"බෝම්බ හෙලන ගුවන් යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: kk:Бомбалаушы
No edit summary
6 පේළිය:
 
==බෝම්බ හෙලන ගුවන් යානා වර්ගීකරණය==
උපක්‍රමශීලී අයුරින් බෝම්බ හෙලන ගුවන් යානා මූලිකව සැලසුම් කෙරෙන්නේ උපක්‍රමශීලී ඉලක්ක වෙත එනම් සැපයුම් මූලස්ථාන, බලගන, කර්මාන්තශාලා, නාවුක යාත්‍රාංගන, නගර වැනි ඉලක්ක වෙත දිගු දුර ප්‍රහාරක මෙහෙයුම්වල දී භාවිතයටයි. ඒ සතුරාගේ යුධ ප්‍රයත්නයන් විනාශ කිරීමටයි.
උදාහරණ - B-17 Flying Fortress, B-24 Liberator, B-52 Stratofortress, General Dynamics F-111 'Aardvark' , Tupolev Tu-16 'Badger', Tupolev Tu-160 'Blackjack', Tupolev Tu-95 'Bear', Gotha G.
 
17 පේළිය:
[[ගොනුව:Handley Page O-400.jpg|right|thumb|[[Handley Page Type O]] two-engined bomber in flight over oil tanks. The outbreak of World War I led to this design of the first two-engined bomber.]]
 
ගුවනේ දි තෙල් ටැංකි මතට බෝම්බ හෙලීමට යොදාගත් එන්ජින් දෙකකින් යුත් ගුවන් යානාවක් ,1 ‍වන ලෝක සංග්‍රාමයේ පැතිරිම මෙවැනි එන්ජිම දෙකකින් යුතු ගුවන් යානා නිර්මාණය කිරිමට හේතු‍වුණි.
 
පළවන ලෝක යුද්ධයේ ආරම්භක වකවානුවේ ප්‍රහාරක ගුවන්යානාවන්ගේ දියුණුවක් සමගම බෝම්බ හෙලන ගුවන්යානාවන්ගේ පරිණාමයද සිදුවුණි. එහෙත් ගුවනේ සිට බෝම්බ හෙලීමක් සිදුවු පළමු අවස්ථාව ලෙස ඉතාලියානුවන් විසින් 1911 දී ලිබියාවට එරෙහි යුද්ධය හැදින්විය හැක. 1912 දී ‍බල්ගේරියානු ගුවන් හමුදාවේ ගුවන් නියමු Christo Toprakchiev තුර්කියට බෝම්බ (එවකට කුඩා බෝම්බ ලෙස බල්ගේරියානු හමුදාවන් හැදින්වු) හෙලිමට ගුවන් යානා උපයෝගි කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් කලේය. එම අදහස අනුව යමින් කපිතාන් විවිධ කුඩා බෝම්බ අනුහුරු කරමින් සහ ඒවායේ ධාරිතාව වැඩි කරමින් මුලාකෘති කිහියක් නිර්මාණය කළේය. 1912 ඔක්තෝම්බර් 16 වැනිදා Tarakachiev, විසින් ගුවන් නියමු Rodul Milkov පැදවු Albatros F II වර්ගයේ ගුවන් යානයකසිට එවැනි බෝම්බ 2 ක් තුරිකියේ (වැටලු Edirne අසල) දුම්රිය ස්ථානයකට හෙලන ලදි.
 
අත්හදා බැලිම් කිහිපයකින් අනතුරැවඅනතුරව වායුගති විද්‍යානුකුලව වැඩි දියුණු කළ X හැඩැති පසුපස හැඩයකින් සහ ගැටුම් ප්‍රස්පෝඨක යොදා අවසන් සැලසුම ඉදිරිපත් කලේය. මෙවැනි ගුවන් යානා Edrine වැටලීමේදී බල්ගේරියානු හමුදාවන් වැඩි වශයෙන් යොදා ගනු ලැබිය. මෙම ගුවන් යානයේ අනුපිටපතක් ජර්මනියට අලෙවි කිරිමත් සමගම Chathaldza යන සංකේත නාමයෙන් හැදින්වු මෙම බෝම්බ ‍පළමු ලෝක සංග්‍රාමය අවසන් වන තුරැම මහා පරිමාණයෙන් නිෂ්පාදනය විය.
 
ක්‍රි.ගෑ. 6 ක බරකින් යුතු මෙම බෝම්බ පොළොවේ ගැටීමෙන් මිටර් 4-5 ක් පමණ දිගින් හා මිටරයක් පමණ ගැඹුරින් යුතු ආවාටයක් වැනි කරයි. ජර්මානුවන් Zepplines නමින් හැදින්වු ගුවන් යානා, ඒවා සතු පරාසය සහ ජර්මනියේ සිට එංගලන්තයට බෝම්බ රැසක් ප්‍රවාහනය කිරිමේ හැකියාව නිසා බෝම්බ හෙලන ගුවන් යානා ලෙස යොදා ගන්නා ලදි. ගුවන්යානා තාක්ෂණයේ හා උපකරණයන්ගේ දියුණුවත් සමගම, විශාල එන්ජිම කිහිපයකින් සහ දෙපස ප්‍රදාන තටු යුගලකින් සමන්විත ගුවන් යානා ද වඩා පැතිරුණු පරාසයන්හි බෝම්බ හෙලිමට යොදා ගැණිනි. විශේෂයෙන් උපක්‍රමශිලිව රාත්‍රියේ බෝම්බ ප්‍රහාර සදහා මේවා භාවිතා වුනි. අදටත් බහුතරයක් ගුවනේ සිට බෝම්බ හෙලිමට යොදා ගැනේ. විශේෂයෙන් උපක්‍රමශිලිව ‍රාත්‍රියේ බෝම්බ ප්‍රහාර සදහා මේවා භාවිතා වුණි. අදටත් බහුතරයක් ගුවනේ සිට බෝම්බ හෙලිමට යොදා ගැනෙනුයේ එක් එන්ජිමකින් සහ ප්‍රධාන තටු යුගයලයකින් යුත් ගුවන් යානා වන අතර නාවිකයන් එක් අයෙකුගේ හෝ දෙ‍නෙකු ගමන් ගනි. අසල පිහිටි සතුරැ ආරක්ෂක පවුරැ වලට ප්‍රහාර එල්ල කොට සැණෙකින් නැවත පැමිණිම සදහා මේවා යොදා ගනු ලබයි. ලොව එන්ජින් 4 කින් යුතු පළමු බෝම්බ හෙලන ගුවන් යානය රැසියාවේ 1914 දී නිපද වු Ii'ya Muromets වන අතර එය පළමු ලෝක සංග්‍රාමයේදි සාර්ථකව යොදා ගැණුනි. පළමු ලෝක සංග්‍රාමයේ අග භාගයේදී එක්සත් රාජධානිය ජර්මන් කාර්මික හදවත වෙත ප්‍රහාර එල්ල කිරිමේ එකම අභිප්‍රායෙන් අධිබලැති බෝම්බ හෙලියහැකි ගුවන් යානා සමුහයකින් සන්නද්ධ වී සිටිය ද ඒවා භාවිතායට ගැනීමට ප්‍රථම යුද්ධය නිමා විය.
"https://si.wikipedia.org/wiki/බෝම්බ_හෙලන_ගුවන්_යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි