"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
120 පේළිය:
''' කුර්ආන් - සාහිත්‍යමය සැකැස්ම '''
 
ශුද්ධ වූ අල් -කුර්ආනයේ සුභ පණිවිඩය ලොවට විදහා දැක්වීමට නොයෙකුත් ආකාරයේ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ගෙන ඇත. කුර්ආනයේ අභ්‍යන්තර හරය පැහැදිලි කර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දින ගැනීම සඳහා එකල ජනයා භාවිතා කළ ආවේණික අරාබි භාෂාව උපයෝගී කරගෙන වාක්‍ය හා පරිච්ඡේද පෙළ ගන්වා ඇත. වචන උච්ඡාරණය කළ යුතු ආකාරය හා ලිවීමට සරල භාෂා ශෛලියක් උපයෝගී කර ගනිමින් ජනයාගේ සිත් ඇද ගන්නා ස්වරූපයෙන් මෙය නිමාන වී ඇත. අරාබි විද්වතුන්ගේ සම්මත පිළිගැනීමක් වන්නේ අල් කුර්ආන් ග්‍රන්ථයන් අනෙකුත් සාහිත්‍ය කෘති ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. නමුත් මුස්ලිම්වරුන් ස්ථිර ලෙස පවසන්නේ ශුද්ධ වූ අල්-කුර්ආනයේ විස්තරය හා විලාසය අනුකරණය කළ නොහැකි බවයි. රිචඩ් ගොතෙයිල් සහ සිග්මන්ඩ් ෆ්රෑන්කල් යන දෙදෙනා යුදෙව් විශ්වකෝෂයේ සඳහන් කරන ආකාරයට පැරණිතම අල් කුර්ආන් කොටසක් එහි වැදගත් තොරතුරුවලින් එහි භාෂාව වැරදි ලෙස හසුරුවා කෙටියෙන්, අහඹු ලෙස හා එකකට පසු තවකෙක් යන ක්‍රියාදාමයට අනුකූලව ක්ෂණිකව වෙනස් කර ඇත. ශුද්ධ අල්කුර්ආනය ඉතාමත් සූක්ෂම අයුරින් පැහැදිලිව හා නිවැරදිව සැලකිල්ලට ගනිමින් එහි එලිසමය නිරවුල්ව පවත්වා ගෙන ඇත. පසුව පහළ වූ කුර්ආන් පාඨවල ද මෙම තත්ත්වය ඉහළ මට්ටමක පැවතුණ ද එහි නිහඬ බව හා එය හසුරුවා ඇති විලාසය ගැන වාද විවාද පවතී.
ඉස්ලාමයේ මුල්ම කාල වකවානුවේ පහළ වූ මක්කියා පරිච්ඡේදවලින් හෙළි දක්වන තොරතුරු නැවත නැවතත් ප්‍රශ්නයක් යොමු කරයි. “මිනිස් ජීවිතයක අවසානය කෙසේ ප්‍රයෝජනවත් වෙයිද?” මයිකල් සෙල්ස් නැමැත්තා නෝමන් ඕ. බ්‍රවුන් සමඟ වාද කළ අතර බ්‍රවුන්ස් එළිදක්වා ඇති තොරතුරු වන්නේ අල් කුර්ආනයේ කලාව ක්‍රමවත් නොවීම හේතුවෙන් එය විසිරී පැතිර පවතින කෘතියක ස්වරූපයක් ගන්නා බවයි. සෝල්ස් මහතාගේ තොරතුරුවලින් එළි කරන්නේත් එය සාහිත්‍යමය කලාවක් බවත්, එය සිත් ගන්නා සුළු සංවේදී අනාවරණයක් වන අතර එකල අරාබිවරුන් භාවිතා කළ ආවේණික මව් භාෂාවෙන්ම පහළ වී ඇති බවත්ය. සෙල්ස් මහතා තවදුරටත් සඳහන් කරන්නේ එය නැවත නැවත තොරතුරු එළි කරමින් එක්තරා සාහිත්‍යමය කලාවකට අනුව සකස් කර ඇති බවයි.
 
== සාහිත්‍යමය උපයෝගීතාවය ==
 
සාහිත්‍යමය උපයෝගීතාවය ශුද්ධ වූ අල් කුර්ආනය පාරායනය කිරීම, ගායනා කිරීම හා වන පොත් කිරීම පහසු කිරීම සඳහා එය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කොටස්වලට බෙදා වෙන් කර ඇත. එය නොයෙකුත් දිග ප්‍රමාණයෙන් යුත් පරිච්ඡේදවලට වඩා වෙනස් හා අමතර වූවකි. එක සතියකින් හෝ මාසයකින් කියවා නිම කිරීමට හැකිවන සේ සම්පූර්ණ අල්කුර්ආනයම අජිසා හෙවත් ජුස්උ තිහකට බෙදා වෙන්කර ඇත. එහි සමහර කොටස්වලට නම් යොදා ඇති අතර ඒවාට එම පරිච්ඡේද ආරම්භ කරන මුල් අක්ෂරයන් උපයෝගී කරගෙන ඇත. එය නැවත කොටස් දෙකකට බෙදා ඇති අතර ඒවා අහ්සාබ් නම් වේ. එක් හිසාබයක් නැවත කොටස් 4 කටද බෙදා ඇති අතර ඒවා රුබ්උල් අහ්සාබ් යනුවෙන්ද හඳුන්වා ඇත. එහි වෙනස් සැලැස්මක් රුකුලක් ලෙස සපයා ඇති අතර ඒවා තවත් කුඩා කොටස් ලෙස වාක්‍යය දහයක් පමණ අඩංගු ඡේද වශයෙන් දක්වා ඇත. තවත් අයුරකින් ශුද්ධ කුර්ආනයම මන්සීල් නමැති කොටස් 7 ට බෙදා ඒවා එක සතියකින් පාරායනය කර නිම කිරීමට හැකි සේ පහසු කර ඇත.
 
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි