"ශාක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: ie:Plante (deleted)
සුළු r2.6.7) (රොබෝ එකතු කරමින්: ang:Plante; cosmetic changes
4 පේළිය:
| color = lightgreen
| name = Plants
| fossil_range = <br />[[Early Cambrian]] to recent, but [[#Fossils|see text]], {{Fossil range|520|0}}
| image = Diversity of plants image version 5.png
| image_width = 250px
51 පේළිය:
දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.දිලීර ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.
 
== පාරිසරික විද්‍යාවට අනුව ශාකවල වැදගත්කම ==
 
[[Imageගොනුව:Potato_plant.jpg|thumb|අර්තාපල් ශාකය:-යුරෝපීය ජාතිකයන් 1400 අග සහ 1500යේ මුල භාගයේදී ඇමරිකානුවන් සමඟ සම්බන්ධවීමෙන් පසුව අර්තාපල් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවූ අතර එතැන් පටන් එය වැදගත් ක්ෂේත්‍ර බෝගයක් බවට පත් වී ඇත.]]
මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිත විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිත විද්‍යාව ප්‍රධාන වශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.
 
65 පේළිය:
ගොඩනැගිලි තැනීමට දැව,ලී බඩු,කඩදාසි,කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳි වර්ග ,සුගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිෂ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රව‍ය, ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.
 
[[Imageගොනුව:Timber_DonnellyMills2005_SeanMcClean.jpg|thumb|දැව දඬු පසුව සැකසීම සඳහා ගබඩාකර ඇති අයුරු.]]
 
== ශාක කොටස්වල සෞන්දර්යාත්මක ප්‍රයෝජන ==
75 පේළිය:
== ශාකවල විද්‍යාත්මක සහ සංස්කෘතිකමය ප්‍රයෝජන ==
 
[[Imageගොනුව:Taxus_wood.jpg|thumb|යෙව් ගසක අත්තක වාර්ෂික වර්ධක වළලු 27ක් ලා වර්ණයෙන්ද එළය හා තද වර්ණයෙන් යුතුවද අරටුව සහ මජ්ජාවද (මැද පිහිටි තද පැහැති තිත) දැක්වෙන හරස්කඩක්]]
වෘක්ෂවල වර්ධක වළලු පුරා විද්‍යාවේදී කාළ නිර්ණය සඳහා සහ අතීතයේ පැවැති දේශගුණය පිළිබඳව දැනගැනීම සඳහා වූ වැදගත් ක්‍රමයකි. මූලික ජීව විද්‍යාත්මක පර්යෙෂණ ශාක යොදාගෙන සිදුකර ඇත.උදාහරණයක් ලෙස ජාන විද්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ නීතිය සොයාගෙන ඇත්තේ පී ශාක උපයෝගී කොටගෙනය. අභ්‍යවකාශ නැවතුම් පොළවල්,අභ්‍යවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකමත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසිකව වෘක්ෂවලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ,විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශාක පුරාණ ප්‍රවාද වල ,ආගම් වල සහ සාහිත්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මානව උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පාරම්පරික සංස්කෘතීන් ශාක භාවිතා කල ආකාරය අධ්‍යයනය කරන අතර එය තර්ජනයට ලක්වූ ශාක සංරක්ෂණයට සහ නව ඖෂදීය ශාක සොයා ගැනීමට උපකාරී වේ. උද්‍යාන කරණය එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රියයි. එරට විවේක කාලයට කරන ක්‍රියකාරකම නම් ශාක සිටුවීමයි.ශාක සමඟ වැඩකිරීම හෙවත් උද්‍යාන විද්‍යා චිකිත්සාව දියවැඩියා රෝගීන් පුනරුප්ථාපනය කිරීමට උපකාරී වේ. දුම්කොළ ,මරිජුවානා සහ ඕපියම් වැනි ශාක මානසික තත්වයට බලපාන රසායන ද්‍රව්‍ය වනඅතර ඒවා නිස්සාරණය කරගනී.
 
 
== ශාකවල සෘණාත්මක බලපෑම ==
 
 
වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය.මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.
 
පැළෑටි මිනිසාටද හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත.විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවේ. එමෙන්ම මරණය පවා සිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්ථිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පාදිත ධාරිතාව හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි.ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි.එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.
 
[[af:Plant]]
[[als:Pflanzen]]
[[an:Plantae]]
[[ang:Plante]]
[[ar:نبات]]
[[arz:نبات]]
"https://si.wikipedia.org/wiki/ශාක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි