Content deleted Content added
සුළුNo edit summary
No edit summary
11 පේළිය:
<big>'''ආයුබෝවන්!'''</big> <br /><br />
 
මම '''නිශාන්ත අනුරුද්ධ'''. සුරතල් නාමය විදියට '''බිඟුවා''' නැත්නම් '''බිඟූ''' කියලා භාවිතා කරනවා. ඒක කොහොම හැදුනද කියන්න හරියටම මතක නෑ. මං හිතන්නේ මගේ [[සිංහල]] බ්ලොග් එක ඒකට මුල් වෙන්න ඇති. 2007 [[මැයි]] මාසේ වගේ ඉඳලා මම බ්ලොග් ලියන්න ගත්තා. ඒ දවස්වල විකිපීඩියාවේ විතරක් නෙමෙයි මුළු සයිබර් අවකාශයේම සිංහල දකින්න ලැබුනේ හරිම කළාතුරකින්. තිබුණ සිංහලවලත් හරියට ස්පිලි පාපිලි තිබුණේ නෑ. ඔය කොහොම කොහොම හරි ඉන්න කාලේ මට සිංහල [[විකිපීඩියා|විකිපීඩියාව]] දකින්න ලැබුණා. ඒ 2010 [[ජනවාරි]] මාසේ. ඒක උනෙත් මං හිතන්නේ ඉංග්‍රීසි විකියේ ලිපියක තිබුණු අන්තර්විකි සම්බන්ධතාවයකින්. ඒ කොහොම හරි විකියට එකතු වෙලා දැන් දවස් '''{{DATEDIFF2|11-01-2010|{{CURRENTDAY}}-{{CURRENTMONTH}}-{{CURRENTYEAR}}}}''' ක් විතර වෙනවා. ඔය අස්සේ මගේ පරිපාලක බලතල ඉල්ලීමක් සාර්ථක වෙලා 2010 ජූලි 10 වැනිදා පරිපාලකයෙක් උනා. දැනට ''{{For year month day|year={{{year|2010}}}|month={{{month|07}}}|day={{{day|11}}}}}'' කුයි පරිපාලකයෙක් විදියට වැඩ කරලා තියෙනවා. පුලුවන් හැම වෙලාවකම විකියේ දියුණුවට සහයාක් දෙන්න තමා ආසාව. වෙලාව තමා ලොකුම ගැටළුව.
<br /><br />
මම ඉපදුනේ [[අඹන්පොල]]. [[කුරුණෑගල]] දිස්ත්‍රික්කයේ තියෙන පුංචි ගමක්. හරිම සරල ජීව්තයක් තමා තිබුණේ. දැන් අලුත් පදිංචිය [[පිළියන්දල]]. මම [[පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ]] [[ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය|ඉංජිනේරු පීඨයෙන්]] ඉගෙන ගෙන දැන් තාක්ෂණික අංශයේ රැකියාවක් කරනවා. මං සිංහල ලියන්න කියවන්න හරිම ආසයි. ඒ හින්දමයි බ්ලොග් එකක් ලියන්නේ. '''[http://bingunada.blogspot.com බිඟු නද]''' කියන්නේ මගේ බ්ලොග් එක. ඒක හරිම විනෝදජනකයි. තමන්ගේ නිදහස් අදහස් ලියන්න කියාපු තැන.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි