"ඡයාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
43 පේළිය:
ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මගින් අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ෂටර වෙනස් කරයි. ශිල්පියා ඊට සුදුසු සිදුරු ප්‍රමාණය කැමරාව මගින් සකස් කරගනී.
 
== ඡායාරූපකරණය අභ්‍යන්තරය - සිදුරු ==
 
සේයා පටලය මත හෝ රූප සංවේදකය මත පතනය වන ආලෝකය පාලනය කිරීම සඳහා ඡායාරූප කාචයක සිදුරු නැවතුම යොදාගත හැකියි. සිදුරේ ප්‍රමාණයේ සහ ෂටරයේ වේගයේ සුසංයෝගයෙන් තිරය ආලෝකයට විවෘතව පවතින ප්‍රමාණය පාලනය කෙරේ. වේගවත් ෂටර වේග වලින් ප්‍රමාණවත් තරම් ආලෝකය ලබා ගැනීම සඳහා විශාල සිදුරු ප්‍රමාණ අවශ්‍ය වන්නා සේම මන්දගාමී ෂටර වේග වලින් වැඩිපුර විවෘත වීම වැළැක්වීම සඳහා කුඩා වීදුරු ප්‍රවාහ අවශ්‍ය වේ.
[[Image:Aperture_diagram.svg.png|thumb|සිදුරේ ප්‍රමාණය අඩුවන ආකාරය දැක්වෙන දළ රූප සටහන]]
 
සාමාන්‍යයෙන් සිදුරු නැවතුම ලෙසට පටලයක් භාවිතා වේ. මෙය බොහෝ සෙයින් මිනිස් ඇසට සමාන වන අතර, එමඟින් කාචයේ සඵල විශ්කම්භය පාලනය කෙරේ. සිදුරේ ප්‍රමාණය කුඩා කිරීමෙන් ක්ෂේත්‍රයේ ගැඹුර වැඩිවේ. මෙමඟින් නාභිගත කරන වස්තුව නාභි තලයට සාපේක්ෂව පිහිටීම නීර්ණය කළ හැකිය. මේ අනුව සිදුර කුඩා වන තරමට නාභිය තලයේ සිට වස්තුවට ඇති දුර වැඩිවේ.
 
කාචයේ සිදුර සාමාන්‍යයෙන් F -අංකය මඟින් හඳුන්වනු ලැබේ. මෙය නාභිය දුර හා සඵල සිදුරු විෂ්කම්භය අතර අනුපාතය වේ. සාමාන්‍ය කාචයකට F - නැවතුම් කිහිපයක් ඇත. කුඩා අංකයෙන් විශාල සිදුරක් පිළිබිඹු කරයි. ඡායාරූපකරණයේදී,
'' එක් F- නැවතුම" යනු F - අංකයේ වෙනස්වීමෙන් භාගයකි.
සිදුරු ප්‍රමුඛතාවය යනු අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ඡායාරූපගත කිරීමට යොදා ගන්නා ප්‍රකාරයයි. මෙමඟින් ඡායාරූප ශිල්පියාට අවශ්‍ය පරිදි සිදුරු වෙනස් කිරීමට ඉඩදෙන අතර සුදුසු ෂටර වේගය කැමරාව මඟින් තීරණය කරයි.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඡයාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි