"ශ්‍රී ලංකාවේ දාගැබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
[[ගොනුව:අභයගිරිය..jpg|right|thumb|අභයගිරි චෛත්‍යය]]
බුදුන්වහන්සේට රූපකාය සහ ධර්මකාය නමින් කොටස් දෙකක් තිබූ බවට පිළිගන්නා අතර මහායානය අදහන්නන් විසින් ධර්ම චෛත්‍යය යන නමින් හඳුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වදාල ධර්මස්කන්ධයයි. එනම් පටිච්චසමුප්පාදය සහ ධර්ම සංගණිය ආදියයි. මෙහිදී මහායානිකයන්ගේ අදහස වූයේ මෙකී ධර්මස්කන්ධය ලේඛන ගත කොට ස්තූපයන්හි තැන්පත්කොට පුදපූජා පැවැත්වීම වඩා අර්ථෝචිත සහ අනුහස් සහිත බවය. මෙහිදී ඔවුහු මෙම ධර්මය ලේඛනගත කිරීමට ලෝහ තහඩු, මැටි පුවරු ආදිය භාවිතයට ගනු ලැබූහ. ඒවායේ ධරණී, පටිච්චසමුප්පාදය වැනි දෑ සඳහන් කර ඇති බවද සඳහන්වේ. මිහින්තලය ඉඳිකටු සෑය, විජයාරාම ස්තූපය ආදිය මීට නිදසුන් ලෙස දැක්විය හැකි බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා පෙන්වාදෙයි. මීට ඉන්දියාවෙන් හමුවන නිදසුන ලෙස "පහර්පූර් ස්තූපය" දැක්විය හැක. එමෙන්ම "සද්ධර්මාරත්නාකරයට" අනුව අභයගිරිය ස්තූපයේ නිධන් කොට ඇත්තේ ධර්ම ධාතුවයි. තවද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතූන්වහන්සේලා අට කොටසකට බෙදා නගර අටක චෛත්‍ය ඉදි කළ වග ඉතිහාසයෙහි සඳහන්වේ. තවද ‍ද්‍රෝණ නම් බමුණකු විසින් බුද්ධ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්තූප කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
දෙවනපෑතිස් රජ දවස ඇතිවූ මහින්දාගමනයත් සමඟ ලාංකික ස්තූප ගොඩනැගීම ක්‍රමවත් බවට පත්විය.මෙකී මහින්දාගමනයත් සමඟ බොදුජන ජීවිත‍යේ විශාල පුනරුදයක්, පෙරළියක් ඇතිවිය. මෙය ලාංකික ජන සංස්කෘතිය, කලා ශිල්ප වලට එකලෙස බලපෑවේය.ලාංකික ස්තූප කෙරෙහිද මෙම තත්‍ව‍‍ය නොවෙනස්ව පැවතිණි.
21 පේළිය:
කතරගම කිරිවෙහෙර ස්තූපය හා සබැඳි ජනප්‍රවාදයක් නම්, අද්‍යතනයේ කිරිවෙහෙර ස්තූපය ඉදිකර ඇති ස්ථානයේ වරක් පන්සියයක් මහරහතන්වහන්සේලා මහාසමාපත්තියට සමවැදී ධර්මය දේශනා කළ බවත් එවිටම මහපොළව දෙදරවා එම ස්ථානයේ මතු ආරක්‍ෂාව සඳහා "මහාඝෝෂ" නම් දෙව්රජකු පහළවූ බවත් වංශ කතා තොරතරු හෙළි කරයි. මෙහි එන "මහාඝෝෂ" නම් දෙව්රජ කතරගම දෙවියන්යැයි ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන්වේ.
 
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
පසුකාලීනව එළාර රජු සමඟ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්නට යෙදුණු දුටුගැමුණු රජතුමා විසින් අනතුරුව රුවන්මැලි මහා සෑය ඉදිකරන්න ලදී' ස්වර්ණමාලී නොහොත් රත්නවල්ලි යන දෙවඟනක් මූලික කරගෙන මෙම ස්තූපය ස්වර්ණමාලී චෛත්‍යය නොහොත් රත්නවල්ලී හෝ රුවන්වැලි චෛත්‍යය නමින් එකල සිට ප්‍රචලිතය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දාගැබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි