"කාබනික ගොවිතැන්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
22 පේළිය:
 
වල් පැළ, ආවරණ වගා හා කොළරොඩු වැස්මවල් භාවිතය හරහා , යාන්ත්‍රිකව හා උෂ්ණත්වමය වශයෙන් පාලනය කරණු ලැබේ.
 
==විකිණීම හා වෙළඳාම==
කාබනික ගොවිතැන් කිරීම - විකිණීම හා වෙළඳාම
 
කාබනික ගොවිතැන් කිරීම ගොවිතැන් කිරීමෙන් ඇරඹෙන නමුත් එහිදී ගොවීන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම හා විකිණීම සිදු වේ. කාබනික වෙළඳාමට දූරාවලි ව්‍යුහයක් තිබේ. නිෂ්පාදනයේ පදනම ව්‍යාප්ත කිරීම හා වෙළඳාම හරහා පාරිභෝජකයන්ට සැබඳී තිබිය යුතුය. මෙම කාබනික නිෂ්පාදනයේ හා වෙළඳපොළෙහි සංයුතිය රටෙන් රටට හා නිෂ්පාදන‍යෙන් නිෂ්පාදනයට දේශගුණය, දේශීය ප්‍රවණතා, පාරිභෝජක ඉල්ලුම හා රජයෙන් ලැබෙන සහාය වැනි විචල්‍යතා මත පදනම්ව වෙනස් වේ. එක්සත් ජනපදය වැනි සමහරක් ප්‍රදේශවල දී කාබනික ආහාර නිෂ්පාදනය කාබනික වෙළඳ පොළෙහි ප්‍රමාණයට සාපේක්ෂව කුඩා විය හැක. එයට හේතුව අධික ආනයනයයි. යුරෝපා එකමුතුව වැනි අනෙකුත් ප්‍රදේශ වඩා වැඩි තුලනයකින් යුක්ත වේ.
 
බෙදා හරින්නන්
 
එක්සත් ජනපදයේ කාබනික ගොවිපලවලින් 75%ක් හෙක්ටයාර 2.5ට වඩා කුඩා වන අතර කැලිෆෝනියාවේ වූ 2%ක් වූ ගොවිපලවල් විකිණීම්වලින් හරි අඩකට වඩා වගකියනු ලැබේ. (Lotter 2003 : 4) කුඩා ගොවිතැන් කණ්ඩායම් එකට එකතු වී ඕගනික් වැලි (Organic Valley) Inc වැනි ආයතන පිහිටුවා ගෙන ඔවුන්ගේ භාණ්ඩ වඩාත් කාර්යක්ෂමව වෙළඳපොළට ඉදිරිපත් කරයි.
 
කෙසේ නමුත් පසුගිය වසර 20 පුරාවට එම සමූපකාර බෙදා හරින්නන් නැති වීම හෝ ඉවතට ගෙන යාම සිදු වී ඇත. දේශීය සමාජවාදියෙකු වන ෆිලිප් එච්. හෝවර්ඩ් විසින් එක්සත් ජනපදයේ කාබනික කර්මාන්තයේ ව්‍යුහය හා පරිවර්තනය පිළිබඳ පර්යේෂණයක් සිදු කර ඇත. ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ 1982 දී පා‍රිභෝජක සමූපකාර බෙදා හරින්නන් 28 දෙනෙකු සිටි නමුත් 2007 වසර වන විට සිටියේ 3ක් පමණක් බවයි.ඔහුගේ පර්යේෂණය පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සමූපකාර General Mills, Heinz, ConAgra, Kellog වැනි බහු ජාතික සමාගම්වලට සම්බන්ධ වී ඇති බවයි. මෙම පෙන්වා දීම මඟින් පාරිභෝජකයන් හා ජනමාධ්‍යකරුවන් අතර වංචා කිරීම හා සම්මත විකෘති කිරීම සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් වර්ධනය කරනු ලැබීය.
 
== References ==
"https://si.wikipedia.org/wiki/කාබනික_ගොවිතැන්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි