"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: kk:Телевидение
No edit summary
8 පේළිය:
රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී.
 
== රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ ==
 
රූපවාහනී සාහිත්‍ය නිර්මාණ පුළුල් පරාසයක් තුළ දිවයයි. ඒ අතර රසවින්දනාත්මක, තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් මේ අතර විශේෂ වේ. නිෂ්පාදනයේදී වැඩිම වියදමක් දැරිමට සිදුවන්නේ රස වින්දනාත්මක නාට්‍ය හා නාට්‍යමය කෙටි වැඩසටහන් නිර්මාණය කිරීමේදීය.කෙසේ වුවත් ඓතිහාසික හා බටහිර නිර්මාණ සඳහා වැය වන වියදමද ඉහළ අගයක පවතී. රසවින්දනාත්මක නිර්මාණ අතර පොලිස් කටයුතු,අපරාධ, රහස් පරීක්ෂක නාට්‍ය ,අත්භූත වින්දනාත්මක නිර්මාණ ආදියද වේ.එසේම නාට්‍යමය නිර්මාණ අතර වෛද්‍යමය නාට්‍යයද ,හුදෙක් පහත් ආශ්වාදයක් ඇති නිර්මාණද වේ.විද්‍යා ප්‍රබන්ධයන් එහි ඇති දාර්ශනික බව හා වීරත්වය අනුව නාට්‍ය හා රංග සහායට ඇතුලත් වන අතර අවස්ථානුකූලව ප්‍රහසන (Comedy) නිර්මාණ හා වැඩිහිටි පරපුර සඳහා සජීවී ප්‍රසංගයන් නිර්මාණය ද බහුලව වේ. උදා- South Park වියදම ඉතා අවමයෙන් කළ හැකි නිර්මාණ වන්නේ විනෝද [[Image:220px-Family_watching_television_1958.jpg |frame|thumb|alt=tiny globe|ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958]]
ක්‍රීඩා,කථික, විවිධ ප්‍රසංග හා සත්‍ය කථා ආදියයි.විනෝද අංශ අතර නරඹන්නන්ගෙන් ප්‍රශ්න විචාරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ඇතුළත් වේ. කථික ප්‍රසංගයන් අතර චිත්‍රපට රූපවාහිනී හා සංගීත ධරයන් සමඟ කෙරෙන සාකච්ඡා ගත නොහැකිය. විවිධ ප්‍රසංගයන් අතර රසවින්දනාත්මක සංගීත නිර්මාණ,විකට රුගුම් හා මැජික් සංන්දර්ශන දැකගත හැකිය. සමහර වැඩසටහන් එකිනෙක මිශ්‍රව පවතින අවස්ථාද ඇත. එනම් විශේෂිත කථික වැඩසටහන් සංගීතය ගායන හැකියාව මත මිශ්‍රව තිබෙන අතර සාමාන්‍ය ඉදිරිපත් කරන්නන් සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් පවත්වාගෙන යයි. Reality TV shows තුල විග්‍රහ කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ ආසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ අත්දැකීම්ය.එම අවස්ථා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කම්කරුවා දක්වා විහිදී යයි.
 
== වැඩසටහන් පටිගත කිරීම ==
 
රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම හා ඒවා මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැකිය. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළෙඳ පොළ වන අතර එමඟින් වෙළෙඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2 ක් මතය.
{|
|1. පළමු ධාවනය - නිෂ්පාදකයෙක් ඒක හෝ බහු කථාංගවලින් යුත් වැඩසටහනක් නිර්මාණය කරන අතර එය නිෂ්පාදනය සඳහා ගාස්තු ගෙවා ඇති හෝ නිෂ්පාදකයා මඟින් අවසර ලබා දී ඇති ජාලයක් මත ප්‍රදර්ශනය කරයි.
|-
|2. ව්‍යාපාරගත කිරීම - මෙය ද්විතීක වැඩසටහන්කරන භාවිතය විස්තර කිරීම සඳහා පුළුල්ව යොදා ගැනෙන වදනකි. මෙයට ප්‍රථම නිකුත් කිරීම සිදු කළ රටෙහි ද්විතීක ධාවන මෙන්ම නිෂ්පාදකයා විසින් පාලනය කරනු ලබන හෝ නොකර හෝ ජාත්‍යන්තර භාවිත ද ඇතුළත් වේ. බොහොමයක් අවස්ථාවලදී වෙනත් සමාගම් හෝ රූපවාහිනී නාලිකා හෝ පුද්ගලයන් හෝ ව්‍යාපාර කිරීමේ කාර්යයේ යෙදී ඇත. වෙනත් වචනවලින් පවසතොත් ප්‍රකාශන හිමිකම් ධාරකයන් ගෙන් හෝ බොහෝමයක් අවස්ථාවල නිෂ්පාදකයන්ගෙන් අවසර ලැබී ඇති වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන විකිණීම ලෙස ද මෙය හැඳින්විය හැකිය.
|-
|}
 
එක්සත් ජනපදයෙන් පිට ප්‍රථම ධාවන වැඩසටහන්ගතකරණය ග්‍රාහක සේවා මත වැඩියෙන් පවතින නමුත් සමහරක් ගෘහස්තව නිෂ්පාදනය කෙරුණු වැඩ සටහන් ගෘහස්ථ FTA මත ව්‍යාපාරගත වේ. කෙසේ නමුත් මෙම ක්‍රියා පිළිවෙල digital only FTA නාලිකාවල හෝ subscriber – only ප්‍රථම ධාවන ද්‍රව්‍ය මත වර්ධනය වේ.
 
එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාලගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි.
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
 
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි