"ලෙබනන් සමුහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සමුහාණ්ඩු එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
77 පේළිය:
}}
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ.
 
==මූලාශ්‍ර ==
<references/>
 
[[Category:සමුහාණ්ඩු]]
"https://si.wikipedia.org/wiki/ලෙබනන්_සමුහාණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි