"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:

== ලක්ෂණ ==

[[ගොනුව:Sun - August 1, 2010.jpg|thumb|left| සූර්යයා විසින් C3-පංතියේ සූර්ය ලෙළසිළුවක් (උඩු වම් කෙළවරෙහි සුදු කොටස), සූර්ය සුනාමියක් (උඩු දකුණු කෙළවරෙහි තරංග-වැනි ව්‍යුහය) සහ සූර්ය පෘෂ්ඨයෙන් පැන නගිනා චුම්කත්ව බහු කේසර විදහා පාමින්.]]
[[ගොනුව:Sun diagram.svg|thumb|right|සූර්යයාගේ ව්‍යුහය දක්වන නිදර්ශනයක්:
1. [[සූර්යය ගර්භය|ගර්භය]]
2. [[විකිරණ කලාපය]]
3. [[සංවාහී කලාපය]]
4. [[ප්‍රභාගෝලය]]
5. [[වර්ණගෝලය]]
6. [[රැස් වළල්ල]]
7. [[සූර්ය ලපය]]
8. [[කැටිත්ත (සූර්යය භෞතික විද්‍යාව)|කැටිති]]
9. [[සූර්ය නෙරුම|නෙරුම]] ]]
Line 164 ⟶ 165:

වසර 41,000 හෝ වසර 100,000 ක කාල ප්‍රාන්තරයන් තුළ සූර්ය මධ්‍යයයේ චුම්භක අස්ථාවරත්වයක් සිදුවීම මගින් චුම්භක බලපෑමේ යම් අඩු වැඩිවීම් සිදුවන බව නවතම සිද්ධාන්ත පවසයි. මෙම සිද්ධාන්ත අයිස් යුගය පිළිබඳව “මිලන්කොවිච් චක්‍රය” ට වඩා හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙයි. නමුත් අභ්‍යාවකාශ භෞතික විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත මෙන්ම මෙම සිද්ධාන්තය ද එකවර පරීක්ෂා කළ නොහැකිය.
== සූර්යයාගේ රුක් වළලු තාපන ගැටළු ==

සූර්යයාගේ දෘෂ්‍යමය මතුපිට (ප්‍රකාශ ගෝලය) ආසන්න වශයෙන් කෙල්වින් 6000 ක පමණ උෂ්ණත්වයක් පවතී. එහෙත් සූර්යයාගේ රුක්වළල්ලක උෂ්ණත්වය කෙල්වින් 1000000 පමණ වේ. ඒ අනුව සූර්යය රුක්වළල්ලකට ප්‍රකාශ ගෝලයෙන් සෘජුවම සන්නායක වන තාපයට අමතරව වෙනත් ක්‍රමයකින් තාපය ලැබිය යුතුය.

ප්‍රකාශ ගෝලයට පහතින්වන සංවහන කලාපයක සිදුවන ආකූල චලනයක් මගින් එම රැස් වළලුවලට අවශ්‍ය තාපය ලැබෙන බව මතයකි. එසේම එම රුක් වළලුවලට තාපය ලැබෙන ආකාරය පැහැදිලි කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් පවතී. පළමු යාන්ත්‍රණය තරංග යාන්ත්‍රණයකි. සංවහන කලාපයේ සිදුවන අනුකූලතාව ගුරුත්වජ සහ චුම්භක ජල ගතික නිසා හටගන්නා බව එම යාන්ත්‍රණය මගින් පෙන්වා දෙයි. එම තරංග ප්‍රකාශයන් වායුගෝලය හරහා ඉහළටම ගමන් කරන අතර සුර්යයා රැස්වළලු අවට අවකාශයට මුදාහරිනු ලබයි. හාත්පස පැතිර පවතින වාතයෙහි තාපක ලෙස මෙහි ශක්තිය ගබඩා කෙරේ.

අනෙක් යාන්ත්‍රණය චුම්භක තාපනයකි. එහිදී ප්‍රකාශ ගෝලයේ සිදුවන වෙනස්වීම් නිසා චුම්භක ශක්තිය නිරන්තරයෙන් වර්ධනය වේ. එම ශක්තිය චුම්භක ප්‍රතිබිම්භය මගින් විශාල සූර්යය ගිනිදලු සහ කුඩා ප්‍රමාණයේ ගණන් කළ නොහැකි තරමේ ගිනිදලු පිටතට මුදාහරිනු ලබයි.

තරංග කාර්යක්ෂම තාපන ක්‍රමවේදයක් දැයි තවමත් පැහැදිලි නැත. “ඇල්ෆනි” තරංග හැර අනෙක් සියළුම තරංග රැස්වළල්ලට පැමිණීමට ප්‍රථම විසිරී යෑම හෝ වර්තනය වී යෑම සිදුවන බව සොයා ගෙන ඇත. ඇල්ෆන් තරංග සාමාන්‍යයෙන් රැස් වළල්ල තුළදී විසිරී නොයයි. එම හේතු නිසා රැස්වළලු සංසිද්ධිය පිළිබඳව නව අධ්‍යනයන් සිදු කරමින් පවතී. එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව දැනට සුළු වශයෙන් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් එය ගවේෂණය සදහා විවෘත මාතෘකාවක් සපයා ඇත.

'''සෛද්ධාන්තික ගැටළු - සුර්ය නියුට්රිනෝව පිළිබද ගැටළුව'''

බොහෝ වසරවල පෘථිවිය තුළ නිරීක්ෂණය කරන ලද සුර්ය ඉලෙක්ට්‍රෝන නියුට්රියෝන ප්‍රමාණය සම්මත සූර්ය ආකෘතිය මත පදනම්ව අපේක්ෂා කරන ලද ප්‍රමාණයෙන් තුනෙන් එකක් හෝ අර්ධයක්ව පැවතුණි. මෙම පරස්පර විරෝධීතාවය අඩු කළ යුතුය. නැතහොත් සූර්ය නියුට්රිනෝව සුර්යයා සහ පෘථිවිය අතර ගමන්කිරීමේදී නිරීක්ෂණය කළ නොහැකි tau බවට හෝ මියුඔන් නියුට්රියෝව” බවට පරිවර්තනය විය යුතුය. යන්න එම සිද්ධාන්තවල සදහන්ව තිබිණි.

වර්ෂ 1980 දී පමණ සූර්යය නියුට්රිනෝව වඩා නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ස්බිඩරි නියුට්රිනෝ නිරීක්ෂකාගාරය, කැමියොක්නෙඩ් නිරීක්ෂකාගාරය සහ කැමියොක්නේඩ් නිරීක්ෂණාගාරය ඇතුළත නිරීක්ෂණාගාර රැසක් පිහිටුවනු ලැබිණි. එම නිරීක්ෂණාගාරවල ප්‍රතිඵල අනුව සූර්ය නියුට්රිනෝව ඉතා කුඩා ශේෂ ස්කන්ධයන්ගෙන් සමන්විත බව සොයා ගැනුණි. 2001 වසරේදී සඩ්බරි නියුට්රිනෝවල ප්‍රභේද තුනම සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකිවිය. තවද එමගින් සූර්යයා නියුට්රිනෝ හිටවීමේ සමස්ත ශිඝ්‍රතාවය සම්මත සූර්යය ආකෘතිය හා එකග බවද සොයාගනු ලැබීය.

සූර්යයා නියුට්රිනෝවේ සමස්ත ශක්තියෙන් තුනෙන් එකක් පමණ සුළු ප්‍රමාණයක් පමණක් පෘථිවිය තුළදී ඉලෙක්ට්‍රෝන නියුට්රිනෝ මාදිලියෙන් දැකගත හැකි බවද සොයා ගැනුණි. මෙම සමානුපාතය නියුට්රිනෝව ස්කන්ධය බවට පත්වීමේ ක්‍රමය ගැන පැහැදිලි කරන මික්හේයිව් - ස්මිර්නෝව් -වුල්ෆෙන්ස්ටෙයින් සංසිද්ධිය සමග මනාව ගැලපේ. එහෙයින් සූර්යය නියුමිනෝව පිළිබද ගැටළුව විසදුණි.

