"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
111 පේළිය:
තවද අල්ලාහ් විසින් තෝරා ගන්නා ලද සමහර උසස් පුද්ගලයන්ට යම් තරමකට එහි විස්තර විග්‍රහය ඉදිරිපත් කළ හැකිය. ඉතාමත් පැරණි අල් කුර් ආන් විග්‍රහයක ෂියා ඉස්ලාම්වරුන්ගේ අදහස් ගැබ්වී ඇති අතර එය ආත්මීය හා අධ්‍යාත්මීය තොරතුරුවල එකතුවක් සුෆිවරු සමඟ එකඟතාවයකට පැමිණ ඉදිරිපත් කර ඇත. ඉමාම් අලි සහ ජඃෆර් අල් සාදික් ෂියාවරුන්ගේ සහ සුන්නිවරුන්ගේ ග්‍රන්ථ වශයෙන් එළි දක්වා ඇත. කෝබින්ගේ ප්‍රබන්ධයට අනුව ෂියාවරුන්ගේ මත ගැන අලි (රලි) තුමා තම අදහස් මෙසේ සඳහන් කරයි.
ශුද්ධ වූ අල් කුර් ආනයේ සෑම වචනයක්ම දෙවියන්ගේ වක්තෘතුමාට පහළ වූ ඒවා වන අතර එතුමා කිසිවිටෙකත් එය පිටපත් කිරීමට හෝ පාරායනය කිරීමට හෝ පවසා මට බල කළේ නැත. මම එය මගේ කැමැත්තෙන් මගේ අතින්ම පිටපත් කරනු දුටු එතුමා එය පිටපත් කළයුතු ආකාරය ගැන මට අවබෝධයක් ලබා දුන්නේ මෙසේය. එහි තෆ්සීර් හෙවත් සාහිත්‍යමය අර්ථ කථනය, තඃවීල් එහි අධ්‍යාත්මීය විවරය, නාසිඃ, වාක්‍යයක අවසානය, මන්සුඃ, අවසනාය වාක්‍යය, මුහ්කම් එක සමාන තේරුම් 2 ක් නැති අවස්ථාව, මුතසාබිඃ, එක සමාන තේරුම් දෙකක් ඇති අවස්ථාව ආදී වශයෙන් කරුණු රාශියක් ඇති අතර ඒ සම්බන්ධව පුද්ගලිකව හා පොදුවේ මට උපදෙස් දී ඇත.අල්ලාව් තබතාබීවරුන්ට අනුව සමහර වාක්‍යවල තේරුම් විශේෂ දැනුමක් සහිතව සුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුව සැකසී ඇති අතර ඒවා සමහර අවස්ථාවල පිළිගත හැකි හා පිළිගත නොහැකි මට්ටම්වල පවතී. වාක්‍යයක තේරුම පිළිගත හැකි අර්ථ විග්‍රහය එහි සාහිත්‍යමය අර්ථයට එපිටින් පවතී. තවද එහි නිවැරදි විග්‍රහය දෙවියන් වහන්සේ පමණක් දන්නා අතර මිනිසාට එහි සෘජු අදහස් ඉදිරිපත් කළ නොහැකිය. මෙහි ප්‍රශ්ණයට තුඩු දෙන වාක්‍යවලට අදාල මිනිස් ගුණාංගයන් වන්නේ ඒම, යෑම, වාඩි වීම, සෑහීමකට පත්වීම, තරහ, දුක, ආදියයි. ගුණාංගයන් ගැන තීරණය කරන්නේ අල්ලාහ් තආලා පමණි. “තඃවීල්” යන්නට පිළිගත නොහැකි අර්ථය ලෙස “මාරු කිරීම” යනුවෙන් බාහිරින් අර්ථ කථනය කළ ද එය තර්කානුකූලව වෙනස් අදහස් සහිත බවට තහවුරු වී ඇත. මෙම ක්‍රමය එතරම් ඵලදායක නොවේ.
අල්ලාව් තබතාබීවරුන්ට අනුව සමහර වාක්‍යවල තේරුම් විශේෂ දැනුමක් සහිතව සුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුව සැකසී ඇති අතර ඒවා සමහර අවස්ථාවල පිළිගත හැකි හා පිළිගත නොහැකි මට්ටම්වල පවතී. වාක්‍යයක තේරුම පිළිගත හැකි අර්ථ විග්‍රහය එහි සාහිත්‍යමය අර්ථයට එපිටින් පවතී. තවද එහි නිවැරදි විග්‍රහය දෙවියන් වහන්සේ පමණක් දන්නා අතර මිනිසාට එහි සෘජු අදහස් ඉදිරිපත් කළ නොහැකිය. මෙහි ප්‍රශ්ණයට තුඩු දෙන වාක්‍යවලට අදාල මිනිස් ගුණාංගයන් වන්නේ ඒම, යෑම, වාඩි වීම, සෑහීමකට පත්වීම, තරහ, දුක, ආදියයි. ගුණාංගයන් ගැන තීරණය කරන්නේ අල්ලාහ් තආලා පමණි. “තඃවීල්” යන්නට පිළිගත නොහැකි අර්ථය ලෙස “මාරු කිරීම” යනුවෙන් බාහිරින් අර්ථ කථනය කළ ද එය තර්කානුකූලව වෙනස් අදහස් සහිත බවට තහවුරු වී ඇත. මෙම ක්‍රමය එතරම් ඵලදායක නොවේ.
 
එනමුත් මෙම ක්‍රමයෙහි පිළිගැනීම් තිබුණ ද එය කුර් ආන් වාක්‍යවලට අදාළව යොදා ගැනීම වැරදිය. වාක්‍යයක සැබෑ ස්වරූපය සෑම වාක්‍යයකින්ම හෙළිවන අතර ඉක්මණින් හා නිවැරදිව අර්ථ දැක්විය හැකි අතර ඒක හා සමාන තේරුම් 2 ක් ද තිබිය හැකිය. එය තනි වචනයක අර්ථය පමණක්ම නොවේ. එහි නිවැරදි තත්වය නම් එම වචන ඉතාමත් ඉහළ අගයක් හා අලංකාරයක් ඇති බවයි. අල්ලාහ් තආලා ඒවා අපගේ හදවත්වලට සමීපවීම උදෙසා එම වචන සරසා ඇත. එය කෙසේද යත් අපගේ සිත්සතන්වල රූප රාමුවක් මවා ගැනීම උදෙසා සහ එය පාරායනය කරන්නාට එහි අර්ථය පැහැදිලිව ග්‍රහණය කර ගැනීම උදෙසාය. එම නිසා සුෆිවරුන්ගේ අදහස් දැක්වීම ඉස්ලාමීය විද්වතුන් පිළිගන්නා අතර එය නිවැරදි අර්ථ විග්‍රහය ලෙස පිළිගැනීමට සමහර කොන්දේසි බලපා ඇත.
 
සුෆිවරුන්ගේ ඉතිහාසයේ මෙම අර්ථකථනය තුළද සමහර අවස්ථාවල දී ආගමට පටහැනි තොරතුරු ගැබ් වී ඇති බව සුෆිවරු අද විශ්වාස කරති. එසේම ෂියාවරු අතර ද තඃවීල් හෙවත් විස්තර විග්‍රහය පිළිබඳව විරුද්ධ මත පවතී. උදාහරණයක් ලෙස ඉස්ලාමීය විප්ලවීය නායක අයතුල්ලා රූහුල්ලා කුමේනි 1979 දෙසැම්බර් හා 1980 ජනවාරි මාසවල සුරතුල් ෆතිහාව ගැන දේශන ඉදිරිපත් කළ අවස්ථාවේ පළමු වාක්‍ය දෙක ඉදිරිපත් කිරීමට පෙර සමහරු එය තරයේ ප්‍රතික්ෂේප කර තහනම් කර ඇත.
 
''' කුර්ආන් - සාහිත්‍යමය සැකැස්ම '''
Line 128 ⟶ 127:
පාරායනය කිරීම අල්කුආන් යන පදයට පාරායනය කිරීම යන තේරුම දී ඇත්තේ එය සාමාන්‍ය අයුරින් කෙසේ පාරායනය කළ යුතුද යන්න පැහැදිලි කර ඇති නිසාය. එහි අර්ථය පැහැදිලි වන සේ සෙමින් ලාලිත්‍යමය ස්වරූපයකට පැහැදිලි උච්චාරණය සහිතව පාරායනය කළ යුතුය. එය පාරායනය කිරීමේ නිවැරදි පිළිවෙත “තජ්වීද්” යනුවෙන් හැඳින්වෙන අතර එහි භාෂාමය අගය තීව්ර වී ඉස්මතුවන සේ පාරායනය කළ යුතුය. තවද, එහි අභ්‍යන්තර අගය වචනවලින් හෙළි කර දැක්විය යුතුය. “එයට ටිකක් වැඩියෙන් හෝ ( අඩකට ටිකක් වැඩියෙන් හෝ ) කුර්ආනය සමපද පාතයෙන් හදාරව”. (අක්ෂර භේදය, උච්චාරණ භේදය නොමැතිව, නවත්ව නවත්වා තොර නැතිව උස්පහත් ප්‍රමාණයෙන් හදාරව) (කුර්ආන් 73:4) නැමඳුම ඉටු කිරීම ඉස්ලාමයේ අනිවාර්ය වගකීමක්වන නිසා එක මුස්ලිමයෙක් අඩුම තරමින් මුල්ම පරිච්ඡේදය වන “ සුරතුල් ෆාතිහා” ඇතුළුව තවත් සුරතයන් හෙවත් පරිච්ඡේද කිහිපයක් දැන සිටිය යුතුය. “සුරතුල් ෆාතිහාව”නිතර නිතර පාරායනය කරන වාක්‍ය 7 ලෙස හැඳින්වෙන අතර ඉන්පසු අවසානයට කෙටි පරිච්ඡේද පාරායනය කරන අනුපිළිවෙලට අවසන් විය යුතුය.
 
නැමදීමේදී “ඔබම නමදිමු” යන පාඨය පාරායනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ මුස්ලිම්වරයෙක් “ෆාතිහාව වන පොත් කළ විට පමණි. යම් පුද්ගලයෙක් ශුද්ධ වූ අල් කුර්ආනය මිහිරිව පාරායනය කරන්නේ නම් ඔහුට “කාරී” යනුවෙන් ගෞරව නාමයක් ලැබෙන අතර ශුද්ධ වූ කුර් ආනය කටපාඩම් කළ අයට ලැබෙන ගෞරව නාමය “හාෆිස්” නම් වේ. එහි ස්ත්‍රී ලිංග පදය “හාෆොස්” නම් වේ. මෙහි තේරුම පාරායනය කරන්නා හෝ ආරක්ෂා කරන්නා වෙයි. ශුද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමා මුල්ම කාරි ලෙස නම් ලබන අතර මුලින්ම අල් කුර්ආන් පාඨ මිහිරිව පාරායනය කළේ ශුද්ධ වූ මුහම්මද් නබි තුමාය. මුස්ලිම් ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ කලාවක් ලෙස පිළිගැනෙන්නේ අල් කුර්ආනය පාරායනය කිරීමයි.
 
''' අල් කුර්ආන් පාරායනය කරන පාසල් හෙවත් මද්‍රසාවන '''
Line 147 ⟶ 146:
බොහෝ අයගේ අදහස වන්නේ වෙනස් ආකාරවලට පාරායනය කිරීමේ දී ගැටලු සහගත අවස්ථා මතු වන බවය. අබු අබ්දුර්රහ්මාන් අල් සුලාමි සඳහන් කරන්නේ අබුබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) සහ සෛයිද් ඉබ්නු සාබිත් ඇතුළු නබිතුමා සමඟ මක්කාමෙන් මදීනාවට ගිය සංක්‍රමණිකයන් සහ මදීනාවාසීන් පාරායනය කළ ආකාර සමානය. මෙම පාරායනා ක්‍රමය කිරාත් අල් අම්මාන් ලෙස හැඳින්වෙයි. නබිතුමා කාල ක්‍රියා කළ අවුරුද්දේ ජබ්රීල් (අලෛ) දෙවරක් පාරායනා කර පෙන්වූ පරිදි එය පරායනය කෙරේ. සෛද් ඉබ්නු සාබිත් (රලි) තුමා ද පාරායනය කළේ අර්ධාහි ආකිරා නම් වු එම පරායන ක්‍රමයටමය. ඔහුගේ අවසානය දක්වාම මිනිසුන්ට පාරායනය කර පෙන්වූයේ ද මෙම ක්‍රමයටමය. ඉබ්නු සීරීන් පවසන්නේ අද ජනතාව අල් කුරානය පාරායනය කරන්නේ ද එදා ජිබ්රීල් (අලෛ) තුමා, මුහම්මද් නබි (සල්) තුමාගේ අවසාන අවුරුද්දේ පාරායනය කර පෙන්වූ ආකාරයටමය. ජාවද් අහමද් ගාමදී උපුටා දක්වන්නේ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර ඇත්තේ එකක් වන අතර එය කිරාත් හෆ්ස් නොහොත් ව්‍යවහාර භාෂාවෙන් කිරාත් අල් - අම්මාහ් නම්වේ. එදා මුහම්මද් නබි තුමාට අල් කුරානය පහළ වූණේ නබි තුමාගේ ගෝත්‍රය වන කුරෛෂ් ගෝත්‍රයටම ආවේණික වූ භාෂාවෙනි. කෙසේ වෙතත් හෆ්ස් හෙවත් කිරාත් අල් අම්මාහ් ලෙස හැඳින්වෙන ක්‍රමයට පාරායනය කිරීමේ දී ඉරාක් හී කුෆා වැසියන් පාරායනය කරන ක්‍රමය නබි තුමා ජීවත් වූ නගරයේ වැසියන් වන මදීනා වාසීන් පාරායනය කළ ක්‍රමයට වඩා මඳක් ගැටලු සහගත බව හඳුනාගෙන ඇත. මදීනා වැසියන් පාරායනය කරන්නේ “නාෆී” ක්‍රමයට බවත් එය අනුගමනය කිරීමක් බවත් මාලික් ඉම්ම් තුමා පවසා ඇත.
 
තවද කුරෛෂ්වරු අරාබි භාෂාව භාවිතා කරන විලාසය අනුව හම්ස් යන අක්ෂරය භාවිතා කරන ආකාරයට වඩා අඩුවෙන් හිජාස් ප්‍රාන්තයේ අරාබිවරු යොදා ගන්නා නිසා “නාෆි” ක්‍රමයට පාරායනා කිරීමට මඟ පාදා ඇත. “හෆ්ස්” ක්‍රමයට පාරායනා කිරීමේ දී හම්ස් යන අක්ෂරය අනෙකුත් සලකුණුවලට වඩා වැඩි බලපෑමක් කර ඇත. කෙසේ වෙතත් හිජාස්, හුදෛයිල්, මක්කා, මදීනාවල ජීවත් වන වැසියන් හම්ස් අක්ෂරය නිතරම භාවිතා කරන්නේ නැත. ඉෂා ඉබ්නු උමර් පවසන පරිදි තමීම් නැමැත්තා හම්ස් උපයෝගී කරගෙන පාරායනය කළ අතර, හිජාස් වැසියන් විසින් එය සාහිත්‍ය ප්‍රබන්ධනය වැනි අවස්ථාවලදී පමණක් උපයෝගී කර ගෙන ඇත. සමස්ථයක් වශයෙන් ගත් කළ හම්ස් උපයෝගී කර ගනු ලැබ හජ්ද් ප්‍රාන්ත වැසියන්ගේ ප්‍රබන්ධවල කුෆා වාසීන්ගේ භාෂා ක්‍රමය හා පාරායනය කරන ක්‍රමය ගැබ්වී ඇති අතර මදීනා වැසියන්ගේ ප්‍රබන්ධවල හිජාස් ප්‍රාන්ථ වැසියන් හා කුරෛෂ්වරු ඔවුන්ගේ පාරායන කරන ක්‍රමය වන “නාෆී” ක්‍රමයට අනුකූල වන පරිදි “හම්ස්” යොදා ගැනීමට වග බලාගෙන ඇත. කෙසේ වෙතත් අරාබි භාෂාව ගැන මනා නිපුණත්වයක් ඇති විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ අල් කුර්ආන් පාරායනය කිරිමේ දී යොදා ගත හැකි පාරායනය ක්‍රමය එකක් අනෙකට වඩා උසස් නොවන අතර ඒ සඳහා යෙදා ගැනීමට ඇති ක්‍රම හතෙන් එකක් යොදා ගෙන පාරායනය කිරීම සලාතයේ දී සුදුසු බවයි.
 
බොහෝ විට ගැටලු සහගත තත්ත්වයන් යටතේ පාරායනය කළ අල් කුර් ආන් පිටපත උස්මාන් (රලි) තුමාගේ පිටපත සැසඳීමේ දී එම ක්‍රමය නීතියක් ලෙස සලාතයේ දී පාරායනා කිරීමට උපයෝගී කරගත හැකි නමුත් එය කුර්ආන් අර්ථ විවරණය සඳහා සුදුසු නොවුණත් යම් කිසා ආයතනයක් හෙවත් වාක්‍යයක් පැහැදිලි කිරීමට තර්කානුකූලව යොදා ගත හැකිය.
 
== කුර්ආන් ලේඛනගත කිරීම හා මුද්‍රණය කිරීම ==
Line 157 ⟶ 156:
ඉරාන් (දැන් ඇෆ්ගනිස්ථානය) ජාතික උමර් අක්තා ලියූ අල් - කුර්ආන් පිටුවක් Opaque - දිය සායම්, තීන්ත හා රත්‍රන් ආලේප කර ඇති මුක්කතා මුද්‍රණයකි. 170 x 109cm (66 15/16 x 42 15/16in) ලෝකයේ බහුලව භාවිතා කරන්නේ ශුද්ධ වූ අල් කුරානයේ මුද්‍රිත පිටපත්ය. ශුද්ධ වූ අල්-කුරානයේ පරිවර්තන විශාල සංඛ්‍යාවක් ලොව පුරා මුද්‍රණය කර ඇත. ලොකු පොඩි, සරසා නැති, සරසා ඇත, වියදම් අධික හෝ අඩු වියදම් වශයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇත. ද්වි භාෂාවන්ගෙන් යුක්ත වූ එනම් එක් පැත්තක අරාබි භාෂාවෙන් ද අනෙක් පැත්තෙන් එහි තේරුම සහිත එම රටවල්වල බොහෝ දුරට නිතරම භාවිතා වන හුරු පුරුදු භාෂාවකින් ද වේ. අල්කුරානය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කෘති ලෙස එළි දක්වා ඇත. බොහෝමයක් සාමාන්‍ය පොතක ප්‍රමාණයෙන් යුක්ත වන අතර ප්‍රදර්ශනය සඳහා යොදා ගත හැකි විශාල ප්‍රමාණයෙන් ද ත්‍යාග හැටියට ලබා දීමට තරම් වූ කුඩා ප්‍රමාණයෙන් ද ඇත.
 
මුලින්ම ශුද්ධ වූ අල් කුර් ආනය මුද්‍රණය කළේ කැටයම් කරන ලද ලී පුවරුවල එක පිටුවක එක පුවරුවක් ලෙස යොදාගෙනය. දහවන සියවසේ සිට දින යොදන ලද පුවරු විශාල ප්‍රමාණයක පිටු මුද්‍රණය කර ඇත. අඩු වියදමින් යුත් මුද්‍රණ තොගයක් ලිතොග්‍රැෆි නම් මුද්‍රණ ක්‍රමයකට එලි දක්වා ඇත. එමෙන්ම අල් කුරානය නැවත නැවත අතින් නිමවන ලද අලංකාර අක්ෂර කලා සහිතව ද මුද්‍රණය කර ඇත. 1573/1538 වකවානුවල වැනීසියේ මුද්‍රණය කර භාවිතා වූ පැරණිම අල් කුරාන් පිටපත් ඉතාමත් ශීඝ්‍රයෙන් අලෙවි කර ඇත. එය උස්මාන් පාලකයාගේ පාලන කාලයේ සකස් කර රට රටවල්වලට බෙදා හරින ලද පිටපතකින් උපුටා ගෙන ඇත. 1787 දී රුසියානු ජාතික කැතරින් අල් කුරාන් පිටපත් මුද්‍රණය කිරිම සඳහා තමන් විසින් වියදම් දරනු ලැබ ඇත. මෙය අනුගමනය කර 1828 දී කාසාන්වලද 1833 දී පර්සියාවේ ද 1877 දී ඉස්තාන්බුල්වල ද මුද්‍රණය කර ඇත. පරිගණකය උපයෝගී කර ගෙන වුවද මුළු අල් කුරානයේම ඇති මූලික අදහස් සියල්ලම කැටි කොට එලි දැක්වීම ඉතාමත්ම අපහසු කාර්යයකි. අන්තර්ජාලයේ වැදගත් කෘති අංශයේ කුරාන් පිටපත් මුද්‍රිතව හා තාවකාලික එකතුවක් ලෙස නොමිළයේ සපයා ඇත.
 
පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන බොහෝ නිර්මාණකරුවන් පරිගණක අක්ෂරයන් අල් කුරාන් අක්ෂරවලට අදාළව සැකසීමට ඉදිරිපත් වී උනන්දුවෙන් කටයුතු කරති. අල් කුරානය තොග වශයෙන් මුද්‍රණය වීමට පෙර මෙය අත් පිටපත් ලෙස හා අක්ෂර කලාවන් ලෙස හුවමාරු විය. අතීතයේ පටන් මුස්ලිම්වරුන්ගේ ප්‍රතිපත්තිය හා පිළිගැනීම වන්නේ අල් කුරානයේ තොරතුරු ඇසුරින් රූප නිර්මාණය කිරීම, එය රංගනයක් වශයෙන් එළි දැක්වීම, හෝ එහි අදහසට අංශු මාත්‍රයක් හෝ පටහැනි වන ආකාරයට කටයුතු කිරීම බරපතල වරදක් වන බවයි. එදා පටන්ම මුස්ලිම්වරු ශුද්ධ වූ අල් කුරානය තම ජීවිතයටත් වඩා උසස් කොට සලකා ආදරයෙන් ආරක්ෂා කරති. අරාබි අක්ෂර විවිධ අක්ෂර කලා අනුව හැඩකර ඉදිරිපත් කර ඇති අතර සමහර වාක්‍ය සංකීර්ණ හා අලංකාර ලෙස නිමවා ඇත. අරාබි අක්ෂර කලාව චීන අක්ෂර කලාව හා සමානවම ඉහළින්ම පසසා ඇති කලාවකි. මුස්ලිම්වරු ද අල් කුරානයේ අක්ෂර වර්ණ තීන්ත රත්‍රන් තහඩුවල අරබෙක්ස් ක්‍රමයට සකස් කරන ලද පුවරු මේ සමඟ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
 
== අල් කුර් - ආනයේ විවේචන ==
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි