලදී ගත හැක. මිල වැඩි කලහොත් ඉල්ලුම ශූන්‍ය විය හැක. එබැවින් මිල වැඩි කිරීමක් මගින් ආදායම වැඩි කර ගත නොහැක.
ඉහත ප්‍රස්තාරයේ පෙන්වා ඇති ආකාරයට උපරිම ආදායමක් ලැබෙන්නේ ඉල්ලුම් වක්‍රයේ ඒකීය නම්‍ය ඉල්ලුමට අදාල ලක්ෂ්‍යයේ මිල හා ප්‍රමාණයේදීය.
තවත් වැදගත් කරුණක් වනුයේ කිසියම් මිල පරාසයක් තුල ඉල්ලුම් නම්‍යතාවය ස්ථාවර අගයක් නොගන්නා අතර විවිධ අගයන් විය හැක. ඉහත ප්‍රස්තාරයට අනුව ඉල්ලුම් වක්‍රයේ ඉහල සිට පහලට පූර්ණ නම්‍ය ඉල්ලුමේ සිට පූර්ණ අනම්‍ය ඉල්ලුම දක්වා අගයන් පිහිටන්නේ යැයි උපල්කල්පනය කෙරේ.
== බදු මත බලපාන ආකාරය ==
භාණ්ඩයක මිල මත වක්‍ර බදු පැන පැනවීමේදී ඇති වන ප්‍රති විපාකය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය යොදා ගත හැක. මිල මත බදු පනවීමේදී මිල ඉහලයයි. එබැවින් එම බදු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන ප්‍රමාණය තීරණය වන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය මතවේ.
පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මිල කොතෙක් වැඩි වුවද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. එනම් පාරිභෝගිකයට වෙනත් විකල්ප නොමැත. එබැවින් බද්ද සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට විතැන් කල හැක
පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක බදු පැනවීම නිසා මිල වැඩිවීමක් සිදු වුවහොත් පාරිභෝගිකය මිලදි ගන්න ප්‍රමනය නවත දැමිය හැක. එබැවින් සම්පූර්ණ බදු බර නිශ්පාදකයාට දැරීමට සිදුවේ.
අනම්‍ය ඉල්ලුමක් ඇති භාන්ඩ සඳහා බදු පැනවූ විට බද්දෙන් වැඩි ප්‍රමාණයක් නිශ්පාදකයාට දැරීමට වන අතර පාරිභෝගිකයාට දැරීමට වන්නේ අඩු බදු ප්‍රමාණයකි.
නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා බදු පනවූ විට වැඩි බදු බරක් පාරිභෝගිකයාට දැරීමට සිදු වන අතර නිෂ්පාදකයාට දැරීමට වන්නෙ අඩු බදු බරකි.
"https://si.wikipedia.org/wiki/මිල_ඉල්ලුම්_නම්‍යතාවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි