"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: tt:Эволюция
24 පේළිය:
ප්‍රවේණි දේහයක කොටසක පිටපත් තැනීම
ජීවියකුගේ ප්‍රවේනි ද්‍රව්‍යවල සිදුවන අහඹු විකෘති නිසා ජාන විවිධත්වයන් ඇති වේ. විකිරණ, වෛරස, ට්‍රාන්පොසෝන, විකෘති ජනක රසායන ද්‍රව්‍ය, DNA බෙදීමේ දී හෝ සෛල විභාජනය (ලිංගික) ඌනනයේ දී සිදුවන වැරදි නිසා සෛලවල ප්‍රවේණි ද්‍රව්‍යවල DNA අනුපිළිවෙලෙන් ඇතිවන‍වෙනස්කම් විකෘති නම් වේ. මෙම විකෘති DNA අනුපිළිවෙලේ විකෘති වර්ග කිහිපයක් තනයි. බලපෑමක් ඇති නොකරන, ජානයේ ඵලයට බලපෑමක් ඇති කරන, ජානය ක්‍රියාකාරී වීම වළකන ආදී විකෘතිය. ඩ්‍රොසපිලා මෙලනොගාස්ටර් නම් පළතුරු මැස්සාගෙන් කළ අධ්‍යයනවලට අනුව, විකෘතියක් නිසා ජානයකින් නිෂ්පාදනය කරන ප්‍රෝටීනයක වෙනසක් වුවහොත්, එය බොහෝ ‍දුරට හානිදායක වන අතර, මෙම විකෘතිවලින් 70%ක් හානිදායක ප්‍රතිඵල ඇති කරන අතර ඉතිරි කොටස ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් වාසිදායක වේ හෝ කිසිම වෙනසක් ඇති නොකරයි. විකෘති මඟින් සෛලවලට ඇතිවන හානිය මඟ ඇරවා ගැනීමට විකෘති ඉවත් කිරීමට DNA අලුත්වැඩියා සිදු කරන ක්‍රියාලි සිදුවේ. එමනිසා විශේෂයකට වඩා හොඳ/ ශුද්ධ විකාති සංඛ්‍යානය විනාශකාරී විකෘති වැනි ඉහල විකෘති වේගයක වැයත් DNA අලුත්වැඩියා පද්ධති වැනි සෛලයක විකෘති අඩු කිරීමට සෛලයක ඇති පරිවෘත්තීය වැය අතර ගණු දෙණුව මත පවතී. රෙට් රෝ වෛයිරස වැනි සමහර විශේෂ ඉතා ඉහල විකෘති වේග දක්වන අතර ඔවුනගේ දුහිතෘ ජිවීන් බොහෝමයක් විකෘති ජාන අඩංගු වේ. මෙම වේගවත් විකෘති සෑදීම වර්ණගත වී ඇත්තේය. එම නිසා වෛරසවට නිරන්තර වේගවත්ව විකසනය විය හැකි අතර මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලීන් බේරී සිටිය හැක.
DNA විශාල කොටස්වල පිටපත් සාදමින් සිදුවන විකෘති, නව ජාන තැනීමේ විශාල ප්‍රමාණයේ අමුද්‍රව්‍ය සඳහා ප්‍රභවයන් වේ. සෑම අවුරුදු මිලියන ගණනකම සත්ත්ව ප්‍රවේනි ද්‍රව්‍යවල දහයේ සිට සිය ගණනක් ජාන මෙලෙස පිටපත් වේ. බොහෝ ජාන ආදි ජීවීන්ගේ විශාල ජාන පවුල්වලට අයත් වේ. නව ජාන විකෘති මඟින් හෝ ආදීන්ගේ ජාන විකෘති වීමෙන් හෝ තැනේ. නැතහොත් ජානවල කොටස් ප්‍රති සංවිධානය වී නව ක්‍රියාකාරීත්ව ඇති නව සංයෝජන තැනීමෙන් සිදුවේ. ආලෝකයට සංවේදනය වන ව්‍යුහ සෑදීමට ඇස ජාන 4ක් යොදා ගනී. 3ක් වර්ණ දෘශ්ඨිකත්වයට හා 1ක් අදුරේදී පෙනීම සඳහා සෑම 4කම එකම ආදී ජානයකින් පැමිණ ඇත. ජානයක් පිටපත් විමෙන් ඇති වාසිය නම් සමපාත වන හෝ අතිරික්ත ක්‍රියා (ජාන කිහිපයක) නිසා විනාශකාරී විය හැකි ඇලීල බැද තබා ගනී. එම නිසා ජාන විවිධත්වය වැඩි වේවනවා ඇත.
 
===පරිණාමික ගහණ ප්‍රවේණිය===
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි