"ශ්‍රී ලංකාවේ දාගැබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
[[ගොනුව:අභයගිරිය..jpg|right|thumb|අභයගිරි චෛත්‍යය]]
බුදුන්වහන්සේට රූපකාය සහ ධර්මකාය නමින් කොටස් දෙකක් තිබූ බවට පිළිගන්නා අතර මහායානය අදහන්නන් විසින් ධර්ම චෛත්‍යය යන නමින් හඳුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වදාල ධර්මස්කන්ධයයි. එනම් පටිච්චසමුප්පාදය සහ ධර්ම සංගණිය ආදියයි. මෙහිදී මහායානිකයන්ගේ අදහස වූයේ මෙකී ධර්මස්කන්ධය ලේඛන ගත කොට ස්තූපයන්හි තැන්පත්කොට පුදපූජා පැවැත්වීම වඩා අර්ථෝචිත සහ අනුහස් සහිත බවය. මෙහිදී ඔවුහු මෙම ධර්මය ලේඛනගත කිරීමට ලෝහ තහඩු, මැටි පුවරු ආදිය භාවිතයට ගනු ලැබූහ. ඒවායේ ධරණී, පටිච්චසමුප්පාදය වැනි දෑ සඳහන් කර ඇති බවද සඳහන්වේ. මිහින්තලය ඉඳිකටු සෑය, විජයාරාම ස්තූපය ආදිය මීට නිදසුන් ලෙස දැක්විය හැකි බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා පෙන්වාදෙයි. මීට ඉන්දියාවෙන් හමුවන නිදසුන ලෙස "පහර්පූර් ස්තූපය" දැක්විය හැක. එමෙන්ම "සද්ධර්මාරත්නාකරයට" අනුව අභයගිරිය ස්තූපයේ නිධන් කොට ඇත්තේ ධර්ම ධාතුවයි. තවද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතූන්වහන්සේලා අට කොටසකට බෙදා නගර අටක චෛත්‍ය ඉදි කළ වග ඉතිහාසයෙහි සඳහන්වේ. තවද ‍ද්‍රෝණ නම් බමුණකු විසින් බුද්ධ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්තූප කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
 
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
දෙවනපෑතිස් රජ දවස ඇතිවූ මහින්දාගමනයත් සමඟ ලාංකික ස්තූප ගොඩනැගීම ක්‍රමවත් බවට පත්විය.මෙකී මහින්දාගමනයත් සමඟ බොදුජන ජීවිත‍යේ විශාල පුනරුදයක්, පෙරළියක් ඇතිවිය. මෙය ලාංකික ජන සංස්කෘතිය, කලා ශිල්ප වලට එකලෙස බලපෑවේය.ලාංකික ස්තූප කෙරෙහිද මෙම තත්‍ව‍‍ය නොවෙනස්ව පැවතිණි.
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
ඓතිහාසික කරුණු අනුව ලංකාවේ ප්‍රථම ස්තූප ලෙස මහින්ද මහරහතන්වහන්සේගේ සැලසුමකට අනුව දේවානම්පියතිස්ස රජු අතින් ඉදිවූ අනුරාධපුර ථූපාරාමය හැඳින්විය හැක. නමුත් ස්ථූපයේ ඓතිහාසික විකාශය අනුව චෛත්‍ය කර්මාන්තය ථූපාරාමයෙන් ඔබ්බට විහිද යන බව දැකිය හැක.ඒ අනුව මහියංගනය සහ තිරියාය ලංකාවේ ප්‍රථම දාගැබ් 2 ලෙස සැලකිය හැකි බව ඇම්:එච්: සිරිසෝම මහතා ප්‍රකාශ කරයි. මුල්කාලීනව ලාංකික ස්තූප එතරම් විශාල නොවු අතර ක්‍රි:ව:2 වන ශතවර්ෂය වන විට විශාල ස්තූප තැනීමට යොමු වූ බවට රුවන්මැලි මහා සෑය කදිම නිදසුනකි. භාරතයේ හෝ අන් රටක දක්නට නොලැබෙන ඉතා විශිෂ්ඨ අංගයක් ලාංකික ස්තූපවලට එකතුවී තිබේ. ඒ වාහල්කඩයි. ලාංකික ස්තූපවලට එකතුවූ අනෙක් වැදගත්අංගය නම් වටදාගෙයයි. එය ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සඳහන් කළ හැක. කෙසේවුවද අනුරාධපුර ථූපාරාමයට අනතුරුව මිහිඳු මහරහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්‍ කොට උත්තිය රජතුමා විසින් මිහින්තලය අම්බස්තල චෛත්‍යය ඉඳි කරන්නට යෙදුණි. සම්බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි බුදුරජාණන්වහන්සේ ලක්දිව කැලණියට වැඩි සේක. කිත්සිරිමෙවන් රජ දවස කැලණි විහාරය තනවා නිමකරන ලදී. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව ඒ ක්‍රි:ව: 301-328 අතර කාලයේය. අනතුරුව බුදුරජාණන්වහන්සේගේ වම් හකුවේ වම් දළදාව නිදන්කොට කාවන්තිස්ස රජු විසින් තිස්සමහාරාම චෛත්‍යය ඉදිකොට ඇත.
35 පේළිය:
===බෞද්ධ ස්තූපයක කොටස්===
#. චූඩා මාණික්‍යය
 
#. කොත
 
#. කොත් කැරැල්ල
 
#. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
#. චූඩා මාණික්‍යය
#. ගර්භය
#. කොත
#. වාහල්කඩ
#. කොත් කැරැල්ල
#. පේසා වළලු
#. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
#. සලපතල මළුව
#. ගර්භය
#. වැලි මළුව
#. වාහල්කඩ
#. සඳකඩ පහන
#. පේසා වළලු
#. සලපතල මළුව
#. වැලි මළුව
#. සඳකඩ පහන
 
==ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ස්තූප වර්ග==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දාගැබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි