"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: jv:Serangan 11 September 2001
No edit summary
135 පේළිය:
 
ප්‍රහාරයෙන් පසු ඇති වුනු ලෙඩ රෝගවලට වියදම් වූ මුදල්වලට අදාල හබයන් තවමත් අධිකරණවල විවාද වෙමින් පවතී. 2006 ඔක්තෝබර් 17 වන දින ඇල්වින් හෙලර්ස්ටීන් නම් ෆෙඩරල් විනිශ්චයකරු, ගලවා ගැනීමේ සේවකයින්ගේ ගාස්තු නොගෙවීමට නිව් යෝර්ක් (අධිකාරිය) විසින් ගන්නා ලද තීරණයකට ඉඩ නොදුන්නේය. මෙම තීන්දුව අනාගතයේ කළ හැකි එවැනි ඉල්ලීම්වලට අනුබලයක් විය. ප්‍රහාරය සිදු වීමෙන් පසු ගත වූ ආසන්න සති කිහිපය තුළ මහජනතාවට නැවතත් මැන්හැට්න් ප්‍රදේශයට පැමිණෙන්නැයි ඉල්ලීම් කළ රජයේ නිලධාරීන් මහජනයාගේ දෝෂ දර්ශනයට ලක් විය. EPA (සංවිධානයේ) පාලක ක්‍රිස්ටියන් ටොඩ් විට්මන් ප්‍රහාරයෙන් පසු බොහෝ විවේචනයන්ට ලක් වූයේ එම ප්‍රදේශය ජනතාවට ආරක්ෂාකාරී පෙදෙසක් යයි වැරදි තොරතුරු සැපයීම හේතුවෙනි. ජනාධිපති බුෂ් ද EPA අර්ථ දැක්වීමට පිළිගෙන, ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ වාතයේ තත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය නිසා විවේචනයට ලක් විය. ඊට අමතරව නගරාධිපති ගුයිලියානි ද, මූල්‍ය ව්‍යාපාර ආයතනයන්ට වෝල් ස්ට්‍රීට් ප්‍රදේශයට එන්නට බල කිරීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයන්ට ලක් විය.
 
== කුමන්ත්‍රණ න්‍යායන් ==
 
පහරදීම් හෝ ආක්‍රමණ වලට අනතුරුව, එය සිදුකළේ අල් කයිඩා සංවිධානයෙන් පිටත පුද්ගලයන් බව හා එම පහරදීම් පිළිබඳව කලින් ඇතැම් පුද්ගලයන් කටයුතු නොකළ බවමට වැනි කුමන්ත්‍රණ න්‍යායන් මතු වී තිබේ. සිවිල් ඉංජිනේරු ප්‍රජාව පිළිගන්නේ පහළ ගොඩනැගිලි (Twin Towers) හි බිඳ වැටීම කෙරෙහි අධික වේගයෙන් පැමිණි ජෙට් යානාවල ඝට්ටනය නිසාවෙන් වුවක් බවත් එයට පාලිත කඩාදැමීමක් (controlled demolition) බල නොපෑ බවත්ය.
 
'''9/11 කොමිසම'''
 
ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්තවාදී පහරදීම (9/11 කොමිසම) පිළිබඳ ජාතික කොමිසම නිව් ජර්සිහි (New Jersey) හි ආණ්ඩුකාර තෝමස් කීන් (Thomas Kean) ගේ මුලසුන යටතේ 2002 වසරේ අගභාගයේදී පිහිටුවන ලදී. මෙහි අරමුණ වූයේ ආක්‍රමණ මුල් කරගෙන ඇතිවන තත්ත්ව සම්පූර්ණ කිරීම හා එම ආක්‍රමණ වල මුහුණ දීමට ඒවාට වහා ප්‍රතික්‍රියා දැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. 2004 ජූලි මස 22 වැනි දින කොමිසම යටතේ 9/11 කොමිසම් වාර්තාව නිකුත් කරන ලදී. කොමිසම හා මෙම වාර්තාව විවිධ විවේචන වලට භාජනය වී තිබේ.
 
 
[[als:11. September 2001]]
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි