"සමුද්‍ර පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image:Lakemurray-wyse_ferry_Bridge_sonar.jpg|thumb|දකුණු කැරෝලිනාවේ මුරේ විලේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

00:19, 9 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

සමුද්‍ර පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ මුහුදු, විල් හා ගංගා සමඟ බැඳුනු මනුෂ්‍ය ක්‍රියාකාරකම් සොයායෑමයි. එහිදී එම ක්‍රියා හෙළිකර ගැනෙන්නේ නැව්, වෙරළාශ්‍රිත නිවාස, භාණ්ඩ, මනුෂ්‍ය අවශේෂ හා මුහුදයට වුනු භූමි අධ්‍යයනය මඟිනි. සමුද්‍ර පුරාවිද්‍යාවේ විශේෂත්වය වන්නේ අතීත ක්‍රියා ජලයෙන් යටවුනු අවශේෂ අධ්‍යයනය මඟින් හෙළිදරව් කිරීමයි. නැව් ගොඩනැංවීම හා එහි භාවිතය අධ්‍යයනයන් කරන නාවික පුරාවිද්‍යාව, සමුද්‍ර පුරාවිද්‍යාවේ අංගයකි.

දකුණු කැරෝලිනාවේ මුරේ විලේ ගිලී පවතින අඩි 160 දිග පාලමක සෝනාර් දර්ශනයක්.


සමුද්‍ර පුරාවිද්‍යා ප්‍රදේශ වන්නේ නැව් ගිලිණු ස්ථාන හා භූකම්පන වලින් විනාශයට පත්වු ස්ථාන වැනි ප්‍රදේශයන්ය. සාගරයේ හෝ වෙනත් දියයට පවතින පුරාවිද්‍යාත්මක වස්තූන් ගොඩබිම පවතින වස්තූන් වලට වඩා වෙනස් තත්ත්ව වල පවතී. නමුත් ගොඩබිම් පුරාවිද්‍යාවේදී මුල් භාණ්ඩයෙන් අවශේෂ වු කොටසක ඉතා කුඩා කැබැල්ලක් අධ්‍යයනය සඳහා යොදා ගනී. සමුද්‍ර පුරාවිද්‍යාවේ විශේෂත්වය වන්නේ කෙතරම් පුරාවස්තු විනාශව පැවතුනද මුළුමනින්ම පවතින වස්තූන්ද හමුවීමයි.

සමහර පුරාවිද්‍යා සංගම් සමුද්‍ර පුරාවිද්‍යාව වෙනස් විෂය කේෂ්‍ත්‍රයක් ලෙස සලකයි. එනම් ඒ සඳහා දිය යට පුරාවිද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක් අවශ්‍ය වීමයි. අනෙක් අය නාවික කටයුතු, ආර්ථික හා සමාජීය වශයෙන් ගොඩබිමට සම්බන්ධ නිසා එය වැදගත් මෙන්ම ගොඩබිම් පුරාවිද්‍යාව හා සම්බන්ධ විෂයක් බව අවධාරණය කරති.

සටහන්

Maritime_archaeology
"https://si.wikipedia.org/w/index.php?title=සමුද්‍ර_පුරාවිද්‍යාව&oldid=171833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි