"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
 
'''ඝනීභවනය''' යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.
 
== ජල චක්‍රය කාලයත් සමඟ වෙනස්වීම ==
 
ජල චක්‍රය යනු ජලගෝලය හරහා ජලයේ චලනය පැහැදිලි කරන ක්‍රියාවලියයි. නමුත් ජල ප්‍රමාණයෙන් විශාල කොටසක් ජල චක්‍රය තුළින් ‍ගමන් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා වී පවතී. මෙම ජලයෙන් වැඩි කොටසක් ගබඩා කර තබාගන්නේ සාගරයේය. ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඝන සැතපුම් 332,500,000(1,386,000Km3) ජල සැපයුමෙන් 321,000,000 ඝන සැතපුම් (1,338,000,000Km3) ජල ප්‍රමාණයක් හෙවත් 95% සාගර වල ගබඩා කර පවතී. තවද ජල චක්‍රයට සැපයෙන ජල වාෂ්ප වලින් 90% පමණ සැපයෙන්නේ සාගරයෙනි.
 
ශීත දේශගුණ තත්ත්ව වලදි වැඩි හිම වැස්ම හා ග්ලැසියර ඇතිවන අතර, ගෝලීය ජල සැපයුමෙන් කොටසක් අයිස් බවට හැරවීමෙන් ජල චක්‍රයේ අනෙක් කොටස් වලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වේ. උණුසුම් කාලගුණයේදී මෙහි විරුද්ධ ආකාරය සිදුවේ. හිම යුගයේදී ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3 පමණ අයිස් වලින් වැසී තිබුණු අතර එම හේතුවෙන් සාගර ජලමට්ටම වර්තමාන ප්‍රමාණයට වඩා අඩි 400(122m) පමණ පහතින් තිබුණි. අවුරුදු මිලියන 3 කට පමණ පෙර පෘථිවියේ අවසාන උණුසුම් අවධියේදී සාගර මට්ටම අඩි 18 (5'5m) දැනට වඩා ඉහළින් පිහිටා තිබුනි. අවුරුදු මිලියන 3 පමණ පෙර සාගරය දැනට වඩා අඩි 165 (50 m) පමණ ඉහළින් තිබු බවට විශ්වාස කෙරේ. 2007 පැවැති දේශගුණික විපර්යාස සඳහා වු අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගත් කරුණක් වන්නේ ජල චක්‍රයේ ශ්‍රීඝ්‍රතාවය 21 වන ශතවර්ෂ පුරා වර්ධනය වන බවයි. නමුත් මෙහි අදහස් ලෝකයේ සියළුම කලාපවල වර්ෂාපතනය ඉහළ යන බව නොවේ. උපවර්තන කලාපයන්ට සාපේක්ෂව වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට 21 වන ශතවර්ෂයේදී වර්ෂාපතනයේ අඩු වීමක් පෙන්විය හැකිය. එමඟින් නියඟ ඇතිවීමක් පෙන්විය හැකි අතර නියඟ ඇතිවීමේ සම්භාවිතාව ඉහල යයි. මෙම වියළි බාවය වර්ධනය ධ්‍රැවසාන්න උපනිවර්තන කලාප (උදා:- මධ්‍යධරණී ප්‍රදේශය, දකුණු අප්‍රිකාව, දකුණු ඕස්ට්‍රේලියාව, නිරිත දිග ඇමරිකා එක්සත් ජනපදය) වල වඩා බලවත් වේ. වර්තමානයේදී තෙත් කාලගුණයක් පවතින සමක ආසන්න ප්‍රදේශවල ඉහළ යාමක් බලා‍පොරොත්තු වේ. මෙම මහාපරිමාණ දේශගුණික රටාව IPCC හි 4 වන ඇගයුමට අනුව ජාත්‍යන්තර පර්යේෂණායතන කිහිපයකම සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස ලැබුණි.
 
ග්ලැසියර දියවීමද ජල චක්‍රයේ වෙනස්වීම සඳහා උදාහරණයකි. මෙහිදී වර්ෂාපතනයෙන් ග්ලැසියර වලට ලැබෙන ජලප්‍රමාණය, ඌර්ද්වපාතනය මඟින් හා දියවීම මඟින් සිදුවන ජලහානිය ප්‍රකෘතිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. 1850 සිට ග්ලැසියර දියවීම පුළුල්ව සිදු වී ඇත.
* කෘෂිකර්මය
* වායුගෝලීය රසායනික සංයුතිය වෙනස් කිරීම
* වේලි තැනීම
* වන හානිය හා වනරෝපණය
* ගංගා සංගමනය
* නාගරීකරණය
 
 
'''දේශගුණික බලපෑම්'''
 
ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.
 
== සටහන් ==
 
 
 
|[http://en.wikipedia.org/wiki/Hydrologic_cycle#Changes_over_time Hydrologic_cycle Changes_over_time]
|-
{|
 
{|
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි