"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
41 පේළිය:
“ ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක කවචයන්ට අයත් විය හැකි අතර එවිට කිසිදු එක් පරමාණුවකට එය අයත් යැයි පැවසිය නොහැක. ”
1916 වසරේ දී වෝල්කර් කොසෙල්
1927 වසරේ දී සරල රසායනික බන්ධනයක් සඳහා මුල්වරට ගණිතමය වශයෙන් සම්පූර්ණ ක්වොන්ටම් පැහැදිලි කිරීමක් ([[ගොනුව:H2+ a1.JPG]] අණුක හයිඩ්‍රජන් අයනයේ තනි ඉලෙක්ට්‍රෝනය මඟින් නිර්මාණය වන ආකාරයේ) ඩෙන්මාක් ජාතික භෞතික විද්‍යාඥ ඔයිවින්ඩ් බැරෝ විසින් ව්‍යුත්පන්න කරන ලදී. මේත් සමඟම රසායනික බන්ධන පැහැදිලි කිරීමට ක්වොන්ටම් වාදය භාවිතා කිරීම මූලධර්ම වශයෙන් සහ ප්‍රමාණාත්මකව නිවැරදි විය හැකි බව ඔප්පු විය. නමුත් මෙහි දී යොදා ගත් ගණිත ක්‍රම ඉලෙක්ට්‍රෝන 1කට වැඩි සංඛ්‍යාවක් ඇති අණු සඳහා භාවිතා කළ නොහැකි ඒවා විය. මෙම වර්ෂයේ දීම ෆ්‍රිට්ස් ලන්ඩන් සහ වෝල්ටර් හිට්ලර් විසින් මේ සඳහා වඩාත් ප්‍රායෝගික සහ ප්‍රමාණාත්මක බවින් අඩු ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී. වර්තමාන සංයුජතා බන්ධන වාදය සඳහා පදනම මෙම හීට්ලර් - ලන්ඩන් ක්‍රමය විය. 1929 දී ශ්‍රීමත් ජෝන් ලෙනාඩ් - ජෝන්ස් පරමාණුක කාක්ෂික රේඛීය අතිච්ඡාදන අණුක කාක්ෂික ක්‍රම හඳුන්වා දෙන ලදී. තවද මූලික ක්වොන්ටම් මූලධර්ම ඔස්සේ [[ගොනුව:F2 a1.JPG]] (ෆ්ලුවොරීන්) සහ [[ගොනුව:O2 a1.JPG]] (ඔක්සින්) අණුවල ඉලෙක්ට්‍රෝනික ව්‍යුහ ව්‍යුත්පන්න කිරීමේ ක්‍රම ද යෝජනා කළේය. මෙම අණුක කාක්ෂිකවාදය මඟින් සහ සංයුජ බන්ධන තනි පරමාණු තුළ පවතින ඉලෙක්ට්‍රෝන සඳහා උපකල්පිත ක්වොන්ටම් යාන්ත්‍රික ෂ්‍රේඩින්ගර් පරමාණුක කාක්ෂික එකතුවෙන් සෑදෙන කාක්ෂිකවලින් නිරූපිත බව ප්‍රකාශ විය. බහු ඉලෙක්ට්‍රොනික පරමාණුවල බන්ධන ඉලෙක්ට්‍රෝන සඳහා අදාල සමීකරණ ගණිතමය වශයෙන් (විශ්ලේෂීව) පරිපූර්ණ ලෙස විසඳිය නොහැකි විය. නමුත් ඒවා සඳහා ලබාගත් සන්නිකර්ෂණ මඟින් හොඳ තත්වයේ ප්‍රමාණාත්මක අනාවැකි සහ ප්‍රතිඵල ලබාගත හැකි විය. නූතන ක්වොන්ටම් රසායන විද්‍යාවේ බොහෝ ප්‍රමාණාත්මක ගණනය කිරීම් සඳහා ආරම්භය ලෙස සංයුජතා බන්ධන වාදය හෝ අණුක කාක්ෂික වාදය භාවිතා වේ. එහෙත් ඒ හැරුණු විට ඝනත්ව ශ්‍රිත වාදය නම් තෙවැනි ක්‍රමයක් ද පවතින අතර පසුගිය වසර කිහිපයක් තුළ එය වඩාත් වැඩි වශයෙන් භාවිතා වීම ආරම්භ විය.
|