"අයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
44 පේළිය:
'''අයෝ''' යනු [[බ්‍රහස්පති ග්‍රහයා|බ්‍රහස්පතිගේ]] [[ගැලීලියානු චන්ද්‍රයින්]] අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි [[විෂ්කම්භය]] කිමී 3,642 වේ. එය [[සෞරග්‍රහ මණ්ඩලය|සෞරග්‍රහ මණ්ඩලයේ]] චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය [[හේරා|හේරා දේවතාවියගේ]] පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ [[ඝර්ෂණය]] තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන [[සල්ෆර්]] හා [[සල්ෆර් ඩයොක්සයිඩ්]] දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ [[එවරස්ට්]] කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්‍රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව [[යකඩ]] හෝ [[අයන් සල්ෆයිඩ්]] හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්‍ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී.
|