"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
143 පේළිය:
[[Image:Quran_fragment_33,73-74.jpg|thumb|13 වැනි ශත වර්ෂයේ කුරානයේ පිටුවක්]]
 
මෙම භය භක්තියෙන් පිරුණු විශ්වය ජනක පාරායනාවන් සරලව පැහැදිලි කර ඇත.එම වාක්‍ය ආයත් නම් වේ. අද බොහෝමයක් ජනයා අනුගමනය කරන අනුකරණ ක්‍රමය වන්නේ දස පනතයි. මෙය මුස්ලිම්වරු අතර විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති බව නොරහසකි. මාලික් බින් අකස් සඳහන් කරන පරිදි වෙනස් උච්චාරණ විධි අනුගමනය කරන පිළිවෙත ගැන ශුද්ධ නබි තුමා ගෙන හැර දක්වා ඇති ආකාරය පිළිබඳව අබ්දුර්රහ්මාන් ඉබ්න් අබ්දි අල්කාරි මෙසේ පවසයි. මා ඉදිරියේ උමර් ඉබ්නු කන්තාබ් මෙසේ කීය. හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් සුරා ෆර්කාන් කියවූ ආකාරය මම අසා සිටියෙමි. එය මම කියවන ආකාරයට වඩා වෙනස් විය. තවද මුහම්මද් නබි තුමා එම සුරාව මා ඉදිරියේ පාරායනය කළේය. නබි තුමා එය පාරායනය කිරීම ඇසූ විගස එය කියවූ විලාසය ග්‍රහණය කර ගැනීම මට අවශ්‍ය විය. කෙසේ වෙතත් නබි තුමා නැමදීම අවසන් කරන තුරු ඉවත සිට කබායෙන් අල්ලා නතරකර මෙසේ ඇසුවෙමි. හිෂාව් ඉබ්නු හකීම් ඉබ්න් හිසාම් සුරා ෆුර්කානය ඔබ මට පාරායනය කර පෙන්වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකට පාරායනය කළේය. එවිට ඔහුට නිදහසේ සිටීමට ඉඩ හරින ලෙස උමර් (රලි)ට පවසා හාෂිව් දෙසට හැරී “කියවන්න” යනුවෙන් පැවසීය. එවිට උමර් (රලි) තුමා හාෂීම් වා ඉදිරියේ කියවූ ආකාරයටම සුරා ෆුර්කාන් කියවන ලදී. යනුවෙන් පැවසීය. එය එසේ පහළ වූ බව නබිතුමා පැවසීය. එවිට නබි තුමා එය පාරායනය කරන ලෙස මට පැවසූ නිසා මම ද පාරායනය කළෙමි. එය ද මෙසේ පහළ වූ බව නබිතුමා පවසා සිටි අතර ශුද්ධ වූ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර 7 ක් ඇති බවත් එයින් තමන්ට පහසු ඕනෑම ආකාරයකට පාරායන කිරීම සුදුසු බවත් පැවසීය. පහළොස් වැනි ශතවර්ෂයේ විසූ සුප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ සුයුති ලියා ඇති තොරතුරු අනුව ඉහත සඳහන් හදීසය වෙනස් වූ ආකාර 40 ක් ඇති බව ගවේෂණය කර ඇත. ඔහු පවසන්නේ තමන් නිගමනය කර ඇති ආකාරයට මෙම හදීසය සමහර අවස්ථාවල තේරුම් ගැනීම අපහසු බවය.
 
බොහෝ අයගේ අදහස වන්නේ වෙනස් ආකාරවලට පාරායනය කිරීමේ දී ගැටලු සහගත අවස්ථා මතු වන බවය. අබු අබ්දුර්රහ්මාන් අල් සුලාමි සඳහන් කරන්නේ අබුබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) සහ සෛයිද් ඉබ්නු සාබිත් ඇතුළු නබිතුමා සමඟ මක්කාමෙන් මදීනාවට ගිය සංක්‍රමණිකයන් සහ මදීනාවාසීන් පාරායනය කළ ආකාර සමානය. මෙම පාරායනා ක්‍රමය කිරාත් අල් අම්මාන් ලෙස හැඳින්වෙයි. නබිතුමා කාල ක්‍රියා කළ අවුරුද්දේ ජබ්රීල් (අලෛ) දෙවරක් පාරායනා කර පෙන්වූ පරිදි එය පරායනය කෙරේ. සෛද් ඉබ්නු සාබිත් (රලි) තුමා ද පාරායනය කළේ අර්ධාහි ආකිරා නම් වු එම පරායන ක්‍රමයටමය. ඔහුගේ අවසානය දක්වාම මිනිසුන්ට පාරායනය කර පෙන්වූයේ ද මෙම ක්‍රමයටමය. ඉබ්නු සීරීන් පවසන්නේ අද ජනතාව අල් කුරානය පාරායනය කරන්නේ ද එදා ජිබ්රීල් (අලෛ) තුමා, මුහම්මද් නබි (සල්) තුමාගේ අවසාන අවුරුද්දේ පාරායනය කර පෙන්වූ ආකාරයටමය. ජාවද් අහමද් ගාමදී උපුටා දක්වන්නේ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර ඇත්තේ එකක් වන අතර එය කිරාත් හෆ්ස් නොහොත් ව්‍යවහාර භාෂාවෙන් කිරාත් අල් - අම්මාහ් නම්වේ. එදා මුහම්මද් නබි තුමාට අල් කුරානය පහළ වූණේ නබි තුමාගේ ගෝත්‍රය වන කුරෛෂ් ගෝත්‍රයටම ආවේණික වූ භාෂාවෙනි. කෙසේ වෙතත් හෆ්ස් හෙවත් කිරාත් අල් අම්මාහ් ලෙස හැඳින්වෙන ක්‍රමයට පාරායනය කිරීමේ දී ඉරාක් හී කුෆා වැසියන් පාරායනය කරන ක්‍රමය නබි තුමා ජීවත් වූ නගරයේ වැසියන් වන මදීනා වාසීන් පාරායනය කළ ක්‍රමයට වඩා මඳක් ගැටලු සහගත බව හඳුනාගෙන ඇත. මදීනා වැසියන් පාරායනය කරන්නේ “නාෆී” ක්‍රමයට බවත් එය අනුගමනය කිරීමක් බවත් මාලික් ඉම්ම් තුමා පවසා ඇත.
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි