"ලෝක ජනගහනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.3) (රොබෝ එකතු කරමින්: sn:Hugari
No edit summary
7 පේළිය:
 
ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් ප්‍රකාශිත ලියකියවිලි අනුව 2006 පෙබරවාරි 24 වන දිනට ලෝක ජනගහනය බිලියත 6.5 කි. 1999 ඔක්තෝබර් 12 දිනය ලෝක ජනගහනය බිලියන 6 බවට පත්වූ ආසන්න දිනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නම් කරන ලදි. කෙසේ වුවත් නයිජීරියාව,චීනය වැනි ඇතැම් රටවල ජනගහනය ආසන්නතම මිලියන ගනනටවත් හන්දුනගෙන නැත. එබැවින් එම ඇස්තමේන්තු කිරීම්වල සැළකිය යුතු දෝෂයක් ඇත.
 
2011 ඔක්තෝබර් 31 ලෝක ජනගහණය බිලියන 7 බවට පත්වූ බව එක්සත් ජාතීන් විසින් පිළි ගැනිනි. ඉන්දියාෙව් නාගිස් නම් දැරිය බිලියන 7 වන මානවයා බවට සලකනු ලබයි.
 
1700 සිට ඉදිරියට ඇතිවූ කාර්මික විප්ලවයත් සමඟ ජනගහන වර්ධනය ශීඝ්‍ර ලෙස ඉහළ යන ලදි. වෛද්‍ය විද්‍යවේ දියුණුව සහ කෘෂිකාර්මික නිෂ්පාදකතාවයේ සැළකිය යුතු ඉහළ යාම නිසා ගතවූ වසර 50 තුළ විශේෂයෙන්ම 1961 සිට 1995 දක්වා කාල පරිච්ඡේදයේදී වඩා ශීඝ්‍ර ජනගහන වර්ධන අනුපාතයක් දක්නා ලදි. 2055 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යාහැකි බව 2007 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය විසින් නිර්ණය කරන ලදි. අනාගතයේ ලෝක ජනගහන වර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වන බව අපපේක්ෂා කෙරේ. ආර්ථික කරණු, සෞඛ්‍යය පිළිබඳව සැලකීම, භූමිය හිඟ වීම සහ පාරිසරික උවදුරු හේතුවෙන් එතැන් සිට එය පහත වැටෙනු ඇත. සියවසේ අග භාගයට පෙර ලෝක ජනගහන වර්ධනය අවසන් වීමට 85% ක පමණ අවස්ථාවක් ඇත. වර්ෂ 2010 ට පෙර ලෝක ජනගහන බිලියන 10 නොඉක්මවීය හැකි බවට 60% ක සම්භාවිතාවයක් සහ ශතවර්ෂයේ අග භාගය වන විට ලෝක ජනගහන අදට වඩා අඩු විය හැකි බවට 15% ක පමණ සම්භාවිතාවයකුත් පවතී. විවිධ ප්‍රදේශ සඳහා උපරිම ජනගහනයේ දිනය සහ ප්‍රමාණය සැළකිය යුතු ලෙස වෙනස් විය හැක.
"https://si.wikipedia.org/wiki/ලෝක_ජනගහනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි