"දළදා තේවාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
[[ගොනුව:Kandy maligawa.jpg|right|thumb|මාලිගාව |200px]]
 
[[ශ්‍රී ලංකා|ලක්දිව]] [[දළදා වහන්සේ]] වැඩම වීමෙන් පසුව [[කීර්ති ශ්‍රී මේඝ|කිත්සිරි මෙවන්]] රජතුමා පටන් වත් පිළිවෙත් රැසක් ආරම්භ විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන වසර දෙදහසකට වඩා පැරණි මෙම වත් පිළිවෙත් තුළින් [[බුද්ධාගම|බෞද්ධාගමික]] අනන්‍යතාවයන් හා අපූර්වතම ජාතික උරුමයක් මෙන්ම විවිධ සමාජ ස්ථරයනයන්නේ ස්වභාවය ඉස්මතු කොට දක්වයි. මෙලෙස දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන් හදුන්වනු ලබන්නේ දීතේවාව” යනුවෙනි. ආහාර ගිලන්පස තෙල්මල් පහන් යනාදියෙන් දිනපතාම අලුයම් කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ධ්‍යා භාගයේ තේවාවන් ද පැවැත්වේ. අතීතයේ දෛනිකව [[ශ්‍රී දළදා මාලිගාව|දළදා මාලිගාව]] තුළ උදේ හවස පවත්වනු ලබන වතාවත් සදහා රජු විසින් ම පත් කළ වෙනමම පුද්ගල කොටස් විය. එලෙස දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තෙවරක් වත් පිළිවෙත් පවත්වන ලද බව විවිධ වංසකතා වල මෙන්ම විවිධ දේශාටන වාර්තාවලින් තොරතුරු රැසක් හමුවේ. දෛනිකව කෙරෙන එම තේවාව කිසියම් ව්‍යවස්ථාවකට අනුකූලව කළ යුතු බවට ඒ ඒ යුගයන්හි රජවරුන් විසින් පනවන ලද විවිධ නීති මාලාවක් ද දක්නට ලැබෙි. එම අතීත විධි විධාන අනුව යමින් වර්තමානයේ ද එම තත්වය ඒ අයුරින්ම පාරම්පරික වත්පිළිවෙත් වලට අනුකූලව සිදු කරන බව පෙනේ. අලුයම පූජාව, දවල් පූජාව ,සන්ධ්‍යා පූජාව යනුවෙන් අවස්ථා තුනකදී පැවැත්වෙන මෙම තේවාව තූළ පැහැදිළිවම පුරුෂ පාර්ශවය පමණක් යොදාගන්නා අතර වතාවත් පැවැත්වීම හා ඒ සම්බන්ධ සියලුම කටයුතු භාරවනුයේ ඉහළ යයි සම්මත කුලවල අයටය. දළදා මාලිගයේ වතාවත් සදහා පිරිමි හා [[භික්ෂූන් වහන්සේ|භික්ෂූන්]] පමණක් යොදාගැනීම අතීතයේ සිදුවූවකි.
===අලුයම තේවාව===
අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය[[ගොනුව:Sri Dalada Maligawa.JPG|150px|leftright|thumb|තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස]] කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.
මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.
 
Line 13 ⟶ 12:
 
ඬේව් සිය වාර්තාවල සදහන් කරන ආකාරයට මෙම තේවා කටයුතු වලට මාලිගාවේ දිව නිළමේද සම්බන්ධ වූ බව දක්වයි. .දී...මාලිගාවේ කටයුතු සදහා සැරසෙන හේ ජලස්නානය කොට පිරිසිදු තුප්පොට්ටියක් ඇඳ යටත් පිරිසෙයින් සූවිසි පැයක් මාංශානුභවයෙන් වළකියි. මෙසේ කෙරෙන්නේ මෙවැනි කටයුතු ගැන බුදුන් ප‍්‍රසන්න වන නිසා නොව මාලිගාවට අරක්ගෙන සිටිතැයි සැලකෙන දෙවියන් ශාරීරික පවිත‍්‍රතාව ගැන සාවධානු වීම නිසා සහ ඒ පිළිබද නොසැලකිල්ල ගැන නොකැමැති නිසාය. දිව නිලමේ විසින් පැවැත්වෙන උදය පූජාව බත්, මාළු, සහ මල් යන මෙයින් සවස පූජාව මල්, ගිලන්පස, දැහැත් යන මෙයින් ද යුක්තය වියදී.
 
1
දළදා වහන්සේ වෙනුවෙන් මෙලෙස දෛනිකව සිදුකළ තේවා කටයුතු දෙස බලන විට මුල්කාලීනව එහි රාජකාරීමය බලය භික්ෂූන් වහන්සේලාට හා පිරිමි ගිහියන්ට පැවරී තිබූ බව පෙනේ. එම භික්ෂූන් වහන්සේලා තෝරාගනු ලැබුවේ අස්ගිරි හෝ මල්වතු විහාර පාර්ශවයන්ට අයත් භික්ෂූන්ගෙනි. එනිසාම සෙසු භික්ෂූන් වහන්සේලාට වඩා වැඩි ගෞරවයක් හිමිව තිබූ බව පැහැදිලිය. එපමණක් නොව දළදාව සදහා තේවාව
කරන භික්ෂූන් වහන්සේ නමක් වයසින් තරමක් බාල වුවද වයසින් වැඩි මහලු නායක හිමි නමක් පවා එම තේවාව භාරව සිටි හිමි නම පැමිණි විට නැගිට ගෞරව කිරීමක් සිදු කළ යුතු බව
Line 39 ⟶ 38:
උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.
 
[[ගොනුව:Buddhist pray.jpg|200px|leftright|thumb|වන්දනා කිරිම]]
=== තේවාව හා ස්ත්‍රිය===
ස්ත‍්‍රීන් විසින් තම හිසකෙස් අතර සඟවා වරඩමවූ නමුදු (කිල්ලට අසුවිය හැකි පුද්ගලයන් ලෙස සිතූ නිසාදෝ) තේවාව සඳහා කාන්තාවන් යොදාගැනීමක් සිදු කර නොමැත. අතීතයේ පමණක් නොව වර්තමානයේද එම අදහස එලෙසම පවතින බව පෙනී යන්නේ එවැනි අවස්ථාවලදී කාන්තාවන් ආගමික කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් හා සම්බන්ධවීමෙන් වැළකී සිටීම නිසාය. විශේෂයෙන් දෙවියන් උදෙසා කෙරෙන ආගමික වතාවත් වලදී එය බලපවත්වයි. මහනුවර යුගය වන විට එය දළදා වහන්සේ වත් පිළිවෙත් විෂයෙහිද බලපා තිබූ බව පෙනේ.
"https://si.wikipedia.org/wiki/දළදා_තේවාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි