"ඉන්ටෙල්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: gu:ઇન્ટેલ કોર્પોરેશન |
No edit summary |
||
23 පේළිය:
}}
'''ඉන්‍ටෙල් කෝපරේෂන්''' (NASDAQ:INTC,SEHK:4335) ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම(Integrated Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්‍රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ
ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවුන්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල වශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්‍රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ප්‍රවේගකාරී හා විප්ලවකාරී ප්‍රයෝග පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්‍රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්‍රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.
|