"සියඹලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
109 පේළිය:
==සියඹලා ශාක‍යේ වැදගත්කම==
 
[[ගොනුව:Tamarind2.jpg|400px|left|thumb   අමු සියඹලා කරල්]]ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එහයින් වාත ශාකමය . උෂ්ණාධික ය. පිත්ත ශාකමය . පරණ වූ සියඹලා බොර, ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි . සියඹලා බොර විරේචන ගුණ යුක්තය . සියඹලා කරලේ ලොඳ වැනි කොටස දිය කිරීමෙන් සියඹලා බොර සකස් කර ගනී. ඉදුණු සියඹලා කරල් වල බොර මෙන්ම අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු ඵල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය . සියඹලා දළු හා මල් ශීත වීර්යයි . පිත්ත ශාකමය . මල් ස්වරසය අතීසාරයට ගුණ දේ . සියඹලා දළු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනී . සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ . මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී අභ්‍යන්තර වශයෙන් දෙනු ලැබේ . සියඹලා ඉන්දියානු ජාතිකයෝ සිය ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එක් කර ගන්නා කුළු බඩුවකි . සියඹලා යුෂ සරුවත් බුරුම ජාතිකයන්ගේ ජනප්‍රිය පානයකි . සියඹලා කරලේ මදපිපාසය , මල බද්දය නසන පිත්ත විරේචක , යකෘතය උත්තේජනය කරවන ඔසුවකි . සුරාසව - මද්‍යසාර , අත්තන ආදියෙන් ඇති වූ මත් විෂ පහ කිරීම සඳහා සියඹලා භාවිත කරයි .
 
සියඹලා පොතු ස්වරසය අන්ත්‍ර ශුල වේදනා නිවාරණය කරයි. සියඹලා කුඩා ළමුන්ට අනගි විරේකඔසුවකි . අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය . කෑම අරුචිය , බඩගින්න නොමැතිකම යන‍ මේවාට නොවරදින ප්‍රතිඵල ලබා දෙන පානයකි. සියඹලා බොර පානය, ගෙඩි - වණ, අර්බුද , පිළිකා වලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ . සියඹලා ඇට කසට රස යුක්තය . එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතී . බීජ වලින් සැකසූ ඖෂධ උණ , මුත්‍රා , ව්‍යූහගත ආබාධ , සන්ධිගත රෝග , නසයි . පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ . අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය පිත්තප්වර , මුත්‍රාස්මරී , (මුත්‍රා ගල්) අවස්ථාවලදී භාවිත කෙරේ .
"https://si.wikipedia.org/wiki/සියඹලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි