"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Infobox oxygen}}
 
'''ඔක්සිජන්''' හෙවත් '''අම්ලකර''' යනු ජීවින් ශ්වසනය කරන වායුවයි. [[ප්‍රභාසංස්ලේශණය]] මගින් ඔක්සිජන් නිපදවේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍රධාන අකාබනික සංයෝග වලද ඔක්සිජන් අන්තර්ගත වේ. ඇල්ගි හා සයනෝ බැක්ටීරියා <br />මගින් ජලයෙන් O2O<sub>2</sub> ලෙස ඔක්සිජන් නිපද වයි. තවත ශාක ප්‍රභා සංස්ලේශණ යෙන්ද O2O<sub>2</sub> නිපද වේ. සෛලීය ස්වසනය සිදුවීමේදී මෙම O2O<sub>2</sub> භාවිතයට ගැනේ. වායුගෝලයේ O2O<sub>2</sub> ප්‍රමාණය වැඩිවීමට පෙර එනම් අවුරුදු බිලියන 2.5 කට පෙර ලෝකයේ ප්‍රධාන ජීවි ස්වරූපය වු නිර්වායු පටක වලට ඔන්සිජන් විශ සහිතක මුල ද්‍රව්‍යයකි. ඩිසෝන් (O3O<sub>3</sub>) යනු ඔක්සිජන්හි තවත් ස්වරූපයක් (බහුරූපී) වන අතර වායුගෝලයේ උසින් පිහිටි එසෝන් වියනක් මගින් ජෛව ගෝලය හානිකර පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා කරයි. නමුත් පෘතුවි පෘෂ්ඨය ආසන්නයේදී O3O<sub>3</sub> දැඩි ධ්‍රැවිකාවක් ඇති කරන නිසා පෘතුවි පෘෂ්ඨය අසලදී දුෂකයක් ලෙසද ක්‍රියා කරයි.
 
== රසායනවේදමය හැඳින්වීම ==
ඔක්සිජන් පරමාණුක ක්‍රමාංකය 8 වු, O සංකේතයෙන් හදුන්වනු ලබන මූල ද්‍රව්‍යයකි. ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට හා කැල්තෝජන කුලයට අයත් වන මෙම අලෝහ මුලද්‍රව්‍ය ඉතා ප්‍රතික්‍රියාශීලි වන අතර බොහෝමයක් මූල ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර සංයෝග ඔක්සයිඩ සාදයි. සම්මත උෂ්ණත්ව හා පීඩනයේදී මූලද්‍රව්‍යයේ පරමාණු 2 ක් සම්බන්ධ වී වර්ණයක් ගන්ධයක් රසයක් නැති ද්විපරමාණුක ඩයොක්සීන් නැමති වායුවක් සාදයි. එය O2O<sub>2</sub> ලෙස රසායන සූත්‍ර මගින් දැක්වේ. ස්කන්ධය අනුව විශ්වයේ තෙවනුවට වඩාත්ම ඇති මූල ද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් වන අතර ඔක්සිජන් දෙවැනි වන්නේ හයිඩ්‍රජන්ට හා හීලියම්ට පමණි. තවද පෘතුවි කබොලේ වඩාත් සුලභම මුලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය. ස්කන්ධය අනුව ජලයෙහි 88.8% ඔක්සිජන් අඩංගු වන අතර වාතයේ 20.9% අඩංගුවේ.
 
== ඔක්සිජන් සොයාගැනීම ==
37 පේළිය:
--,පෙනහළු පටකවලට හානිකර වූ ට්‍රයි ඔක්සිජන් හෙවත් ඕසෝන් ඔක්සිජන්හි අතිශය ප්‍රතික්‍රියාශීලී බහුරූපී ආකාරයකි. ඉහල වායුගෝලයේ පාරජම්බුල විකිරණ මඟින් බිඳීමට ලක්වී සෑදෙන පරමාණුක ඔක්සිජන් සමඟ අණුක බැඳීමෙන් ඕසෝන් නිපදවේ. ඕසෝන් වර්ණාවලියේ පාරජම්බුල කලාපය හොඳින් අවශෝෂණය කරගන්නා බැවින් එය විකිරණ ආරක්ෂක ආචරණයක් සේ ක්‍රියාකරයි. (“ඕසෝන් ස්ථරය” බලන්න) නමුත් පෘථිවි පෘෂ්ටයට ආසන්න‍ෙය් දි රථ වාහන දුමාරයේ අතුරුඵලයක් සේ නිපදවෙන විට ඕසෝන් පරිසර දූෂකයකි.
 
අධි ස්ථායී අණුක චතුර් ඔක්සිජන් ([[ගොනුව:04 a1.JPG]]) නම් ප්‍රභේදය 2001 ව‍සරේ දී සොයාගන්නා ලද්දකි. එය ඝන ඔක්සිජන් හි අවස්ථා හයෙන් එකක පවතින බව විශ්වාස කෙරුණි. ඔක්සිජන් ගිගා පැස්කල් 20 ක පීඩනයකට යටත් කිරීමෙන් නිපදවාගන්නා මෙම අවස්ථාව රොම්බස තලීය [[ගොනුව:O8 a1.JPG]] පොකුරුවලින් සෑදී ඇති බවව 2000 දී ඔප්පු කරන ලදී. මෙම පොකුරු ආකාර ඔක්සිජන් බහුරූපය [[ගොනුව:O2O<sub>2</sub> a1.JPG]] හා [[ගොනුව:O3O<sub>3</sub> a1.JPG]] ට වඩා ප්‍රභල ඔක්සිකාරකයක් වන බැවින් එය රොකට් ඉන්ධනයක් ලෙස භාවිතයට ගැනීමේ හැකියාවක් පවතී. 1990 වසරේ දී ඔක්සිජන් හි ලෝහමය බහුරූපී ආකාරයක් සොයාගන්නා ලදී. ඝන ඔක්සිජන් 96 ගිගා පැස්කල්ට වැඩි පීඩනයකට යටත් කළ විට නිර්මාණය වන මෙම කලාපය ඉතා අඩු උෂ්ණත්වයන්හි දී සුපිරි සන්නායක තත්වයට පත්වන බව 1998 වසරේ දී පෙන්වා දෙන ලදී.
 
=== භෞතික ලක්ෂණ ===
 
ඔක්සිජන් නයිට්‍රජන්ට සාපේක්ෂව වඩාත් ජලයේ ද්‍රාව්‍ය වන අතර මේ හේතුවෙන් වායුගෝලයේ 4:1 වන නයිට්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලය තුළ දී දළ වශයෙන් 2:1 ක් පමණ වේ. ඔක්සිජන් ජල ද්‍රාව්‍යතාව උෂ්ණත්ව පරායත්ත වන අතර 0&nbsp;°C හිදී O2O<sub>2</sub> හි ජල ද්‍රාව්‍යතාව (14.6 mg•[[ගොනුව:L-1 a1.JPG]]) 20&nbsp;°C හි දී එම අගය (7.6 mg•[[ගොනුව:L-1 a1.JPG]]) මෙන් දෙගුණයකට ආසන්න වේ. 25&nbsp;°C උෂ්ණත්වයක් ද 1 atm වායු පීඩනයක් ද පවතින විට මිරිදිය ලීටරයක ඔක්සිජන් මිලලීටර 6.04 පමණ අඩංගු වේ. මෙම තත්ව යටතේ ම කරදිය ලීටරයක අඩංගු / දියවී ඇති [[ගොනුව:O2O<sub>2</sub> a1.JPG]] පරිමාව 4.95 mL වේ. 5&nbsp;°C උෂ්ණත්වයේ දී මිරිදිය හා කරදිය සඳහා මෙම අගයන් පිළිවෙලින් 9.0 mL හා 7.2 mL දක්වා ඉහල යන අතර මේ අනුව ද්‍රව්‍යතාවන්ගේ වැඩිවීමේ ප්‍රතිශතයන් පිළිවෙලින් 50% ට වැඩි සහ 45% වැඩි අගයක් ගනී.
 
90.20 K (−182.95&nbsp;°C, −297.31&nbsp;°F) උෂ්ණත්වයේ දී ඔක්සිජන් ද්‍රව තත්වයට පත්වන අතර 54.36 K (−218.79&nbsp;°C, −361.82&nbsp;°F) හි දී ඔක්සිජන් ගනීභවනය වීම සිදුවේ. ද්‍රව සහ ඝන ඔක්සිජන් පැහැදිලි ස්වභාවයක් ගන්නා අතර රතු ආලෝකය අවශෝෂණය කර ගැනීම හේතුවෙන් ලා නිල් පැහැයකින් දිස් වේ. (අගය නිල් පැහැයෙන් පෙනෙනුයේ මේ හේතුව නිසා නොවේ. එය රේලි ප්‍රකිරණය නම් ක්‍රියාවලිය ඔස්සේ නිල් ආලෝකය ප්‍රකිරණය වීමෙන් ඇති වේ) ද්‍රවිත වාතය භාගික ආසවනය මඟින් ඉතා සංශුද්ධ ඔක්සිජන් ලබාගන්නා අතර ද්‍රව නයිට්‍රජන් සිසිල් කාරකය සේ යොදා ගනිමින් වාතය සිසිලනයෙන් ද්‍රව ඔක්සිජන් ලබාගැනීම ද කළ හැක. ද්‍රව ඔක්සිජන් අතිශය ප්‍රතික්‍රියාශීලී සංයෝගයක් වන අතර දාහ්‍ය සංයෝග හා ද්‍රව්‍යවලින් වෙන්කර තැබිය යුතු වේ.
55 පේළිය:
=== සුලභත්වය ===
 
භූමිය සාගර සහ වාතය ඇතුළත් ජෛවගෝලයේ ස්කන්ධය අනුව වඩාත් සුලභම මූලද්‍රව්‍ය ඔක්සිජන් වේ. තවද හයිඩ්‍රජන් හා හීලියම්ගෙන් අනතුරුව විශ්වයේ තෙවැනි වඩාත් සුලභතම මූලද්‍රව්‍යය ද ඔක්සිජන් වේ. සූර්යයාගේ ස්කන්ධයෙන් .9% ක් පමණ ඔක්සිජන් වේ. ලෝකයේ සාගරවල ස්කන්ධයෙන් 88.8% ක ප්‍රතිශතයක් ද පෘථිවි කබොලේ ස්කන්ධයෙන් 49.2% ක ප්‍රතිශතයක් ද ඔක්සිජන්වලින් සමන්විත වන අතර ඒ අනුව සාගරවල ප්‍රධානතම සංඝටකය ද ඔක්සිජන් වේ. පෘථිවි වායුගෝලයේ දෙවැනි වඩාත් සුලභම සංඝටකය ඔක්සිජන් වන අතර වායුගෝලයේ මුළු පරිමාවෙන් 21% ක් පමණ, නැතහොත් එහි මුළු ස්කන්ධයෙන් 23.1% ක් (ටොන් [[ගොනුව:10-15 pwr a1.JPG]] ක් පමණ) පමණ ඔක්සිජන්වලින් සමන්විතය. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හා සැසඳූ කළ පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහල අගයක ගනී. අඟහරු ([[ගොනුව:O2O<sub>2</sub> a1.JPG]] පරිමාව අනු 0.1%) හා සිකුරු වැනි ග්‍රහලෝකවල වායුගෝල‍යන්ගේ ඔක්සිජන් සාන්ද්‍රණය පෘථිවියට සාපේක්ෂව අල්ප වේ. කෙසේ නමුත් මෙම අනෙක් ග්‍රහ‍ලෝක වටා පවතින [[ගොනුව:O2O<sub>2</sub> a1.JPG]] නිෂ්පාදනය වන එකම ක්‍රමය වන්නේ ඔක්සිජන් අඩංගු කාබන් ඩයොක්සයිඩ් වැනි සංයෝග මත පාරජම්බුල විකිරණ පතිත වීම මඟින් එම අණු බිඳීමට ලක්වීමයි
 
[[ගොනුව:AYool WOA surf O2O<sub>2</sub>.png|thumb|සිසිල් ජලය තුළ O2O<sub>2</sub> හි ද්‍රාව්‍යතාව ස‍ාපේක්ෂව ඉහල අගයක් වේ.]]
 
පෘථිවියේ අසාමාන්‍ය ලෙස ඉහල ඔක්සිජන් ප්‍රතිශතයක් පැවතීමට හේතුව ඔක්සිජන් චක්‍රයයි. මෙම ‍ෛ‍ජව භූ රසායනික චක්‍රය මඟින් පෘථිවියේ ඔක්සිජන් ප්‍රධාන සංචිත ත්‍රිත්වය වන වායුගෝල‍ය, ජෛව ගෝලය සහ ශිලා ගෝලය අතර ඔක්සිජන් හුවමාරු වීමේ ක්‍රියාවලිය පැහැදිලි කෙරේ. ඔක්සිජන් චක්‍රයේ ප්‍රධාන එලවුම් සාධකය ප්‍රභාසංස්ලේෂණය වන අතර එය නූතන පෘථිවි වායුගෝලයේ සංයුතිය සඳහා ප්‍රධාන ලෙසම දායක වී තිබේ. වර්තමාන පෘථිවි වායුගෝලයේ ඇති ඔක්සිජන් පරිමාව‍ කෙතරම් ද යත් ප්‍රභාසංස්ලේෂණය මුළුමනින්ම නතර වුව ද වර්තමාන වේගය යටතේ සියළුම ඔක්සිජන් වැයවන ක්‍රියාවලීන් එක්ව වායුගෝලය මුළුමනින්ම ඔක්සිජන්වලින් මුක්ත කිරීමට ගතවන කාලය වසර 5000කට ද වැඩි බව ගණනය කර තිබේ.
ලෝකයේ ජලීය දේහයන් තුළ ද ද්‍රවිත ආකාරයට නිදහස් O2O<sub>2</sub> පවතී. සාගර ජීවීන් සඳහා අඩු උෂ්ණත්වයන් හිදී ඔක්සිජන් හි ජල ද්‍රාව්‍යතාව වැඩි වීම දැඩිව බලපාන අතර මේ හේතුවෙන් ධ්‍රැවාසන්න සාගර කලාප සාගර ජීවීන් වැඩි ප්‍රමාණයකට වාසස්ථාන සපයයි. දූෂිත ජලයේ අඩංගු දිරායන ඇල්ගේ සහ අනෙකුත් ජෛව සංඝටක හේතුවෙන් එහි ඔක්සිජන් ප්‍රතිශතය පහල බැසිය හැක( සුපෝෂණය) විද්‍යාඥයන් ජලයේ මෙම ගුණය නිර්ණය කිරීම සඳහා ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම හෝ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරනු ලබයි.
 
== ජීවවිද්‍යාත්මක පසුබිම ==
75 පේළිය:
හෝ කාබන්ඩයොක්සයිඩ් + ජලය + හිරුඑළිය ග්ලූකෝස් + ඩයොක්සිජන්
 
ප්‍රභාසංස්ලේෂක ජීවීන් තුළ පවතින තයිලකොයිඩ පටල මත ප්‍රභාවිච්ඡේදනයෙන් ඔක්සිජන් ජනනය සිදුවන අතර ඒ සඳහා ශක්ති ලබා ගැනීමට ෆෝටෝන 4ක් අවශ්‍ය වේ. මෙම සමස්ත ක්‍රියාවලිය පියවර ගණනාවකින් සමන්විත වන නමුත් ප්‍රභාසංස්ලේෂණයේ දී අවසාන වශයෙන් සිදුවන්නේ තයිලකොයිඩ පටලය හරහා ප්‍රෝටෝන අනුක්‍රමණයක් ගොඩනැගීම හා ඒ ඔස්සේ ප්‍රභා පොස්පොරයිලීකරණය මගින් ATP සංස්ලේෂණයයි. මෙම ක්‍රියාවලියේ දී ජලය ඔක්සිකරණයෙන් ලැබෙන O2O<sub>2</sub> වායුගෝලයට නිදහස් කෙරේ.
 
සියලු ස්වායු ජීවීන්ට සෛලීය ස්වසනය සඳහා අණුක ඔක්සිජන් (O2O<sub>2</sub> / ඩයිඔක්සිජන්) අත්‍යාවශ්‍ය වේ. මෙම ජීවීන්ගේ මයිටොකොන්ඩ්‍රියා තුළදී ඔක්සින් භාවිතයෙන් ඔක්සිකාරක පොස්පරලීකරණය ඔස්සේ ATP (Adenosine triphospate) සංස්ලේෂණය කෙරේ. ස්වායු ස්වස‍නය සඳහා වන සරල සමස්ත ප්‍රතික්‍රියාව ප්‍රභාසංස්ලේෂණයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වන අතර පහත පරිදි දැක්විය හැක.
 
6H12O6 + 6O26O<sub>2</sub> 6CO26CO<sub>2</sub> + 6H2O + 2880 kJmol-1
 
පෘෂ්ඨවංශීන්ගේ පෙනහැලි තුළදී සියුම් පටල හරහා විසරණයෙන් ඔක්සිජන් රතු රුධිර සෛල තුළට ඇතුල් වේ. එහිදී හීමොග්ලොබීන් මගින් O2O<sub>2</sub> අණු ග්‍රහණය කරගන්නා අතර එවිට රතු රුධිර සෛලවල වර්ණ නිල්වන රතු පැහැයේ සිට දීප්තිමත් රතු පැහැය දක්වා වෙනස් වේ. අනෙක් සතුන් අතරින් ආත්‍රො‍පෝඩාවන් හා මොලුස්කාවන් ආදීන් හීමොසයිකින් ද , මකුණන් හා පොකිරිස්සන් ආදීන් හීමොචරිත්‍රීන් ද ඉහත ක්‍රියාවලිය සඳහා යොදා ගනී. රුධිර ලීටරයක් තුළ ඔක්සිජන් වායුව ඝන සෙන්ටිමීටර 200 ක් (200 cm3 / 200 cc) පමණ දිය කරගත හැක.
 
සුපර් ඔක්සයිඩ් අයන (O2O<sub>2</sub> ) හා පෙරොක්සයිඩ (O22O<sub>2</sub>2-) වැනි ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් ප්‍රභේද ඔක්සිජන් භාවිතයේ අතුරුඵල ලෙස ඇතිවිය හැකි අතර ජීවීන්ට අහිතකර බැලපෑම් ඇති කරයි. නමුත් ඇතැම් උසස් ජීවීන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතීන් පෙරොක්සයිඩ , සුපර් ඔක්සයිඩ සහ ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ආක්‍රමණික ක්ෂුද්‍ර ජීවී විශේෂ විනාශ කිරීමට යොදා ගනී. ඔක්සිජන්හි මෙම අධි ප්‍රතික්‍රියාශීලී ප්‍රභේද ශාක රෝග කාරක ජීවීන් හමුවේ දක්වන අතිසංවේදී ප්‍රතිචාරයන්හි දීද වැදගත් කෘත්‍යයක් ඉටු කරයි.
 
විවේකීව වැඩුණු මිනිසෙකු විනාඩියකට O2O<sub>2</sub> ග්‍රෑම් 1.8 ත් 2.4ත් අතර ප්‍රමණයක් ආශ්වාස කරන අතර මේ අනුව වසරක මානව වර්ගයා මගින් O2O<sub>2</sub> වායුව ‍ටොන් බිලියන 6ක් ආශ්වාස කරනු ලැබේ.
 
 
=== වායුගෝලයට ඔක්සිජන් වායුව එක් වීම ===
[[ගොනුව:Oxygenation-atm.png|thumb|පෘථිවි වායුගෝලයට ඔක්සිජන් එක්රැස්වීමේ ක්‍රියාවලිය]]
# O2O<sub>2</sub> නිපදවීමක් සිදු නොවේ
# O2O<sub>2</sub> නිපදවෙන නමුත් නිපදවෙන ප්‍රමාණය සාගර හා සාගර පාෂාණ තුළ එක්රැස් වේ.
# O2O<sub>2</sub> වායුව සාගරවලින් නිදහස්වීම ඇරඹෙන නමුත් එසේ ලැබෙන O2O<sub>2</sub> වායුව O3O<sub>3</sub> ස්ථරය නිපදවීමට වැයවීමක් භූමිය මගින් උරා ගැනීමක් සිදුවේ.
# අවසානයේ O2O<sub>2</sub> වායුව වායුගෝලය තුළ එක්රැස් වීම ඇරඹීම
 
 
ප්‍රභාසංස්ලේෂක archea බැක්ටීරියාවන්ගේ පරිණාමයට පෙර පෘථිවි වායුගෝලය සම්පූර්ණයෙන්ම පාහේ ඔක්සිජන් වායුවෙන් තොර වූවාක් විය. සැලකිය යුතු ප්‍රමාණයකින් වායුගෝලයට නිදහස් ඔක්සිජන් එකතුවීම පේලියප්‍රොටිරොසෙයික යුගයේදී එනම් අදින් වසර බිලියන 2.5ත් 1.6ත් අතර කාලයේ දී සිදුවිය. ආරම්භයේ දී O2O<sub>2</sub> සාගර ජලයේ ද්‍රවිත යකඩ හා එක්ව තීරුමය යකඩ සහිත තැන්පතු ඇති කරන ලදී. අනතුරුව සාගර ජලයෙන් O2O<sub>2</sub> වායුව වායුගෝලයට එක්වීම අදින් වසර බිලියන 2.7 කට පමණ පෙර කාලය වන විට වායුගෝලීය O2O<sub>2</sub> ප්‍රතිශතය එහි වර්තමාන ප්‍රතිශතයෙන් 10% ක තත්වයට ළගා විය.
 
මෙසේ වායුගෝලයේ හා සාගර ජලයේ O2O<sub>2</sub> වායුව සුලභව නිදහස් හා ද්‍රවිත ආකාර වලින් පැවතීම ආරම්භ වූ අවධියේ දී එය එකල බහුල වූ නිර්වායු ජීවීන්ට ඉතා විනාශකාරී ප්‍රතිඵල ගෙන යන අතර අදින් වසර බිලියන 2.4 කට පමණ පෙර කාලයකදී මේ හේතුවෙන් බොහෝ නිර්වායු ජීවී විශේෂ වද වී යෑම සිදුවිය. තවද O2O<sub>2</sub> යොදාගෙන සෛලීය ස්වසනය සිදු කිරීමෙන් ස්වායු ජීවීන්ට නිර්වායු ජීවීන්ට හා සාපේක්ෂව වැඩි ATP ප්‍රමාණයක් සංස්ලේෂණය කළ හැකිවීම ස්වායු ජීවීන්ට පෘථිවි ජෛව ගෝලයේ ප්‍රමුඛත්වයට පැමිණීමට ආධාර ‍විය. මේ අනුව ප්‍රභාසංස්ලේෂණයේ හා ස්වායු ස්වසනයේ අවසාන ඵලය ලෙස ක්‍රමයෙන් සූන්‍යෂ්ටික සෛලවලින් ඇරඹී අවසානයේ සංකීර්ණ බහු සෛලික ජීවීන් වන ශාක හා සතුන් දක්වා වන පරිණාමික ක්‍රියාවලිය ආරම්භ විය.
 
වසර මිලියන 540 කට පෙර කේම්බ්‍රියන් අවධියේ ආරම්භයේ සිට වායුගෝලයේ පරිමාව අනුව වූ O2O<sub>2</sub> ප්‍රතිශතය 15% ක් 30%ත් අතර විචලනය වී තිබේ. අදින් වසර මිලියන 300ට පමණ පෙර වායුගෝලීය O2O<sub>2</sub> ප්‍රතිශතය (පරිමාව අනුව) එහි උපරිමය වූ 35% ක් දක්වා ඉහළ යාම සිදු විය. මෙකල කාබොනිෆෙරස් අවධියේ අවසාන භාගය වූ අතර වායුගෝලීය අධික O2O<sub>2</sub> සාන්ද්‍රණය නිසා වර්තමාන ප්‍රමාණයන්ට වඩා විශාල කෘමීන් හා උභය ජීවී විශේෂවල පැවැත්මට ඉඩ සැලසුණි. වසරකට ෆොසිල ඉන්ධන ‍ටොන් බිලියන 7ක් දහනය ඇතුළු මානව ක්‍රියාකාරකම් මගින් වායුගෝලීය O2O<sub>2</sub> ප්‍රතිශතයට සිදුව ඇති බලපෑම නොගිනිය හැකි තරම් වන අතර වර්තමාන ප්‍රභාසංස්ලේෂක සීඝ්‍රතාව අනුව වායුගෝලයේ පවතින O2O<sub>2</sub> ප්‍රමාණයට සම ප්‍රමාණයක් සංස්ලේෂණය සදහා ගතවන කාලය වසර 2000ක් පමණ වේ.
 
== ඉතිහාසය ==
132 පේළිය:
 
=== විෂ සහිත බව ===
[[ගොනුව:Scuba-diving.jpg‎|thumb|පෙනහළු තුළට සාමාන්‍යය O2O<sub>2</sub> හි ආංශික පීඩනයට වඩා වැඩි O2O<sub>2</sub> ඇතුල් වූ විට ඔක්සිජන් විෂදායක විය හැකිය. ගැඹුරු ස්කූබා යොදාගෙන කිමිදීමේ දී මෙය සිදුවේ.]]
 
=== ප්‍රධාන සටහන : ඔක්සිජන් විෂ වීම ===
"https://si.wikipedia.org/wiki/ඔක්සිජන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි