"කාබනික ගොවිතැන්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
 
“ගොවිතැන්කරණයේ දී, සැකසීමේ දී, බෙදා හැරීමේ දී හෝ පරිභෝජනයේ දී කාබනික කෘෂිකර්මාන්තයේ ක්‍රියාව වන්නේ පසෙහි සිටිනා කුඩාම ජීවියාගේ සිට මනුෂ්‍යයා දක්වා ජෛව පද්ධති හා ජීවීන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමයි”
 
==ක්‍රම ==
 
කැලිෆෝනියාහි කැපේ ප්‍රදේශයේ මිශ්‍ර එළවළු කාබනික වගාවක්. පසු බිමෙහි ඇති පැල ඉණි වැ‍ට නිරීක්ෂණය කරන්න.
 
“නිවැරදි ලෙසම කාබනික ගොවිතැන් පොළක් යනු නියමිත ක්‍රම හා ද්‍රව්‍ය භාවිතා කරන හා අනෙක්වා බැහැර කරන දෙයක් නොවෙයි. එය සම්පුර්ණත්වය, ස්වාධීනත්වය හා යම් ජීවි ප්‍රභේදයක මෘදු පරාධීනත්වය ඇතුළත් ස්වාභාවික පද්ධතියක ව්‍යුහයේ අනුකරණයක් තුළ තනා ඇති ව්‍යුහයකින් යුත් දෙයකි.
 
Wendell Berry , “The gift of good land”
සාකල්‍යය යන වදන කාබනික ගොවිතැන් කරණය විස්තර කිරීමට නිරන්තරයෙන් යෙදේ.කාබනික ගොවිතැන්කරණය ප්‍රධානතම අංගයක් වන්නේ පසෙහි සෞක්‍යය නගා සිටුවීමයි. බෝග භ්‍රමණය , හරිත පොහොර , ආවරණ වගා කොම්පෝස්ට් යෙදීම හා කොළරොඩු වැස්මවල් වැනි විවිධ ක්‍රම ඒ සඳහා යොදා ගනී. කාබනික වගා කරුවන් විසින් බීජ ආහාර වැනි පොහොර වර්ග හා පාෂාණ පොස්පේට් හා පොටෑෂ් හි ස්වාභාවිකව පවතින ආකාරයක් වූ ග්‍රීන් සෑන්ඩ් වැනි විවිධ ඛනිජ කුඩු වර්ග භාවිතයට ගනී. මෙම ක්‍රම මගින් ඛාදනය පාලනය කිරීමට ජෛව විවිධත්වය නගා සිටු වීමට හා පසෙහි සෞඛ්‍යය තත්වය වැඩි කිරීමට සහය ලබා දේ.
 
පලිබෝධ පාලනය මගින් සත්වමය පලිබෝධකයන් (කෘමීන් ඇතුළුව) , දිලීර , වල් පැළ හා රෝග පිළිබඳ අවධානය යොමු කරයි. කාබනික පලිබෝධ පාලනයට බොහොමයක් තාක්ෂණික ක්‍රමවල සමුච්චිත උත්සාහයක් ඇතුළත් වේ.එම තාක්ෂණික ක්‍රමවලට පිළිගත හැකි මට්ටමක් දක්වා පලිබෝධ හානිකරණයට ඉඩ ලබාදෙන, වාසිගෙන දෙන ජීවීන් උනන්දු කරවන හෝ හඳුන්වාදෙන , ආරක්ෂිත බෝග තෝරාගැනීම හා බෝග භ්‍රමණය කිරීම හා පේළි ආවරණ හා උගුල් වැනි යාන්ත්‍රික පාලන තාක්ෂණික ක්‍රම ඇතුළත් වේ. මෙම තාක්ෂණික ක්‍රම මගින් පලිබෝධ පාලනයට අමතරව පාංශු සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම , පොහොර කරණය
, පරාගනය , ජල සංරක්ෂණය , ඍතු දිගු වීම, etc වැනි වාසි ලබා දේ. මෙම වාසි සියල්ලගේම සම්පූර්ණ බලපෑම සිදුවන්නේ ගොවිපලෙහි සෞඛ්‍ය්‍ය මතයි. වඩා කාර්යක්ෂම පළිබෝධ පාලනයක් සඳහා පලිබෝධ ජීවන චක්‍ර හා අන්තර් ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි තේරුම් ගැනීමක් අවශ්‍යය වේ.
 
වල් පැළ, ආවරණ වගා හා කොළරොඩු වැස්මවල් භාවිතය හරහා , යාන්ත්‍රිකව හා උෂ්ණත්වමය වශයෙන් පාලනය කරණු ලැබේ.
 
== References ==
"https://si.wikipedia.org/wiki/කාබනික_ගොවිතැන්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි