"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
120 පේළිය:
ශුද්ධ වූ අල් -කුර්ආනයේ සුභ පණිවිඩය ලොවට විදහා දැක්වීමට නොයෙකුත් ආකාරයේ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ගෙන ඇත. කුර්ආනයේ අභ්‍යන්තර හරය පැහැදිලි කර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දින ගැනීම සඳහා එකල ජනයා භාවිතා කළ ආවේණික අරාබි භාෂාව උපයෝගී කරගෙන වාක්‍ය හා පරිච්ඡේද පෙළ ගන්වා ඇත. වචන උච්ඡාරණය කළ යුතු ආකාරය හා ලිවීමට සරල භාෂා ශෛලියක් උපයෝගී කර ගනිමින් ජනයාගේ සිත් ඇද ගන්නා ස්වරූපයෙන් මෙය නිමාන වී ඇත. අරාබි විද්වතුන්ගේ සම්මත පිළිගැනීමක් වන්නේ අල් කුර්ආන් ග්‍රන්ථයන් අනෙකුත් සාහිත්‍ය කෘති ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. නමුත් මුස්ලිම්වරුන් ස්ථිර ලෙස පවසන්නේ ශුද්ධ වූ අල්-කුර්ආනයේ විස්තරය හා විලාසය අනුකරණය කළ නොහැකි බවයි. රිචඩ් ගොතෙයිල් සහ සිග්මන්ඩ් ෆ්රෑන්කල් යන දෙදෙනා යුදෙව් විශ්වකෝෂයේ සඳහන් කරන ආකාරයට පැරණිතම අල් කුර්ආන් කොටසක් එහි වැදගත් තොරතුරුවලින් එහි භාෂාව වැරදි ලෙස හසුරුවා කෙටියෙන්, අහඹු ලෙස හා එකකට පසු තවකෙක් යන ක්‍රියාදාමයට අනුකූලව ක්ෂණිකව වෙනස් කර ඇත. ශුද්ධ අල්කුර්ආනය ඉතාමත් සූක්ෂම අයුරින් පැහැදිලිව හා නිවැරදිව සැලකිල්ලට ගනිමින් එහි එලිසමය නිරවුල්ව පවත්වා ගෙන ඇත. පසුව පහළ වූ කුර්ආන් පාඨවල ද මෙම තත්ත්වය ඉහළ මට්ටමක පැවතුණ ද එහි නිහඬ බව හා එය හසුරුවා ඇති විලාසය ගැන වාද විවාද පවතී.
== සාහිත්‍යමය උපයෝගීතාවය ==
137 පේළිය:
|2. අරාබි භාෂාවේ අක්ෂර ගලපා වාක්‍ය ඛණ්ඩ හා සම්පූර්ණ වාක්‍යය තැනීමේ නීති රීතිවලට අනුකූල විය යුතුය.
|-
[[Image:Quran_fragment_33,73-74.jpg|thumb|13 වැනි ශත වර්ෂයේ කුරානයේ පිටුවක්]]
▲අරාබි භාෂාවේ භාෂා ව්‍යාකරණයට අනුව සමහර වාක්‍ය පාරායනයේ දී එය උච්ඡාරණය කරන ආකාරය (තෂ්කිල්) ගැටළු සහගතය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රියා පදයක වචන උච්ඡාරණය කිරීමේ දී එය සිදු වෙමින් පවතින හෝ සිදුවී අවසන් වූ ක්‍රියාවක් ලෙස වෙනස් විය හැකිය. එසේම වචනයක් උච්ඡාරණය කිරීමේ දී හුස්ම ගෙන නතර නොකර එය දීර්ඝ ලෙස හෝ කෙටියෙන් පාරායනය කර නැවැත්වීමට නියමිත ස්ථානවල නැවැත්වීම හෝ දිගටම පාරායනය කිරීමේ නීති රීතිවලට එකඟව පිළිපැදිය යුතුය. උදාහරණයක් ලෙස දේව දූතයන්ගේ උසස් “ජීබ්රීල්” (අලෛ) තුමාගේ නම උච්ඡාරණය කරන ආකාර කිහිපයක් ඇත. “ජිබ්රිල්” “ජබ්රිල්” ජිබ්රිඉල්, ජිබ්රඊල් යනුවෙනි. “කුර්ආන්” යන නම උච්ඡාරණය කළ යුත්තේ “හම්ස්” යන අක්ෂරය උපයෝගී කර නොගෙනය. එසේම නබි “ආබ්‍රහම්” නම උච්ඡාණය කිරීමේ දී ඉබ්‍රාහීච් ලෙසය. තවද බොහෝ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘන් වන “හෆ්ස්” “වර්ෂ්”, “කලුෆ්” , සහ “අල්දුර්” යන අය විසින් සඳහන් කරන ලදයැයි යන්න අබු අම්ර් ගේ අදහසයි. ඒ අනුව මුස්ලිම්වරු තරයේ විශ්වාස කර පිළිගන්නේ මේ හැම ආකාරයකම උච්චාරණ ස්වරූපයද මුහම්මද් නබි (සල්) තුමා උච්චාරණය කළ ඉස්ලාමීය නීති රීතිවලට අනුකූල බවය.එමෙන්ම මුහම්මද් නබි (සල්) තුමාගේ රුවන් වැකි පොත් කර පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් ව්‍යාප්ත කිරීමට දායකවූ විශ්වාසවන්ත අයගේ නාමාවලිය අඛණ්ඩව පැවති බවට පිළිගත් හා පිලිපැදී ක්‍රමයන් ඉස්ලාමීය නීතිරීතිවලට එකඟ හා අනුකූලද වේ.
මෙම භය භක්තියෙන් පිරුණු විශ්වය ජනක පාරායනාවන් සරලව පැහැදිලි කර ඇත.එම වාක්‍ය ආයත් නම් වේ. අද බොහෝමයක් ජනයා අනුගමනය කරන අනුකරණ ක්‍රමය වන්නේ දස පනතයි. මෙය මුස්ලිම්වරු අතර විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති බව නොරහසකි. මාලික් බින් අකස් සඳහන් කරන පරිදි වෙනස් උච්චාරණ විධි අනුගමනය කරන පිළිවෙත ගැන ශුද්ධ නබි තුමා ගෙන හැර දක්වා ඇති ආකාරය පිළිබඳව අබ්දුර්රහ්මාන් ඉබ්න් අබ්දි අල්කාරි මෙසේ පවසයි. මා ඉදිරියේ උමර් ඉබ්නු කන්තාබ් මෙසේ කීය. හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් සුරා ෆර්කාන් කියවූ ආකාරය මම අසා සිටියෙමි. එය මම කියවන ආකාරයට වඩා වෙනස් විය. තවද මුහම්මද් නබි තුමා එම සුරාව මා ඉදිරියේ පාරායනය කළේය. නබි තුමා එය පාරායනය කිරීම ඇසූ විගස එය කියවූ විලාසය ග්‍රහණය කර ගැනීම මට අවශ්‍ය විය. කෙසේ වෙතත් නබි තුමා නැමදීම අවසන් කරන තුරු ඉවත සිට කබායෙන් අල්ලා නතරකර මෙසේ ඇසුවෙමි. හිෂාව් ඉබ්නු හකීම් ඉබ්න් හිසාම් සුරා ෆුර්කානය ඔබ මට පාරායනය කර පෙන්වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකට පාරායනය කළේය. එවිට ඔහුට නිදහසේ සිටීමට ඉඩ හරින ලෙස උමර් (රලි)ට පවසා හාෂිව් දෙසට හැරී “කියවන්න” යනුවෙන් පැවසීය. එවිට උමර් (රලි) තුමා හාෂීම් වා ඉදිරියේ කියවූ ආකාරයටම සුරා ෆුර්කාන් කියවන ලදී. යනුවෙන් පැවසීය. එය එසේ පහළ වූ බව නබිතුමා පැවසීය. එවිට නබි තුමා එය පාරායනය කරන ලෙස මට පැවසූ නිසා මම ද පාරායනය කළෙමි. එය ද මෙසේ පහළ වූ බව නබිතුමා පවසා සිටි අතර ශුද්ධ වූ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර 7 ක් ඇති බවත් එයින් තමන්ට පහසු ඕනෑම ආකාරයකට පාරායන කිරීම සුදුසු බවත් පැවසීය. පහළොස් වැනි ශතවර්ෂයේ විසූ සුප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ සුයුති ලියා ඇති තොරතුරු අනුව ඉහත සඳහන් හදීසය වෙනස් වූ ආකාර 40 ක් ඇති බව ගවේෂණය කර ඇත. ඔහු පවසන්නේ තමන් නිගමනය කර ඇති ආකාරයට මෙම හදීසය සමහර අවස්ථාවල තේරුම් ගැනීම අපහසු බවය.
|