"හමුදා අධ්‍යාපන හා පුහුණුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb|The [[French Foreign Legion training in France.]] == ආයුධ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

01:04, 9 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

The French Foreign Legion training in France.

ආයුධ රහිත සටහන් පුහුණුව

සත්‍ය වශයෙන්ම යුද්ධයකදී මල්ලව පොර යොදා ගැනීම සම්බන්ධව වඩාත්ම සවිස්තරාත්මක විස්තරය ක්‍රි.ව 6 වන සියවසේ සිදුවූ රෝමානූ (නැගෙනහිර රෝමානූ - බයිසත්තියන්) පර්සියානූ යුද්ධය සම්බන්ධව ලේඛන ගත කල ‘ප්‍රොකෝපියස්’ මගින් හමුවේ. පහත දැක්වෙන්නේ රෝමානූ මල්ලව පොර ගුරුවරයෙකු හා වෘත්තිය ‍පර්සියානූ සොල්දාදුවන් දෙදෙනකු අතර ඇති වු ද්වන්ධ සටන් දෙකක් ගැන සුවිශේෂී වූ විස්තරයකි (ප්‍රේකෝපියන්, යුද්ධ‍යන්හි ඉතිහාසය I. XII 29)

 
Filipino soldiers during a training excersise.

"නමුත් අසාධාරණයට අසු මෙහෙය වූ තරුණ පර්සියානූවෙක්, රෝමානූ හමුදාවේ සියල්ලන්ටම අභියෝග කරමින් තමා සමඟ සටන් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අඬගැසීය. බෞසෙක්ගේ උපස්ථායකු වූ, සොල්දාදුවෙකුගේ හෝ කිසිදිනෙක යුධ කලාව ප්‍රගුණ නොකළ තැනැත්තකු වූ, එනමුදු බයි‍සත්තිය‍මේ එක්තරා මල්ලව පොර පාසලක තරුණයන් පුහුණු කරන්නනෙකු වූ අන්ද්‍රියාස් නම් තැනැත්තෙක් හැර මුළු හමුදාවෙන්ම වෙන කිසිවෙකු මෙම තර්ජනයට මුහුණ දීමට අකමැති විය. මෙහිදී ඔහුගේ උපන් ස්ථානය බයිසන්තියම බවත් ඔහු බෞසෙක් හට ස්නානයේදී උපස්ථාන කල බවත් පැහැදිළි විය. ස්වකීය කැමැත්තෙන්ම ‍ බෞසෙක් හෝ වෙන කිසිවෙකුගේ අණකිරීමකින් තොරව ගොස් පර්සියානූවා සමඟ තනිව සටන් කිරීමට ධෛර්ය තිබුණේ මොහුට පමණි. බාබේරියානුවා තම පහර කෙසේ එල්ල කල යුතුදැයි සිතමින් සිටින විට අල්ලාගන්නා ලදුව අන්ද්‍රියාස් විසින් හෙල්‍ලයෙන් පපුවේ දකුණු පසට පහර දෙන ලදී. මේසා විශාල කායශක්තියෙන් හෙබි මිනිසෙකු විසින් එල්ල කරන ලද පහරක් දරා ගත නොහැකි වු පර්සියානූවා අසු පිටින් බිමට ඇද වැටිණි. මෙහිදී අන්ද්‍රියාස් විසින් කුඩා පිහියකින් ඔහු උඩුකුරුව වැතිර සිටියදිත් බිලි පූජාවකදි පුදන සතෙකු මෙන් මරණ ලද අතර මෙහිදී නගර ප්‍රාකාරයෙන් හා රෝමානූ හමුදාවෙන් විශාල ජයඝෝෂාවක් නැගිණි. නමුත් පර්සියානූවන්ට අත් වූ ප්‍රතිඵලය ගැන දැඩි ලෙස කුපිත වූ තවත් අශ්වාරෝහකයෙක් ඉදිරියට එවන ලද අතර ඔහු ශරීර ප්‍රමාණයෙන් විශාල වු අතර හිස සිටම අළු පැහැගැන්වී තිබීම මගින් තරුණයෙක් නොවු බව ද පෙණින. මෙම අශ්වාරෝහකයා ද ප්‍රතිවිරුද්ධ හමුදාව වෙත අසු මෙහෙයවා අසුට තලන ලද කසය වේගයෙන් ලෙලවමින්, රෝමානූවන් අතරින් තමා හා සටන් කිරීමට කැමති කෙනෙකුට අඬ ගැසීය. කිසිවෙකුත් ඔහුට විරුද්ධව ඉදිරිපත් නොවූ විට සර්මෝජින්ස් විසින් එසේ නොකරණ ලෙසට අණකරනු ලැබීය. නමුත් අන්ද්‍රියාස් කිසි‍වෙකුගේ අවධානයට ලක් නොවී ඉදිරියට ගියේය. මෙහිදී දෙදෙනාම උමතුවෙන් මෙන් හෙල්ල දරාගෙන එකිනෙකා වෙත වේගයෙන් අසුන් පැන්නු අතර මෙහිදී ඔවුන්ගේ හෙල්ල දැඩි බලයකින් මෙන් වෙනතට යොමු වු අතර එය හිස ගැටුණු අසුන් දෙදෙනා ද බිම වැටී අශ්වාරෝහකයන් දෙදෙනා ද බිම හෙලීය. එකිනෙකාට ළගින් ඇද වැටුනු මිනිසුන් දෙදෙනාම ඉතා ඉක්මනින් නැවත නැගිටීමට උත්සුක වූ අතර පර්සියානූවාට සිය‍දේහ ප්‍රමාණය නිසා මෙය අපහසු කාර්යයක් විය. නමුදු, අන්ද්‍රියාස් මෙය බලා පොරොත්තුවෙන් සිට (ඔහුගේ මල්ලව පොර පාසල මෙම වාසිය ඔහුට ලබා දී තිබුණේය) පර්සියානූවා එක් දණකින් නැගී සිටිනවාත් සමඟම පහර දුන් අතර ඔහු නැවත බිම වැටුණු විගස ඔහුව මරා හෙලීය. මෙහිදී පෙර තරම්ම හෝ පෙරටත් වඩා විශාල ජයඝෝෂාවක් නගර ප්‍රාකාරයෙන් හා රෝමානූ හමුදාවෙන් නැගී සිටියේය. මෙහිදී පර්සියානූවන් සමූහය විසිරුවා අමෝඩියොස් වෙත පසුබැසි රෝමානූවන් දොරටු විවෘත කර නගරය තුළට ගියේය. මක් නිසාද යත් ඒවනවිට අදුරු වැටී තිබුණු බැවින් මෙලෙස හමුදාවන් දෙකම ‍රැය පහන් කලේය.’’ හමුදා පුහුණුවේදී මල්ලව පොර මගින් අත්කර ගැනීමට බලාපොරෝත්තු වන ප්‍රධාන අරමුණු වන්නේ,

  • සමබරතාවයේ විශිෂ්ඨ දියුණුවය. මෙය සතුරාගේ සමබරතාව නැති කිරීමට උත්සාහ කරන අතරම තමාගේ සමබරතාව ‍රැක ගැනීමට උත්සාහ කිරීම මගින් දියුණු කර ගනී. යුද්ධයේදී බිම ඇද වැටීම කෙනෙකුව ඉතා ඉක්මනින් ආයුධ වලින් කෙරෙන පරහදීමකට ලක්ව තුවාල වීමේ අවදානම ඉහල නංවයි. එම නිසා හොද සමබරතාවයක් පවත්වා ගැනීම සෙබළුන්ට අනිවාර්ය වේ.
  • ග්‍රහණයේ ශක්තිමත්භාවය හා හස්ත කෞශල්‍යය ආයුධ හා සටන් භාණ්ඩ භාවිතයට වැදගත් වේ.
  • ඒකාග්‍ර හා බලසම්පන්න තල්ලු කිරීමේ බලය සටනේ දී සතුරා වෙත ආයුධ වලින් දමා ගැසීම හෝ ඇනීම සිදු කර යුතුවේ.
  • බිම ඇද වැටුනහොත් ඉතා ඉක්මනින් නැවත නැගිට සිටිමේ හැකියාව මෙය සටන් බිමේදි දිවි රැක ගැනීමට ඉතා වැදගත්ය.
  • ශක්තිය, දරා ගැනිමේ හැකියාවයි සිදුවන වර්ධනය
  • තුවාල ලත් සගයන් ඔසවාගෙන යාමට හෝ සිරකරුවන් පාලනය කිරීමට අවශ්‍ය ශාරිරික පුහුණුව
  • කලහකාරීත්වය ඇති කිරීම හා ප්‍රතික්‍රියා දැක්වීමේ වේග‍යහි වැඩි දියුණුව
  • මිතුරු සබඳතා හා වි‍නෝදකාමීත්වය දියුණු කිරීම.
ගොනුව:Prcinfantry.jpg
එක්සත් ජනපද හමුදාව ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් තරඟකරන ක්‍රිඩකයන්ට සොල්දාදුවන්ට සහයෝගය දක්වයි.

හමුදා සාමාජිකයින් නොයෙකුත් එක්සත් ජනපද ජාතික මල්ලව පොර ශූරතා දිනාගෙන ඇති අතර හමුදා සටහන් සාජන්ට් ‘ඩ්‍රෙමියල් බයරස්’ හෙවිරවයිට් බර පන්තියෙන් 2002 දී ග්‍රීක රෝමානූ ලෝක ශුරතාව දිනාගත්තේය. මෙම මල්ලව පොර කොතරම් තරඟකාරී ද යත්, එක් එක් බර පංතියේ පිරිමි ගැහැණු ජයග්‍රහකයින් අනිවාර්යයයෙන් එක්සත් ජනපද මල්ලව පොර පරිසාදන තරඟ වලට සුදුසුකම් ලබයි.


සටහන්

Military education and training Hand-to-Hand Combat Training