'''අඳුරු තරුණ සූර්ය ගැටළුව'''

සෛද්ධාන්තික ආකෘති මගින් අදින් වසර බිලියන 3.8 ත් 2.5ත් අතර ප්‍රාග් කේම්බ්රියා යුගයේ දී සූර්යයාගේ වර්තමාන දීප්තියෙන් 75% පමණ ගහණය කර ඇත. එවන් දුර්වල සූර්යයයෙක් මගින් පෘථිවිය මත ද්‍රව හා ජලය නොපවතී. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක ආදර්ශනයන් මගින් පෘථිවිය තම අතීතය තුළ ස්ථායී උෂ්ණත්වයක් දරා සිටි බව පෙන්වාදී ඇත. සැබවින්ම මුල්කාලයේ පෘථිවිය දැන් පවතින පෘථිවියට වඩා තරමක් උණුසුම්ව පැවතිණි. එකළ පෘථිවි වායුගෝලය තුළ වර්තමානයට වඩා වැඩි ප්‍රතිශතවලින් හරිතාගාර වායූන් (කාබන්ඩයොක්සයිඩ් , මීතේන් , සහ ඇමෝනියා වැනි) අඩංගුව පැවති බවට විද්‍යාඥයින් තුළ ඒකමතිකභාවයක් පවතී. එම වායූන් මගින් පෘථිවිය කරා පැමිණෙන සූර්යය විකිරණය රදවා ගැනීම මගින් පෘථිවිය මත අවශ්‍ය තරම් තාපයක් රදවා ගනී.

== නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය ==

[[Image:The_sun1.jpg|thumb|පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දම]]
සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ‍ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා ‍නොවේ. සූර්යයා දෙස ‍බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත ‍වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.

ද්වීනේත්‍ර දුරදක්න (Binocular) වැනි ආලෝකය ඒකරාශ්‍රී කරන උපකරණ වල නියමිත. UV කිරණ අවහිර කරන පෙරහන් සවිකර නොමැත්තේ නම් මේවා තුලින් සුර්යයා දෙස බැලීම ඉතාමත් හානිකරයි. පෙරහන් රහිත ද්විනේත්‍ර දුරදක්නා මඟින් පියවි ඇසින් බලන විට දී වඩා 500 ගුණයකින් වැඩි ශක්තියක් ඇසට ඇතුලුවන බැවින් ක්ෂණිකවම දාෂ්ටි විතානයේ සෛල මරුමුවට පත් වේ. මධ්‍යහන ඉර දෙස පෙරහන් රහිත ද්විනේත්‍ර දුර දක්නා වලින් ඉතා කෙටි කාලයක් සුර්යයා දෙස බලාසිටිමෙන් ද ඇස් අන්ධ වීමේ ඉඩ කඩක් පවතී.

සූර්යයා දෙස ආරක්ෂිතව බැලීය හැකි එක් ක්‍රමයක් වන්නේ දුරදක්නය හෝ උපනෙත තුලින් පැමිණෙන ඡායාව තිරය මතට පතිත කිරිමෙනි. නමුත් ඇතැම් දුරදක්න වලට මෙම ක්‍රියාවේ දී හානි ඇතිවිය හැකි බැවින් මේ සඳහා භාවිතා කළ හැක්කේ කුඩා පරාවර්තන දුරදක්න හෝ ද්වීනේත්‍ර දුරදක්න පමණි.

අර්ධ සූර්යග්‍රහණ පියවි ඇසින් නැරඹිම හානිකර වන්නේ එහිදී ඇතිවන අසාමාන්‍ය ලෙස අධික දෘෂ්ටියට සරිලන පරිදි ඇසේ කණිනිකාව සැකසෙන්නේ නැති බැවිනි. මෙහිදි ඇසට සිදුවන හානිය කිසිදු වේදනාවකින් තොර වන අතර අන්ධ බව ඇතිවන්නේ තරමක කාලයකට පසුවය.

== සටහන් ==

==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|group=සටහන}}

==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි