"එරිස් (වාමන ග්‍රහලෝකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
| discoverer = [[Michael E. Brown|M. E. Brown]],<br/>[[Chad Trujillo|C. A. Trujillo]],<br/>[[David L. Rabinowitz|D. L. Rabinowitz]]
}}
 
එරිස් විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 (ප්‍රාථමික ග්‍රහ නාමකරණය බලන්න) වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ්කම්භය 2.500km පමණ වන අතර ප්ලුටෝට වඩා 27% විශාල වේ.
 
එරිස් මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ පැලොමාරා නිරීක්ෂණාගාරයේ මයික් බ්‍රවුන්ගේ නායකත්වය ලද කණ්ඩායමක් විසින් 2003 දීය. නමුත් එය 2005 වනතුරු හදුනා නොගන්නා ලදී.] එය කුපර් පටියට එපිටින් ඇති අකාබනික ට්‍රාන්ස් නෙප්චූනියානු වස්තුවකි(TNO). එරිස්ට එක් චන්ද්‍රයෙක් පවතින අතර ඩිස්නොමියා වශයෙන් හඳුන්වයි. වෙනත් උප ග්‍රහයින් ඒරිස්ට පවතින බව මෙතෙක් සොයා ගෙන නැත. එයට සූර්යයාගේ සිට දුර 96.7 AU පමණ වේ. එය දළ වශයෙන් සූර්යයාගේ සිට ප්ලුටෝට ඇති දුර මෙන් තුන් ගුණයකි. යම් ධුම කේතු කිහිපයක් හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ සිට ඈතින්ම ඇති ග්‍රහවස්තු‍ යුගල එය වේ.
 
එරිස් ප්ලූටෝට වඩා විශාල නිසා එය සොයාගත් අයන NASA ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ දස වැන්නා ලෙසද නම්කරන ලදී. මෙවැනි විශාල වස්තූන් අනාගතයේ තවත් හමුවිය හැකි නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය [IAU] විසින් “ග්‍රහලොව” යන වදනට අර්ථ දැක්වීමක් ගෙන එන ලදී. එම නව අර්ථ දැක්වීම 2006 අගොස්තු 24 දින සිට ක්‍රියාත්මක වූ අතර එතුළින් එරිස්, ප්ලුටෝ හා සිරිස් සමග වාමන ග්‍රහලෝක කාණ්ඩයට කාණ්ඩගත කරන ලදී.
 
'''එරිස්''' නම් වාමාන ග්‍රහයාගේ (ඩ්වෝප් ප්ලැනට්)
"https://si.wikipedia.org/wiki/එරිස්_(වාමන_ග්‍රහලෝකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි