"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: kk:Ортақ құкық
No edit summary
103 පේළිය:
 
ස්කොට්ගේ පොදු නීතිය කෘතිය මිනීමැරුම හා සොරකම පිලිබඳ කරුණු ආවරණය කරනු ලබන අතර සිරිත්, නෛතික ලේඛණයන් හා පූර්ව නඩු තීන්දු එහි මූලාශ්‍රයන් වෙයි. එහිදී ආධාරක කොටගෙන ඇති නෛතික ලිවීම් ආයතනික පඨිතයන් ලෙස හඳුන්වනු ලබන අතර බොහෝදුරට 17, 18 හා 19 වන සියවස් වලට අයත් ඒවා වෙයි.
 
== පොදු නීතියේ විනිශ්චය ==
 
පොදු නීතියේ අධිකරණ බලය පිළිබඳව කරන ලද පර්යේෂන හා විශ්ලේෂනාත්මක අධ්‍යයනයන් හි විවිධ අදියරයන් තුළ එක්තරා අවස්ථාවක දී නීතිය යනු කුමක්දැයි තෝරා බේරා ගැනීම අත්‍යාවශ්‍ය වේ. පළමුවෙන්ම සිද්ධිමය කරුණු ඉතාමත් හොඳින් විමර්ශනය කළ යුතු වේ. ඉන් පසුව ඊට අදාල ව්‍යවස්ථාවන් හා නීතිය අදාල කරගත යුතුවේ. ඉන්පසුව නෛතික මූලධර්ම හා විවිධ අධිකරණ විසින් වැදගත් යැයි සලකනු ලැබූ සහ වර්තමාන නඩුවේ දී ඉදිරිපත් කරනු ලැබූ කරුණු, අනාගත අධිකරණ කටයුතු සඳහා බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඉහළ අධිකරණ තීන්දු හා ව්‍යවස්ථාදායගේ තීන්දු සහ පහළ අධිකරණ වල තීන්දු යන මේ සියල්ල එක්ව ගෙන පිළිගත හැකි හේතූන්ද සමඟින් නීතිය යනු කුමක් දැයි නිගමනයකට එළඹිය යුතුයි. පසුව එම නීති අදාල නඩුවේදී ඉදිරිපත් කරන කරුණු වලට අදාල කරගනු ලැබේ.
 
 
පොදු නීතිය ව්‍යවස්ථාපිත නීතියට වඩා දම්‍ය වූ නීතියයි. පොදු නීති සම්ප්‍රදායේ යටතේ අධිකරණය පෙර තීන්දුවලින් බැඳි සිටීම අනිවාර්ය නොවන නමුත් ව්‍යවස්ථාදායකයේ මැදහත් වීමකින් තොරව (පිළිගත හැකි හේතූන් ද සහිතව ) නීතිය නැවත අර්ථ නිරුපනය කිරීම හා ප්‍රතිශෝධනයක්ද ‍සිදු කළ හැකිය. ඒ මඟින් අධිකරණයට නව දේශපාලන, නෛතික හා සමාජ දර්ශනයක් හා සම්බන්ධ නව ප්‍රවණතා වලට දායක විය හැකිය. පොදු නීතිය ක්‍රමානුකූලව විකාශනය වෙමින් පවතින අතර දශකයක් තුළදී සැලකිය යුතු වෙනසකට භාජනය වන මුත් ඉන් නීතියට සිදුවිය හැකි හානි දායක බලපෑම අවම වේ.
 
 
ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ආරම්භ කිරීම ඉතාමත් අපහසු වේ. එය නොරිස්සිය හැකි තත්ත්වයන් උදාවන තුරු ක්‍රියාත්මක නොවී පවතී. නමුත් ව්‍යවස්ථාදායකය මඟින් නීතියේ සිදුකරන සංශෝධනය නිසා සමහර විටකදී නීතිය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය විය හැකිය. මීට හොඳම උදාහරණය වන්නේ, නොසැලකිලිමත්භාවය සඳහා වූ වගකීම සම්බන්ධයෙන් පොදු නීතිය අනුගමනය කරන්නා වූ කාලයත් සමඟ ක්‍රමානුකූලව වෙනස්වූ රීතින් ය. 19 වැනි සියවසේ දී වැඩි වශයෙන් අනුගමනය කරන ලද රීතිය වුයේ පැමිණිලිකරු හට වගඋත්තරකරුගේ නොසැලකිමත්කම හේතුවෙන් ඔහුගෙන් වන්දියක් ලබාගැනීමට නම්, දෙදෙනා ම ගිවිසුමේ පෙර රහස දැන සිටීම අනිවාර්යය වීමයි. මේ අතර ආසන්නතම ගැණුම්කරුට පමණක් කිසියම් නිෂ්පාදනයක දෝෂයක් නිසා වන්දි ලබා ගත හැකි අතර, එම නිෂ්පාදනයේ සමහර කොටස් නිෂ්පාදකයාගෙන් පරිබාහිරව නිෂ්පාදන ය කර ඇත්නම්, වන්දි ලබා ගැනීමට අවකාශ නොමැත.
 
 
Winterbottom Vs Wright නඩුවේ දී තුවාල ලද පුද්ගලයෙකු හට, එම සිද්ධියට බාහිරව සම්බන්ධ වූ (නොවැදගත්) ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව නඩු පැවරිය හැකි නම්, ඉන් අයුක්ති සහගත හා සාහසික ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව අධිකරණය විසින් පෙන්වා දෙන ලදි. තවද මෙහිදී නොසැලකිලිමත්බව හා ඉන් සිදුවූ හානියේ (තුවාලයක්) වගකීම ඊට සම්බන්ධ පාර්ශවයේ ආසන්නතම පුද්ගලයාට පමණක් පැවරීම සඳහා සම්බන්ධතාවක් ගොඩනැගීමට අධිකරණයට නොහැකිවේ. Thomas Vs Winchester නඩුව මීට ව්‍යතිරේකයක් සපයයි. එහිදී අධිකරණ තීන්දුව වුයේ වස බෝතලයක් ශරීරයට හානිදායක නොවන ශාකසාර පානයක් ලෙස වැරදියට ලේබල් කිරීම හෝ නියෝජිතයන් හරහා අලෙවි කිරීම නිසා හෝ මිනිස් ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත් කරයි යන්නයි. Slater Vs Ray.Mfg.Co නඩුවේ දී කෝපි නිෂ්පාදන යන්ත්‍රය (කෝපි පුනාව Coffee urn) පිපිරී යාම නිසා පුද්ගලයෙකු අනතුරට පත්වීම සම්බන්ධයෙන් එහි නිෂ්පාදකයා වගකිව යුතු බව තීන්දු කරන ලදී. Cardillac Moter car Co.Vs Johnson නඩුවේ දී දෝෂ සහිත රෝදයක් නිසා ඇති වූ අනතුරට, කාරයේ අයිතිකරුට වන්දි ‍ලබා ගත නොහැකි විය. ඒ එම රෝදය සාදා තිබූ අමුද්‍රව්‍ය නුසුදුසු තත්ත්වයේ ඒවා වූවත් ගිවිසුම පැවතියේ වාහන වෙළෙන්දා හා අයිතිකරු අතර මිස වාහනයේ නිෂ්පාදකයා සමඟ නොවීමයි.
 
 
== '''පොදු නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය අතර සබඳතාව''' ==
 
පොදු නීති සම්ප්‍රදායේ දී නීති පද්ධතියේ ඇති වැදගත් සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම මනා අවබෝධයක් තිබීම අනිවාර්ය කරුණකි. එංගලන්තය, වේල්සය, හා ඇ.එ. ජනපදයේ ‍බොහෝමයක් ජනපදවල පැවැත්වෙන ගිවිසුම් නීතිය, සිවිල් නීතිය, දේපල නීතිය. ආදී නීතින්ට අදාල මූලික ප්‍රතිපාදන පනත් වල අන්තර් ගත කොට නොමැත. එමනිසා පොදු නීතිය ඒ සඳහා උපයෝගී කර ගනී. නීතියේ සෑම ක්ෂේත්‍රයක දීමත් (භාණ්ඩ විකිණිමේ ගිවිසුම් පනත හා අපරාධ නීතිය වැනි නීති ව්‍යවස්ථාදායකය විසින් නිර්මාණය කළත්), වෙනත් ලිඛිත නීතිවලත් ඒවා‍යේ මූලධර්මය පිළිබඳව අන්තර්ගත වන්නේ අල්ප වශයෙනි. එම නීති වල සීමාවන් හා අර්ථ දැක්වීම් අන්තර්ගත වන්නේ ‍‍පොදු නීතියේ ය. කිසියම් සිද්ධිමය කරුණු ගොනුවක් සඳහා බලපාන නීතිය කුමක්දැයි නිශ්චිතවම දැන ගැනීමට ඊට අදාල පූර්ව නඩු තීන්දු හා ඒ සඳහා හේතුවූ කාරණා පිළිබඳව අවබෝධ කරගත යුතු වේ. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ. පළමු සංශෝධනයේ දී ‍ආගමක් පිහිටු වීම හෝ එලෙස පිහිටවූ ආගමක් නිදහසේ ඇදහීම තහනම් කරන නීති රීති සම්පාදනය නොකරයි යනුවෙන් සඳහන් වේ. නමුත් 9 වැනි වගන්තියේ අන්තර්ගත මෙම ප්‍රතිපාදනයේ නෛතික සීමාවන් නිර්ණය කිරීම සඳහාත්, එම වගන්තියේ එම යෙදු‍ම් අර්ථකථනය සඳහාත්, පොදු නීතිය උපයෝගී කරගනී. පූර්වයෙන් පැවති පොදු නීති, නඩු තීන්දු නීති හා සිරිත් විරිත් වලට විරුද්ධව යන කල්පිතය මත පිහිටා පොදු නීති සම්ප්‍රදායේ ව්‍යවස්ථාදායකය මඟින් නීති සම්පාදනය කරයි. එම නිසා බොහෝමයක් කරුණු එම ව්‍යවස්ථාවලින් කියවෙන්නේ නැත. උදාහරණයක් හැටියට එක්සත් ජනපදයේ අපරාධ නීති බොහෝමයක් සංග්‍රහ ගත කොට ඇත්තේ පෙර පැවති පොදු නීති අනුසාරයෙනි. එම නිසා වර්තමාන ව්‍යවස්ථාවන් (නීතිය) වල බොහොමයක් අර්ථ දැක්වීම් දක්වා නොමැත. ඒ හේතුවෙන් ඇමෙරිකානූ නීති විද්‍යාලවල අපරාධයක් අර්ථ දැක්වීම් උගන්වනු ලබන්නේ 1789 දී එංගලන්තයේ අපරාධයක් අර්ථ දැක්වූ ආකාරයට ය. එම නිසා වර්තමාන අපරාධ නීතිවල අන්තර්ගත යෙදුම් වල වාචික අර්ථ නිරුපනයට හා අවබෝධකරගැනීම සඳහා මෙම සියවස් ගණනක් පැරණි පොදු නීතිය උපයෝගී කරගනි.
 
 
රාජ්‍ය හා සන්ධීය වශයෙන් අතීතයට බලපාන අයුරින් අපරාධ නීති සම්පාදනය කිරීම ඇමෙරිකානූ ව්‍යවස්ථාව යටතේ තහනම් වන අතර නව නීති පද්ධතිය යටතේ ඇමෙරිකාව තුළ පොදු නීති අපරාධ පවතී ද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟුණි. ඊට නිශ්චිත පිළිතුරක් United states Vs Hudson & Good win නඩුවේදී ලැබුණි. එහි දී දුන් තීන්දුව වුයේ සන්ධීය රාජ්‍ය මට්ටමින් පොදු නීති අපරාධ තහනම් වන අතර, එම නීති ව්‍යවස්ථාවල එම අපරාධයේ අර්ථදැක්වීම හා ඒ සඳහා වන දඩුවම් ද අනිවාර්යෙන් පැහැදිලිව දැක්විය යුතු‍වේ.
 
 
පොදු නීතියේ සංග්‍රහගත කළ ව්‍යවස්ථාවන් හා ශුද්ධ ව්‍යවස්ථාපිත නීතිය හා සංසන්දනය කරන විට එම ව්‍යවස්ථාවන් මඟින් පොදු නීතියටත් එහා නව නඩුනිමිති නිර්මාණය කරනු ලබයි. සිවිල් වැරදි ගණයට වැටෙන වැරදි සහගත මරණය (wronghul death), මරණයට ලක්වූ පුද්ගලයාගේ බිරිද, ස්වාමියා හෝ දරුවන් හට වන්දි ඉල්ලා නඩු පැවරීමට අවස්ථාව සලසා දී ඇත. නමුත් එංගලන්තයේ (ඉංග්‍රීසි නීතියේ) මෙම තත්ත්වය දක්නට නැත. එවැනි ව්‍යවස්ථාවන් පවතින විටදී ඒ සඳහා ලබාදෙන සහනය නීතියෙන් දක්වා ඇති පිළියමට පමණක් සීමා විය යුතුය. සාමාන්‍යයෙන් අධිකරණ නීති අර්ථ නිරූපනයේ දී නඩු නිමිති නිර්මාණය නොවන ආකාරයට තරම් පුළුල්ව නීතිය අර්ථ කථනය නොකරයි. එසේ වීමට හේතුව වන්නේ නීති සම්පාදනයේ ඉහළින්ම සිටින්නේ ව්‍යවස්ථාදායකය වන නිසාය.
 
 
අන්‍යයකු‍ගේ නොසැළකිලිමත්කමින් ශාරීරික තුවාල ලත් කිසියම් පුද්ගලයෙකු ඒ සඳහා වෛද්‍ය වියදම්. වේදනාව, තම ආදායම් මාර්ගය හෝ ආදායම් ඉපයීමේ හැකියාව නොමැති වී‍ යාම හෝ මානසික පීඩාව ජීවන තත්වය නැතිවී යාම, විරූපි වීම යන කරුණු මුල් කරගෙන නඩුවක් පැවරුවේ යයි සිතමු. මේ ආකාරයේ හානි ව්‍යවස්ථා තුලට අන්තර්ගත කිරීම අවශ්‍ය ව්නනේ ඒවා දැනටමත් සාම්ප්‍රදායික පොදු නිතියේ අන්තර්ගතවන නිසාය.
 
 
සිවිල් හා පොදු නීති සම්ප්‍රදායට අනුව නීති ලේඛකයන් හා උගතුන්ගේ මත වලට ඉඩ දෙමින් නීති ලේඛකයින්ගේ මත අනුව පොදු නීතියේ බොහෝ ක්ෂේත්‍රයන් හි අධිකරණ තීන්දු සම්පාදනය කරයි. එමෙන්ම අදාල නඩුව පිළිබඳව විස්තර කරන මූලධර්මයන් සම්පාදනය කරයි. කෙසේ නමුත් පොදු නීතියේ අධිකරණ මෙම මත නීතිය ලෙස නොසලකයි. එය විනිසුරුවන් හා නීතිඥයින් අදාල නඩුව සඳහා ආධාරයක් කර ගනී.
 
 
නමුත් සිවිල් නීති සම්ප්‍රදායේ නව ලේඛකයන්ගේ හා උගතුන්ගේ මත වලට වැඩි භාරයක් ලබාදේ. පොදු නීති සම්ප්‍රදායේ දී උගතුන්ගේ මත ඉතාම කලාතුරකින් නීතිය යනු කුමක්ද යන්න විග්‍රහ කිරීමට පමණක් ආධාර කර ගනි. කෙසේ නමුත් උගතුන්ගේ මත කෙරෙහි බලපාන කරුණුමය සංසිද්ධීන් නිවැරදිව හදුනා‍ගැනීමට, මූලධර්ම ඉතිහාසය හා නීතියේ පරිණාමය වැනි ක්ෂේත්‍ර වල දී පමණක් උගතුන්ගේ අදහස මත රදා පවතී මෙහි දී අධිකරණය නිගමන වලට එළඹෙන්නේ අදාල නීතිය හා පොදු නීතිය මනා ලෙස විශ්ලේෂණයකින් පසුවය.
 
 
 
== '''පොදු නීතියේ වානිජ්‍ය ආර්ථිකයේ පදනමක් ලෙස''' ==
 
 
 
එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ වාණිජ්‍ය නීතිය, පොදු නීති සම්ප්‍රදායේ පදනම වන අධිකරණ තීන්දුමත රදා පවතී. එමඟින් එම රටවල වෙළද ආර්ථිකය ශක්තිමත් වීමට කැපී පෙනෙන දායකත්වයක් සපයා ඇත. එනිසා වෙළෙඳ ගිවිසුම් පාර්ශ්වකරුවන්ට තම ගිවිසුම්වල ‍යෝජිත කොන්දේසි නීතියට අනුකුලද නැද්ද යන වග කල්තියාම දැනගැනීමට හැකි වේ. එම නිසා සෑම ගැටලුවක් සඳහාම පොදු නීතිය මඟින් නිවැරදි මඟ පෙන්වීමක් ලබා දේ. ඒ හේතුවෙන් නීතිමය සීමාවන් තුළ සිට කටයුතු කිරීම පාර්ශවකරුවන්ට අවස්ථාව සැලසේ. එම රටවල වෙළද ගිවිසුම් ආර්ථික සඵලතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේද ඒවායින් ලැබෙන ලාභය ඉතා අධික වන්නේ ද තමන්ගේ ව්‍යාපාර කටයුතු නිශ්චිත වශයෙන් ම නීති විරෝධි ඒවා බව පාර්ශවකරුවන් කල්තියාම දැන සිටින බැවිනි. පුවත්පත් බදුවෙන්නන්ගෙන් යැපෙන ආගමික ආයතනවලට, දේශපාලන පක්ෂ වලට, තමන්ට ඇති ප්‍රකාශන නිදහස ආදි අයිතිවාසිකම් පිළිබඳව හා ඒවායේ සීමාවන් මොනවාද යන්න පිළිබඳවද පැහැඳිලි මඟ පෙන්වීමක් පොදු නීතියෙන් සිදු කෙරේ. නමුත් පොදු නීතිය නොමැති රටවල නම් මොනයම් හෝ ගැටලුවක් පැන නැගුණු විටදි ඒවා සම්බන්ධයෙන් නැවත නැවත තීන්දු තීරණ ‍ගත යුතුවන අතර, ඒම තීන්දු වල ස්ථාවරත්වය හා ඒවායේ පුරෝකථන හැකියාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී.
 
 
මේ හේතුව නිසා New York ප්‍රාන්තයේ වෙළෙඳ ගිවිසුම් නීතිය සමස්ත එක්සත් ජනපදය පුරා භාවිතාවන අතර ඉංග්‍රීසි නීතිය, නිව්යෝර්ක් නීතිය ලොව පුරා භාවිතයට ගැනේ.
 
 
== සටහන් ==
 
 
 
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි