"හිලරි ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
32 පේළිය:
 
 
== විවාහය සහ පවුල් ජීවිතය, නීතිඥ වෘත්තිය සහ ආකැන්සාස්හී පළමු කාන්තාව ==
== References ==
=== නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට ආකැන්සාස් වෙත ===
http://en.wikipedia.org/wiki/Hillary_clinton
සිය පස්චාත් උපාධි අධ්‍යයන කාලය තුළදී රොඩ්හැම් මැසචුසට්ස්, ක්‍රේම්බ්‍රිජ් හි අළුතෙන් නිර්මාණය කළ එඩ්ල්මන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ මාණ්ඩලික නීතිඥවරයා ලෙස කටයුතු කළේ ය. තවද ඇය ළමුන් සඳහා වන කානගී කවුන්සිලයේ උපදේශකයෙකු ලෙස ක්‍රියාකළේය. 1974 වර්ෂයේදී ඇය ජනාධිපති වරයා ඉවත් කිරීම පිළිබඳ වොෂින්ටන් DC හි පර්යේෂණ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළ අතර එහිදි ඇය වෝටර්ගේට් අර්බුදය පිළිබඳ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කොමිසමට උපදෙස් ලබාදීම සිදුකරන ලදී. ප්‍රධාන නීති උපදේශක ජොන් ඩෝ සහ ජ්‍යේෂ්ඨ සාමාජික බර්නාඩ් නස්බම්ගේ මගපෙන්වීම යටතේ ජනාධිපති වරයා ඉවත් කිරීමෙන් ක්‍රියාවලිය පිළිබඳ චෙතිහාසික කරුණු ඇසුරෙන් සහ එහි සම්මතයන් පිළිබඳ රොඩ්හැම් විසින් පර්යේෂණ සිදු කරන ලදී. මෙම කොමිසමෙහි ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස 1974 වසරේදී ජනාධිපති රිචඩ් නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
 
මේ සිද්ධිදාමය අවසන් වන විට දීප්තිමත් දේශපාලනික අනාගතයක් සහිත කාන්තාවක් ලෙස රොඩ්හැම් සැලකුණි. ඩිමොක්ක්‍රෝටික් පක්ෂ්‍ය‍යේ සංවිධායක සහ නීති උපදේශක බෙට්සි රයිට් ඊට පෙර වසරේදී රොඩ්හැම්ගේ වෘත්තීය ජීවිතයට මග පෙන්වීම සඳහා ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා පැමිණියේය. රයිඩ්ගේ අදහස වුයේ අනාගත සෙ‍ෙනට් සබිකයෙකු හෝ ජනාධිපති වරයෙකු වීමේ හැකියාව රොඩ්හැම් හට පවතින බවයි. මේ අතර ක්ලිටන් කිහිප වරක් ම ඔහු හා විවාහ වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි අතර ඒ සෑම විටම ඇය එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් කොලෝම්බියා ප්‍රාන්තයේ නීති වේදි විභ‍ාගය අසමත් වීමෙන් සහ ආකන්සාස්හි එම විභාගය සමත්වීමෙන් අනතුරුව රොඩ්හම් සුවිශේෂී තීරණයකට එළඹුණි. පසු කාලීනව ඇය මේ පිළිබඳ කළ ප්‍රකාශයක පරිවර්ථනය පහත පරිදි වේ. “මගේ හිස වෙනුවට මගේ හදවත පවසන දෙයට එකඟ වීමට මම තීරණය කළෙමි” ඒ අනුව ඇය බින් ක්ලිටන් මෙන්ම ආකන්සාස් ප්‍රාන්තයට ගමන් කළ අතර ඒත් සමගම ඇය වඩාත් ඉහළ වෘත්තීය අවස්ථා තිබු වොෂින්ටනය අතහැර දැමීය. මේ කාලය වන විට ක්ලින්ටන් නීති වේදය උගන්වන අතරම සිය ප්‍රාන්තය වෙනුවෙන් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තරඟ කිරීමටද ඉදිරිපත් වී සිටියේය. 1974 අගොස්තු මාසයේදී රොඩ්හම් ආකන්සාස්හි පේට්විලේ ප්‍ර‍දේශයේ පදිංචි වු අතර ආකන්සාස් සරසවියේ නීති විද්‍යාලයේ ඒ වන විට සිටි කාන්තා සාමාජිකාවන් දෙදෙ‍නාගෙන් එක් අයෙකු බවටද පත්විය. බිල් ක්ලිටන් සිය අධ්‍යාපනය ලබා ගත්තේද මෙම විශ්ව විද්‍යාලයෙනි. මේ වන විටත් රොඩ්හැම් හට විවාහය පිළිබද සැකයක් වූ අතර විවාහයත් සමග ඇගේ අනන්‍යතාව නැතිවී යනු ඇති බවටත් ඇගේ ජයග්‍රහණ සඳහා ප්‍රශංසාවන් තවකෙකුට හිමිවනු ඇති බවටත් ඇය තුළ බියක් පැවතුනි.
 
=== ආකැන්සාස්හී මුල් වසර කිහිපය ===
1975 වසරේ ග්‍රීස්ම සෘතුවෙහි හිලරි රොඩ්හැම් සහ බිල් ක්ලිටන් එක්ව ෆේට්විලේ ප්‍රදේශයෙන් නිවසක් මිලයට ගත් අතර හිලරි, බිල් ක්ලින්ටන් හා විවාහ වීමට කැමැත්ත පල කළේය. ඔවුන්ගේ විවාහය 1975 ඔක්තෝබර් 11 වන දින ඔවුන්ගේම නිවසේ පැවැත්වුණි. මෙය මේතෝදිස්ත උත්සවයක් විය. විවාහයෙන් අනතුරුවද හිලරි රොඩ්හැම් සිය නාමය වෙනස් කිරීමට අකමැති වු අතර ඇගේ මෙම තීරණය ඇගේ මවගේ සහ ක්ලින්ටන් ගේ මවගේ නොසතුටට හේතු විය. මෙම තීරණය පිළිබද පසු කාලීනව ඇය හේතු දැක්වුයේ එමගින් ඇගේ සහ ඇගේ සැමියාගේ වෘත්තීය ජීවිත එකිනෙක වෙන්කර තබා ගැනීමට සහ ගැටළු පැන නැගීම වැළැක්වීමට එමගින් ඇය අදහස් කළ බව පවසමිනි. 1974 වර්ෂයේදී බිල් ක්ලින්ටන් මැතිවරණයෙන් පරාජයට පත් වු නමුත් 1976 නොවැම්බර් මාසයේදී ආකන්සාස් හි නීති පතිවරයා වශයෙන් හෙතෙම පත්විය. එත් සමගම මෙම යුවලට ප්‍රාන්තයේ අගනුවර වු ලිටිල් රොක් හි වාසයට යාමට සිදු විය. 1977 පෙබරවාරි මාසයේදී රොඩ් හම් ගෞරවයට පාත්‍රවි ඇති රො‍්ස් නීති ආයතනය හා සම්බන්ධ විය. මෙම ආයතනය ආකන්සාස් හි දේශපාලනික සහ ආර්ථික පැතිකඩ වලට විශාල බලපෑමක් කිරීමට සමත් ආයතනයක් විය. රොඩ්හැම්ගේ විශේෂිත ක්ෂේත්‍රය වුයේ පේටන් බලපත්‍ර උල්ලංගනය සහ බුද්ධිමය දේපල පිළිබඳ නීති ක්ෂේත්‍රයයි. මේ අතරම ඇය ගාස්තු රහිතව ළමුන් වෙනුවෙන් නීතිමය ආධාර කිරීමට ඉදිරිපත් වීය. කෙසේ නමුත් ඇය උසාවිය තුළ සෘජුව නඩු වෙනුවෙන් කථා කිරීම සිදු කළේ කලාතුරකින්ය.
 
රොඩ්හැම් ළමුන් සම්බන්ධ නීති හා පවුල් ප්‍රතිපත්ති පිළිබඳ ඇය තුළ වු උනන්දුව දිගින් දිගටම පවත්වා ගෙන ගිය අතර මේ බව 1977 වසරේ දී ඇය පලකල Children’s Policies : Abandonment and Neglect නම් ලිපිය සහ 1979 වසරේදී ඇය විසින් පල කල Children’s Rights : A Legal Perspective නම් ලිපිය මගින් පැහැදිලි වේ. මේ අතරින් 1979 පළවු ලිපි ඔස්සේ ඇය ළමුන්ගේ නීතිමය හැකියාවන් ඔවුනගේ වයස සහ අනෙකුත් කරුණු මත රදා පවතින බවත් ඇතැම් සෞඛ්‍යමය අයිතිවාසිකම් පිළිබඳ නඩු සඳහා අධිකරණමය මැදිහත් වීමක් සිදු විය යුතු බවටත් එය තුළ වු මතය ප්‍රකාශ විය. පසු කාලීනව ඇමෙරිකානු නීති වේදී සංගමයේ නිළධාරියෙක් ප්‍රකාශ කළේ ඇගේ අදහස් වැදගත් වුයේ ඒවා විප්ලව කාරී නව අදහස් වු නිසා නොව ඒවා ආරම්භක අවදියේ පැවති යමක් වඩාත් හොදින් නිර්මාණය කිරීමට දායක වු නිසා බවයි. පසුකාලීනව ඉතිහාසඥ ගැරිවියොස් ඇය හැඳින්වුයේ පසු ගිය දශක දෙක තුළ ජීවිත් වු වඩාත් වැදගත් ක්‍රියාකාරීන්ගෙන් අයෙකු ලෙසයි. කෙසේ නමුත් කන්සවේටිවු පාක්ෂිකයින්ගේ අදහස වුයේ ඇගේ මතවාද නිසා දෙමාපියන්ට සිය දරුවන් මත වු සාම්ප්‍රදායික බලතල අහිමි වන බවයි. එබැවින් දෙමාපියන්ට එරෙහිව අනර්ථක නඩු පැවරීමේ හැකියාවක් දරුවන්ට හිමි වන බව ඔවුන් පැවසීය. මේ නිසා ඇගේ මත වාද අයාලයේ ගිය නීති විචාරක වාදයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් හඳුන්වන ලදී.
 
1977 වසරේ ළමුන් සහ පවුල් සඳහා වු ආකන්සාස් නීති වේදීන්ගේ සංගමය පිහිටු වීමට රොඩ්හැම් දායක විය. මෙය ළමා ආරක්ෂක අරමුදල හා සම්බන්ධ වු ප්‍රාන්ත මට්ටමේ ආයතනයක් විය. එම වර්ෂ‍යේම වඩාත් පසු කාලීනව එවකට ජනාධිපති ජිමී කාටර් (1976 වසරේදී රොඩ්හැම් විසින් මෙහු සඳහා ඉන්දියානා ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.) ඇය නීති සේවා අයතනයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කල අතර 1978 වසරේ පටන් 1981 වසරේ අවසානය දක්වා ඇය මෙම ධූරය හෙබවීය. 1978 මැද භාගයේ පටන් 1980 මැද භාගය දක්වා ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස ක්‍රියා කල අතර එම ධූරයට පත් වු ප්‍රථම කාන්තාවද විය. ඇය සභාපති ධූරය දැරූ කාලය තුළදී ආයතනය සඳහා වෙන්කළ ප්‍රතිපාදන ඩොලර් මිලියන 90 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර පසු කාලීනව මෙම ප්‍රතිපාදන කපා හැරීමට සහ ආයතනයේ ස්වභාවය වෙනස් කිරීමට ජනාධිපති රොනල්ඩ් රේගන් දැරූ උත්සාහයක් ව්‍යර්ත කිරීමටද ඇය සමත්විය.
 
1978 වසරේ නොවැම්බර් මාසයේදී සිය සැමියා ආකන්සාස්හි පාලකයා බවට පත් වීමත් සමග 1979 ජනාවරි මාසයේදී රොඩ්හැම් ආකන්සාස්හි පළමු පුරවැසි කාන්තාව බවට පත්විය. මෙතැන්සිට වසර 12 ක් ඇය මෙම පදවිය හෙබවීය (1979 – 1981, 1983 – 1992). එම වසරේදීම ක්ලින්ටන් විසින් ඇයව ග්‍රාමීය සෞඛ්‍ය උපදේශක කමිටුවේ සභාපති වරයා ලෙස පත්කල අතර ආකන්සාස්හි වඩාත් දුප්පත්ම ප්‍රදේශ වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා‍ප්‍රාන්ත අරමුදල් ලබාගැනීමට ඇය සමත් විය. වෛද්‍ය ගාස්තු වලට බලපෑමක් නොවන පරිදි මෙසේ අරමුදල් ලබාගැනීමට ඇය සමත්වීම සුවිශේෂී‍වේ.
 
1979 වසරේදී රෝස් නීති ආයතනයෙහි පුර්ණ සාමාජිකත්වය ලද ප්‍රථම කාන්තාව බවට රොඩ්හැම් පත්විය. 1978 වසරේ පටන් ධවල මන්දිරයේ වාසයට යන තෙක්ම රොඩ්හැම්ගේ මාසික වැටුප ඇගේ සැමියාගේ වැටුපට වඩා ඉහළ විය. 1978 සහ 1979 වසර වලදී සිය ආදායම ඉහළ නංවා ගැනීමට උත්සාහ දරණ අතරතුර අනාගතය සඳහා‍සකස් කල ගවයින් සම්බන්ධ කොන්ත්‍රාත් විකිණීම මගින් රොඩ්හැම් විශාල ලාභයක් උපයා ගැනීමට සමත්විය. ඩොලර් 1000 ක ආරම්භක ආයෝජනයකින් ආරම්භ කර මාස 10 ක් තුළ ඩොලර් 100000 කට ආසන්න ආදායමක් ඉපයීමට ඇය සමත් විය. මීට සමකාලීනව ක්ලින්ටන් යුවල ජිම් සහ සුසාන් මැක්ඩෝගල් සමග එක්ව දේපල වෙළදාම් සමාගමක් වු Whitewater Development Corporation ආයතනයේ ආයෝජනය කළ නමුත් එය අසාර්ථක විය. 1980 පෙබරවාරි 27 වන දින රොඩ්හැම් සිය එකම දරුවා වු චෙල්සි දියණිය මෙලොවට බිහිකළාය. 1980 නොවැම්බර් මාසයේදී නැවත සිය ධූරයට පත්වීම සඳහා තරඟකළ බිල් ක්ලින්ටන් මැතිවරණයෙන් පරාජයට පත් විය.
 
 
 
[[af:Hillary Clinton]]
[[als:Hillary Clinton]]
[[am:ሂለሪ ሮድሃም ክሊንተን]]
[[ar:هيلاري كلينتون]]
[[az:Hillari Klinton]]
[[bn:হিলারি ক্লিনটন]]
[[zh-min-nan:Hillary Rodham Clinton]]
[[be:Хілары Клінтан]]
[[be-x-old:Гілары Клінтан]]
[[bcl:Hillary Rodham Clinton]]
[[bs:Hillary Clinton]]
[[br:Hillary Clinton]]
[[bg:Хилъри Клинтън]]
[[ca:Hillary Rodham Clinton]]
[[cs:Hillary Clintonová]]
[[cy:Hillary Rodham Clinton]]
[[da:Hillary Clinton]]
[[de:Hillary Clinton]]
[[et:Hillary Clinton]]
[[el:Χίλαρι Κλίντον]]
[[en:Hillary Rodham Clinton]]
[[es:Hillary Rodham Clinton]]
[[eo:Hillary Rodham Clinton]]
[[eu:Hillary Rodham Clinton]]
[[fa:هیلاری کلینتون]]
[[fo:Hillary Clinton]]
[[fr:Hillary Rodham Clinton]]
[[ga:Hillary Rodham Clinton]]
[[gl:Hillary Clinton]]
[[gu:હિલેરી ક્લિન્ટન]]
[[ko:힐러리 클린턴]]
[[hi:हिलेरी रोढम क्लिंटन]]
[[hr:Hillary Rodham Clinton]]
[[io:Hillary Clinton]]
[[id:Hillary Clinton]]
[[is:Hillary Clinton]]
[[it:Hillary Clinton]]
[[he:הילרי רודהם קלינטון]]
[[jv:Hillary Clinton]]
[[ka:ჰილარი კლინტონი]]
[[kk:Хиллари Клинтон]]
[[sw:Hillary Rodham Clinton]]
[[ku:Hillary Clinton]]
[[la:Hilaria Clinton]]
[[lv:Hilarija Klintone]]
[[lb:Hillary Clinton]]
[[lt:Hillary Clinton]]
[[hu:Hillary Clinton]]
[[mk:Хилари Клинтон]]
[[ml:ഹിലരി ക്ലിന്റൺ]]
[[mr:हिलरी क्लिंटन]]
[[arz:هيلارى كلينتون]]
[[ms:Hillary Rodham Clinton]]
[[mn:Хиллари Клинтон]]
[[my:ဟီလာရီ ရော်ဒမ် ကလင်တန်]]
[[nl:Hillary Clinton]]
[[ja:ヒラリー・クリントン]]
[[no:Hillary Clinton]]
[[nn:Hillary Clinton]]
[[oc:Hillary Rodham Clinton]]
[[pnb:ہلری رودہم کلنٹن]]
[[ps:هيلري کلنټن]]
[[pl:Hillary Rodham Clinton]]
[[pt:Hillary Clinton]]
[[ksh:Hillary Clinton]]
[[ro:Hillary Rodham Clinton]]
[[qu:Hillary Clinton]]
[[ru:Клинтон, Хиллари]]
[[sq:Hillary Clinton]]
[[scn:Hillary Clinton]]
[[simple:Hillary Rodham Clinton]]
[[sk:Hillary Rodhamová-Clintonová]]
[[sl:Hillary Clinton]]
[[so:Hillary Clinton]]
[[sr:Хилари Клинтон]]
[[sh:Hillary Clinton]]
[[fi:Hillary Clinton]]
[[sv:Hillary Clinton]]
[[tl:Hillary Clinton]]
[[ta:இலரி கிளின்டன்]]
[[tt:Һиллари Клинтон]]
[[te:హిల్లరీ క్లింటన్]]
[[th:ฮิลลารี คลินตัน]]
[[tr:Hillary Clinton]]
[[uk:Гілларі Клінтон]]
[[ug:ھىلاري كلىنتون]]
[[vi:Hillary Clinton]]
[[war:Hillary Rodham Clinton]]
[[wuu:希拉里·克林顿]]
[[yi:הילערי ראדהעם קלינטאן]]
[[yo:Hillary Rodham Clinton]]
[[zh-yue:希拉莉]]
[[bat-smg:Hilarė Klėntuon]]
[[zh:希拉里·罗德姆·克林顿]]
"https://si.wikipedia.org/wiki/හිලරි_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි