"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: iu:ᓄᓇ
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: gd:Saoghal; cosmetic changes
55 පේළිය:
== පෘථිවි පෘෂ්ඨය ==
 
[[Imageගොනුව:AYool_topography_15min.png|thumb|වර්තමාන කාලයේ අහසේ උස මැනීම සහ අගාධ මිතිය. ජාතික භෞතික දත්ත මධ්‍යස්ථානයේ භූමි භාග පදනමේ ඩිජිටල් ටෙරේන් මොඩලයනි.]]
පොළවේ භූමි ප්‍රදේශය තැනින් තැන මහත් වෙනස්කම්වලින් යුතුවේ. පොළව මතුපිට 70.8% ජලයෙන් යටවී ඇති අතර වඩාත් මහද්වීපික ගල්පර පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට පහලින්ය. ලෝපුරා ජලයෙන් යටවූ ප්‍රදේශවල සාගරය මැද විහිදුන කඳුවැටි පන්ති, මුහුද යට ඇති ගිනිකඳු, සාගර අඟල්, මුහුදු යට කඳු අතර ඇති විශාල වළවල්, තැනිතලා සහ ආගාධ ඇතුළු අංගයන්ගෙන් යුක්තය. ජලයෙන් යට ‍නොවී ඇති ඉතිරි 29.2% වූ ප්‍රදේශය කඳු, කාන්තාර, තැනිතලා සහ වෙනත් දැයින් යුක්තය.
 
 
ග්‍රහලෝකවල පිටතලය ටෙ‍ක්ටෝනික් හා සෝදා පාලුව නිසා භූ විද්‍යාත්මකව කාලයක් තිස්සේ නැවත හැඩ ගැසෙමින් පවතී. තැටි හෝ ටෙක්ටොනික් මඟින් සෑදුණු හෝ අංග වෙනස් වී පිටිතල අංග යටට බේරීමෙන්දැඩි දේශගුණික අවස්ථාවන්ට අනුගතවීම සිදුවේ. උෂ්ණත්වය සහ රසායනික හේතූන් නිසා හිමි දියවීම, වෙරළ ඛාදනය, කොරල් වැටි විනාශ වීම සහ විශාල උල්කාපාත ගැටීම් ද භූමි දර්‍ශනය වෙනස් වීමට හේතු වේ.
 
 
මහාද්වීපික පෘථිවිතල ග්‍රහලෝකය හරහා යෑමෙන් සාගර පතුල යට ප්‍රධාන මායිම් ඇතිවීමත්, ඒ අතරම ආවරණ ද්‍රව්‍ය ඇතිවීමත් හේතුවෙන් එකිනෙකට වෙනස් සීමාවන් සාගර මැද දිගටම ඇතිවේ. මේ ක්‍රම සම්බන්ධවීමෙන් සාගර පෘථිවිතල දිගටම ඇතිවේ. මුහුදු පතුලේ වැඩිහරියක්ම පෘථිවිතල වයසින් අවුරුදු මිලියන 100 ට අඩුවේ. පැරණිම සාගර තැටිය පිහිටා ඇත්තේ බටහිර පැසිපික්හීය. ඇස්තමේන්තුගත වයස අවුරුදු මිලියන 200 පමණ වේ. සංසන්දනාත්මකව බැලීමේ දී පෘථිවියෙන් සොයා ගනු ලැබු පැරණිම ගල් වූ ඇටකටු අවුරුදු මිලියන 3 ක් පමණ පැරණිය.
 
 
ගින්නෙන් සෑදුනු පර්‍වත, කළුගල් සහ ඇන්ඩිසයිට් වැනි ඝනතාවයෙන් අඩු ද්‍රව්‍ය මහද්වීපික තැටිවල අඩංගු ‍වේ. සුලබත්‍වයෙන් අඩු 'බසාල්ට්' ඝන ගිනිකඳු ගල් පර්‍වතයකි. මඩ එක්කාසුවී එකට තද වීමෙන් 'සෙඩිමෙන්ටිරි' පර්‍වත සෑදී ඇත. මහද්වීපික පිටිතල වලින් 75% ම සෙඩිමෙන්ටිරි පර්‍වත වලින් ආවරණය වී ඇති නමුදු ඒවා භූ පටලයෙන් 5% පමණ සෑදේ. පොළවෙහි හමු වී ඇති තුන්වැනි පර්‍වත ද්‍රව්‍ය මෙටාමෝෆික් පර්‍වතය. අධික පීඩනය හා අධික උෂ්ණය යන දෙකම හේතුකරගෙන සැකසුණු ගල් වර්‍ගයකින් මෙම පර්වත නිර්මාණය වී ඇත. පෘථිවියේ මතුපිට වඩා බහුල ඇති සිලිකොට් ඛනිජ වල තිරිමාණ, පෙල්ස්පාර්,ඇම්fපිබෝල්, මයිකා(තලාතු මිනිරන්), පයිරෝසින් සහ ඔලිවීන්(මැග්නීසියම් හා යකඩ අඩංගු ඛනිජ විශේෂයක්)ය. පොදු කාබනේට් ඛනිජ ඇතුලත් වන්නේ කැලසයිට් (හුණු ගල්වල තිබේ) ඇගෙනයිට් සහ ‍ඩොලමයිට්වලය.
 
 
පෘථිවියේ පිටස්තරම තට්ටුව පෙඩොස්ෆියර් වන අතර එය සෑදි ඇත්තේ පස්වලිනි. එය පස් සැකසීමේ ක්‍රියාවලියට යටත් වේ. එය පැවත එනුයේ ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය සහ ජෛව ගෝලය ඇතුලතය. දැනට ගොඩබිමෙන් වගා කල හැකි බිම් ප්‍රමාණය 13.31% කි. එහි උපකාරක ස්ථිර ඵලදාව 4.71% වේ. පෘථි‍වියේ ගොඩබිම මත්තෙන් 40% ආසන්න භූමි ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්වී ඇත. එමෙන්ම ඇස්තමේන්තු ගත 1.3 x 107 කි.මි. පළදා බිම් සහ 3.4 x 107 කි.මි. ප්‍රමාණයක් තණ බිම් ද වේ.
 
[[Imageගොනුව:-Earth_elevation_histogram_2.svg.png|thumb|පෘථිවි පිටිතලයේ හිස්ටොග්‍රැම් නැග්ම ඉතා කිට්ටු වශයෙන් පෘථිවි පිටිතලයේ 71% ක් ජලයෙන් යටවී ඇත.]]
පෘථිවි පිටිතලයේ ගොඩබිම් නැග්ම මළ මුහුදේ මීටර් 418 සිට මවුන්ට් එවරස්ට් මුදුන තෙක් වර්ෂ 2005 දී ඇස්තමේන්තු ගත උපරිම උස මිටර් 8848 කි.
 
78 පේළිය:
== භූකාරක තැටි ==
 
[[Imageගොනුව:Tectonic_plates_(empty).svg.png|thumb|පෘථිවියේ ප්‍රධාන භූකාරක තැටි]]
 
භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනී ඇත්තේ ස්ථර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ඝනීභවනය වු ප්රාවරණයෙහි ඉහළ කොටසෙනි. ශී‍ලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවරණයේ ඇතුල් කොටසිනි. අධෝ‍ගෝලය සුපිරි තාපන ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්වයක පවතී.
 
ශීලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව විවිධ කාල සීමාවන්වලදී තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම් අභීසාරී, අපසාරී හා පරිණාමන වේ. අවසානයට සඳහන් කළ ආකාරයට තල එකිනෙක හා චලනය වීමෙන් තිරස් විභේදන දෝෂය නැමැති තත්වය ඇතිවේ. භුමිකම්පා, ගිනිකඳු ක්‍රියාකාරිත්වය, කඳු සෑදීම හා සාගර අඟල් ඇතිවීම මෙම තල සීමා ඔස්සේ සිදු විය හැක.
 
ප්‍රධාන තල වන්නේ,
114 පේළිය:
 
 
කුඩා තල අතර ඉන්දියානු, අරාබි, කැරිබියන්, දකුණු ඇමරිකාවේ බටහිර වෙරලාශ්‍රිත නැස්කා (Nazca) හා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ස්කෝටියා(scotia) තලය ප්‍රධාන වේ. වසර මිලියන 50-55 අතර කාලයකදී ඔස්ට්‍රේලියානු හා ඉන්දියානු තල එකිනෙක සම්බන්ධ විය. වඩාත්ම වේගයෙන් චලනය වන්නේ සාගර තල වන අතර Cocos තලය වර්ෂයකට 75 mm වේගයෙන්ද, පැසිෆික් තලය වර්ෂයකට 52-69 mm ප්‍රමාණයකින්ද චලනය වේ. අනෙක් අන්තය සලකා බැලුව විට යුරේසියානු තලය අවම වේගයකින් චලනය වන තලය වන අතර එය වර්ෂයකට 21mm කින් චලනය වේ.
 
== පෘථිවි වායුගෝලය ==
 
[[Imageගොනුව:Top_of_Atmosphere.jpg|thumb|පෘථිවිය වටා ඇති වායු තට්ටුව]]
 
 
පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි.. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැදී තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්‍ර වශයෙන්ද, වෙනස් වන ප්‍රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝල‍ය පෘථිවියේ ජිවින් ආරක්ෂා කරනුයේ සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල වැනි අහිතකර කිරණ උරා ගැනීමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.
 
 
වායු‍ගෝලයත්, පිටසක්වළත් අතර ස්ථිර මායිමක් නොමැත. එය සෙමින් සෙමින් තුනී වි අවකාශයට නැතිවී යයි. වායුගෝලයෙන් ¾ ඇත්තේ ග්‍රහ ‍ලෝකයේ මතුපිට සිට කි.මී. 11 ඇතුලත වේ. එක්සත් ජනපදයේ සිට කි.මී. 80.5 (සැ.50) පමණ උසකින් ගමන් කරන මිනිසුන් ගගනගාමීන් ලෙස නම් කෙරේ. කි.මී. 120 (සැ.75 ක් හෝ අඩි 400,000) සීමාවට නැවත ඇතුල් වීමේදී දී වායුගෝලයේ ප්‍රතිඵල පෙනේ. පොළවේ සිට කි.මී. 100 ක් පමණ උසකදී (සැ.62, හෝ 328,000) පිහිටි කර්මාන් රේඛාව වායුගෝලයේ හා පිටසක්වල අතර සීමාව සේ සැලකේ.
 
[[Fileගොනුව:AtmosphCirc2.png|thumb|right|An idealised view of three large circulation cells.]]
 
== පීඩනය හා ඝනත්වය ==
 
 
මුහුදු මට්ටමේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය කිලෝ පැස්කල් 101.3 (14.7px ) වේ. මුළු වායුගෝලීය ස්කන්ධය කි.ග්‍රෑ. 5.136 x 108 පමණි.
 
පීඩනය මනිනු ලබන ස්ථානයට ඉහළින් වාතයේ මුළු බර වායු භාර ප්‍රමාණයේ සෘජු ප්‍රතිඵලයකි. මෙයින් අදහස් කෙරෙන්නේ වායු පීඩනය, පිහිටීම හා වේලාව අනුව වෙනස් වන බවයි.
 
මක්නිසාද යත් පොළොවට ඉහලින් ඇති වාතයේ බර ප්‍රමාණය, පිහිටීම හා රත්වීම සමඟ වෙනස්වේ. උස සමඟ වායුගෝලීය පීඩනයද අඩු වේ. එනම් 5.6 km (අඩි 18000) දී, 50% පමණ වායු ප්‍රමාණය අඩුම කි.මී. 5.6 ඇතුළතය.පොළොව මට්ටමෙන් ඉහළට යන,සෑම කි.මී. 5.6 ක දී ම වායුගෝලීය පීඩනය ආසන්න වශයෙන් හරි අඩකින් අඩුවේ.කෙසේ වෙතත් වායුගෝලීය තීරුවේ උෂ්ණත්වය දිගටම වෙනස් වීම නිසාත්, විශාල උස් ප්‍රමාණයක දී ගුරුත්වාකර්ෂණය අඩු වීමට පටන් ගැනීමත්, තනි සමිකරණයක් වායු පීඩනයේ සියලු තැන් නොසෑදෙන නිසාත් ය .(ඉහත දී ඇති සමීකරණයේ අඩු වී යන තට්ටු 7 ක් සෑදේ)
එක්ස්සොස්ෆියර් හිදී වූවද වායුගෝලය දැනටත් පවතී. (දැකිය හැකි පරිදි උදා : වශයෙන් සැටලයිට්වල වායුව ඇඳ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැකිය හැකිය)
 
157 පේළිය:
පොළවට පතිත වන කිරණ ලඝු තරංගය වේ. (Short wave) ඒ අනුව පහත ඇති සමීකරණය ලඝු තරංග සමතුලිතය (Q2) වේ.
 
Qs = G - R = D + H - R හෝ ප්‍රභානුපාතය (Albedo) = G (1-a)
* G = පොළොවේ විකිරණ
* D = සෘජු කිරණ
164 පේළිය:
* a = ප්‍රහානුපාතය
 
පෘථිවි තලයත් වායුගෝලයත් තාප කිරණ මුදා හරි. මේ නිසා සුර්ය කිරණ සමග උපපරිපතනය (Overlap) සිදු වේ. මේවා දිගු තරංග වේ (q1)
 
Q1 = AE = AO - AG
181 පේළිය:
 
අභ්‍යන්තර හා පිටත සාධක තුළ සහ සම්බන්ධතාවයක් තිබේ. හිරු කිරණ වැඩි වු විට සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ජලය දරා ගැනීමේ හැකියාව වැඩි වේ. මේ මඟින් වලාකුළු ඇති වේ. මේ නිසා ප්‍රභානුපාතය වැඩිවේ.මෙය සංකීර්ණ වන්නේ ඉහත ශාඛා නිසාය.මේ නිසා මේ සංකල්පය ඉතා වැදගත් වේ.
 
 
[[ප්‍රවර්ගය:ග්‍රහලෝක - සූර්ය ග්‍රහ මණ්ඩලය]]
Line 244 ⟶ 243:
[[ga:An Domhan]]
[[gan:地球]]
[[gd:An Saoghal]]
[[gl:Terra]]
[[gn:Yvy]]
"https://si.wikipedia.org/wiki/මහ_පොළොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි