"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
65 පේළිය:
 
එහි (අජ්සා) කුඩා කොටසක් කොටස් තිහකින් සමන්විතය එය අහසාබ් නම් ප්‍රධාන කොටස් 2 කින් ද (ජුක්උ භාගය - නග්බු) වශයෙන් ජුස්උ කාල (රුබ්උ) හෙවත් රුබ්බුල් අහ්සාබ් යන තවත් කොටස් 4 කින් ද මන්සීල් හෙවත් විශාල කොටස් 7 කින් ද සමන්විතය.
 
ශුද්ධ වූ අල් කුරාන් වාක්‍ය ආරම්භයක්, ගර්භයක් අවසානයක් හෝ නොමැති අතර එය එකක් අනිකට සම්බන්ධව ජාලයකට හෝ දැලකට සමාන වේ.
 
නොයෙකුත් මතධාරීන් මෙහි සැකැස්ම සම්බන්ධව විවේචන ඉදිරිපත් කර ඇත. එනම් එහි නැවතීමක් පහළ වූ අනුපිළිවෙලින් ගායනය කරන පිළිවෙලක් හෝ නැවත නැවත සඳහන් කිරීමක් හෝ දක්නට නොමැති බවයි.
 
Line 167 ⟶ 165:
 
පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන බොහෝ නිර්මාණකරුවන් පරිගණක අක්ෂරයන් අල් කුරාන් අක්ෂරවලට අදාළව සැකසීමට ඉදිරිපත් වී උනන්දුවෙන් කටයුතු කරති. අල් කුරානය තොග වශයෙන් මුද්‍රණය වීමට පෙර මෙය අත් පිටපත් ලෙස හා අක්ෂර කලාවන් ලෙස හුවමාරු විය. අතීතයේ පටන් මුස්ලිම්වරුන්ගේ ප්‍රතිපත්තිය හා පිළිගැනීම වන්නේ අල් කුරානයේ තොරතුරු ඇසුරින් රූප නිර්මාණය කිරීම, එය රංගනයක් වශයෙන් එළි දැක්වීම, හෝ එහි අදහසට අංශු මාත්‍රයක් හෝ පටහැනි වන ආකාරයට කටයුතු කිරීම බරපතල වරදක් වන බවයි. එදා පටන්ම මුස්ලිම්වරු ශුද්ධ වූ අල් කුරානය තම ජීවිතයටත් වඩා උසස් කොට සලකා ආදරයෙන් ආරක්ෂා කරති. අරාබි අක්ෂර විවිධ අක්ෂර කලා අනුව හැඩකර ඉදිරිපත් කර ඇති අතර සමහර වාක්‍ය සංකීර්ණ හා අලංකාර ලෙස නිමවා ඇත. අරාබි අක්ෂර කලාව චීන අක්ෂර කලාව හා සමානවම ඉහළින්ම පසසා ඇති කලාවකි. මුස්ලිම්වරු ද අල් කුරානයේ අක්ෂර වර්ණ තීන්ත රත්‍රන් තහඩුවල අරබෙක්ස් ක්‍රමයට සකස් කරන ලද පුවරු මේ සමඟ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
 
 
 
== අල් කුර් - ආනයේ විවේචන ==
Line 176 ⟶ 172:
ඇතැම් විවේචකයන් ශුද්ධ වු අල් කුර් - ආනයේ දිව්‍යමය මුලාරම්භය පිළිබඳ මුස්ලිම්වරුන් දරන විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ මෙම තර්කයට පදනම් වී ඇත්තේ අල්කුර් - ආනයේ යම් යම් පාඨ වල ගැටළු සහ සදාචාරාත්මක ගැටළු පවතින බවට ඔවුන් දක්වන අදහසයි.
 
== අල්-කුරානය - සංස්කෘතිය ==
 
Line 196 ⟶ 191:
 
අල් කුර් - ආනය බිහි වීමත් හා ඉස්ලාම් ධර්මයේ පුබුදුවත් සමඟම, අරාබි අක්ෂර හෝඩිය ඉතා විචිත්‍ර වුත්, සංකිර්ණ වුත් කලාවක් බවට සංවර්ධනය විය.
 
යංස්ටවුන් ප්‍රාන්ත සරසවියේ ඉස්ලාමිය අධ්‍යනයන් පිළිබඳ මහාචාර්යවරයෙකු වන මුස්තන්සිර් මිර් සහ විකාගෝ සරසවියේ පෙරදිග භාෂා සහ ශිෂ්ටාචාර පිළිබඳ මහාචාර්ය වදාද් ඛාදි පෙන්වා දෙන ආකාරයට, මුහම්මද් නබි (සල්) තුමා එතුමාගේ නබිත්වය දැරූ වකවානුව වන විට අරාබි භාෂාව භාෂාවක් වශයෙන් මෙන්ම සාහිත්‍යමය සම්ප්‍රදායක් වශයෙන් සංවර්ධනය වී තිබුණ ද, එය එහි උපරිම අභිනව හැකියාව කරා ලඟා වීම සහ අරාබි සාහිත්‍යය එහි සංකිර්ණ බවෙහි සහ විචිත්‍රවත් බවෙහි හිනිපෙත්තට ළං වීම සිදුවුයේ ඉස්ලාම් ධර්මයේ පිබිදීමත් සමඟයි. අල් කුර් - ආනය යනු සම්භාව්‍ය සහ පශ්චාත් සම්භාව්‍ය අරාබි සාහිත්‍යයේ දැකිය හැකි විශිෂ්ටතම බලපෑම බව, අල් කුර් - ආනයේ සැලකිය යුතු ආභාසයක් පෙන්නුම් කරන්නේ අරාබි සාහිත්‍යයේ එන ව්‍යවහාරයන් සහ තේමාවන්ය. අරාබි සාහිත්‍යයේ එන සුවිශේෂ දිවුරුම්, උපමා, මෝස්තර අංග සහ සංකේත වලද අල් කුර් - ආනයේ ආභාසය දැකගත හැක. ව්‍යවහාරයන් ගැන සැලකීමේදී අල් කුර්-ආනයේ සඳහන් වන වචන, රූඩි, අභිනයන්, විශේෂයෙන් සකසා ඇති වැකි ආදිය සියලුම සාහිත්‍ය ප්‍රභේදවල පාහේ දැකගත හැකි බැවින් ඒ පිළිබඳ නිසි වාර්තා සම්පාදනය කිරීමට අපහසුය. අල් කුර් - ආනය, එහි එන පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා සම්පුර්ණයෙන්ම නැවුම් වු භාෂාමය සංග්‍රහයක් නිර්මාණය කළා පමණක් නොවේ, එය පුර්ව ඉස්ලාමීය වචන වලට නව අර්ථයන් ලබා දීමෙන් අරාබි භාෂාව සහ සාහිත්‍යය පෝෂණය කර ඇත.
 
Line 207 ⟶ 201:
ශුද්ධ වූ අල් කුර්ආනය පුන පුනා පවසන කතන්දර, පුද්ගලයන්ගේ තොරතුරු, හා සිද්ධීන් සලකා බැලීමේදී ඒවා පැරණි ගිවිසුමේ හා බයිබලයේ ඇති තොරතුරුවලට බොහෝදුරට සමාන වන අතර එහි සාහිත්‍යමය අගය ඉහළින් පවතී.
(එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් කටයුතු කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” සිදුකළේය.
 
(එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් කටයුතු කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” සිදුකළේය.
 
අල්කුර්ආන් (3:3)එහෙත් එහි තොරතුරු හැදෑරීමේදී අල්කුර්ආන් සහ අනෙකුත් ග්‍රන්ථවල තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එහි බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ආදම් නබි තුමාගෙන් පටන් එනෝක්, නුන්, හේබර්, ෂෙලාන්, ආබුහට්,ලුත්, ඉස්මිඉල්, ඉස්හාක් , යඃකූබ්, යුසුන් , ජොබ්, ජෙත් රෝ, දාවුද්, සුලෙයිමාන්, එලීජා, එලීෂා, ජෝනා ,හාරුන්, මුසා ,එස්රා, ස්කරියියා, ඊසා.... නබිතුමා දක්වා නබිවරුන්ගේ නම් දේව වක්තෘන් වශයෙන් අල් - කුර්ආනයේද සඳහන් වන අතර ඒ ගැන (Prophets of Islam) නම් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.
 
මුස්ලිම්වරු විසින් විශ්වාස කරන්නේ පොදුවේ ඇති අනාවරනයන් මඟින් කුර්ආනයේ සහ අනෙකුත් පහළ වූ දේව ග්‍රන්ථවල ප්‍රචාරය කිරීම සිදු කරනු ලබන බවයි.එය පැරණි ගිවිසුමේ සහ බයිබලයේ සඳහන් ඒ ඒ නබිවරුන්ම පහළ වූ සුභ ආරංචි තහවුරු කරයි.
 
 
එමෙන්ම කලින් පහළ වූ ආගම් ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස ඒවා පිළිගැනීමට නොහැකි තත්ත්වයක පැවතීමත් ඒවා කළින් කළ වෙනස්කම්වලට භාජනය කිරීමත් නිසාය යන්න මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි.තවද දෙවියන්ගේ නීතියට අමතරව මිනිසුන්ගේ අදහස් එයට එක්කර ඇති නිසාය. නමුත් ශුද්ධ කුරානය මෙම කරුණු සියල්ලෙහිම සම්පිණ්ඩනයක් ලෙස අවසන් වරට පහළ වූ අංග සම්පූර්ණ ජීවන සැළැස්මකි.
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි