"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ml:ഇൻഷുറൻസ്
No edit summary
34 පේළිය:
·
· එක්සත් ජනපදයේදී ද ජීවිත රක්ෂණ ගිවිසුම්වලින් ලැබෙන ආදායම සාමාන්‍ය වශයෙන් බදුවලින් තොරවේ. ඒ කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මෙම බදු ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවල අගය ඉතා අඩුවිය හැක . මෙය රඳාපවතින්නේ රක්ෂණ සමාගම, ගත් රක්ෂණ වර්ගය සහ වෙනත් විචල්‍යයන් මතය (මරණ අනුපාතය, වෙළඳපලෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහ වෙනත්). තවදුරටත් ආදායම් බදු අවම කරගැනීමේ වාහන හැටියට වඩා හොඳ විකල්ප දිය හැක. අඩුවියදම් ජීවිත රක්ෂණයක් සහ ඉහළ අගයක් ලබාදෙන බදු කාර්යක්ෂම විශ‍්‍රාම යෑමේ ගිණුමක සංයෝගයක් වඩා හොඳ ආයෝජන ප‍්‍රතිලාභයක් ගෙන දිය හක.
== රක්ෂණ සැලසුම් වර්ග==
*'''DBA රක්ෂණය''' - ඇ.එ.ජ හා කැනඩාව යන රටවලින් බැහැරව සේවය කරන සිවිල් ජනතාව සඳහා මේ රක්ෂණ ක්‍රමය රජය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. සෑම ඇ.එ.ජ. පුරවැසියෙක්ම, ග්‍රීන් කාඩ් හිමිකරුවෙක්ම හා විදෙස් රටවල සේවය කිරීම සඳහා රජය විසින් පත්කරනු ලැබුවන් යන සියල්ලෝම මෙම රක්ෂණය ලබාගත යුතුය. රට අනුව විදෙස් ජාතිකයෝද මෙම රක්ෂණය තුළ ලියාපදිංචි විය යුතුය. මෙමඟින් වෛද්‍ය පහසුකම්, වැටුප් නැතිවීම, ආබාධිත තත්වයට හෝ මරණයට පත්වීම යනාදී අවස්ථාවන්හි වන්දි ලබාදේ.
 
* '''ප්‍රවාසික රක්ෂණය''' - තම මව්රටෙන් බැහැරව සේවය කරන පුද්ගලයන් හා ආයතන සඳහා මෙම රක්ෂණය පවතින අතර රථවාහන, දේපල, සෞඛ්‍ය, වගකීම් හා ව්‍යාපාර යන අංශ මෙමඟින් ආරක්ෂණය කෙරේ.
 
* '''මුල්‍ය හානි රක්ෂණය''' - පුද්ගලයන් හා සමාගම්වලට මුහුණදීමට සිදුවන මුල්‍යමය අවදානම් සඳහා ආරක්ෂාව සැපයයි. නිදසුනක් ලෙස ව්‍යාපාරිකයෙකුට තම කර්මාන්ත ශාලාවට ගින්නෙන් සිදුවිය හැකි හානිය සඳහා රක්ෂණ ආවරණයක් ලබා ගත හැකිය.
 
ණයගැතියෙකු රක්ෂණ හිමියාට ගෙවියුතු මුදලක් පැහැර හැරීමද රක්ෂණයෙන් ආවරණය කළ හැකිය. මෙම රක්ෂණ ක්‍රමය ‘ව්‍යාපාර බාධා රක්ෂණය’ ලෙසද හැඳින්වේ. විශ්වාස බැඳුම්කර හා ඇපකර බැඳුම්කරද මෙම වර්ගයටම අයත්වේ. මෙම රක්ෂණය මඟින් තුන්වන පාර්ශවකරුවෙක්ට (බන්ධනලාභීයා), රක්ෂණ හිමියා විසින් (බන්ධන දායකයා) ගෙවීමට පොරොන්දු වු මුදලක් ගෙවිය නොහැකි වු අවස්ථාද ආවරණය කෙරේ.
 
* '''පැහැරගෙන යාමේ හා කප්පම් රක්ෂණය'''
 
* '''ඇගුලුලු අරමුදල් රක්ෂණය''' - මෙය රජය හා බැංකු විසින් එකතුව ලබාදෙන රක්ෂණ ආවරණයකි. අනවසර පාර්ශව මඟින් පොදු අරමුදල් පරිහරණය වැළැක්වීම සඳහා යොදාගනී. විශේෂ අවස්ථා වලදී අර්ධ පොදු අරමුදල් ආරක්ෂණය සඳහා ද රජය මෙම රක්ෂණය ලබා ගනියි. මෙවැනි රක්ෂණ ක්‍රම වල කොන්දේසි ඉතා දැඩිවන බැවින් මෙය භාවිතා වන්නේ අරමුදලක් සඳහා උපරිම ආරක්ෂාව අවශ්‍ය වු විටය.
 
* '''න්‍යෂ්ටික සිදුවිම් සඳහා රක්ෂණය''' - මෙම රක්ෂණය මඟින් විකිරණශීලී මුලද්‍රව්‍ය වලින් සිදුවන හානි සඳහා වන්දි ලබාදෙන අතර සාමාන්‍යයෙන් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වේ. (ඇ. එ. ජනපදයේ ප්‍රයිස් - ඇක්ඩර්සන් න්‍යෂ්ටික කර්මාන්ත වන්දි පුර්ණ පනත)
 
* '''සුරතල් සත්ව රක්ෂණය''' - සුරතල් සතුන්ට වැළදෙන ලෙඩරෝග හා හදිසි අනතුරු සඳහා රක්ෂණය සැපයේ. සමහර ආයතන වලින් සෞඛ්‍ය ආරක්ෂාව හා වළදැමීමද ආවරණය කරයි.
* '''පරිසර දුෂණය රක්ෂණය''' - රක්ෂණය කරන ලද දේපලකට බාහිරව හෝ එම ස්ථානයේදීම ඇතිවන හානි ආවරණය කරයි. රක්ෂිත දේපළ මඟින් වාතය, ජලය හෝ ගොඩබිමට හදිසියේ නොදැනුවත්ව පිටවන හානිදායක ද්‍රව්‍ය සඳහා තෙවන පාර්ශවයක් සඳහා ගෙවන වන්දි ද ආවරණය කරයි. පිරිසිදු කිරීම හා භූගත ජල ටැංකි ඉවත් කිරීම සඳහා අවශ්‍ය වියදම් සැපයේ. ජාත්‍යන්තර පනත් ඉවත් කර ඇත.
 
* '''භාණ්ඩ මිලදි ගැනිමේ රක්ෂණය''' - මිනිසුන් මිලදි ගන්නා භාණ්ඩ සඳහා රක්ෂණය සැපයේ. මෙම රක්ෂණය යටතේ ඒක පුද්ගල මිලදි ගැනීම්, වගකීම් සහතික, සේවා සැලසුම් මෙන්ම ජංගම දුරකථන රක්ෂණයද අයත්වේ. මෙම රක්ෂණ සැලසුම් මඟින් ආවරණය වන ගැටළු ප්‍රමාණය සුළු වේ.
 
* '''ඔප්පු රක්ෂණය''' - දේපලක් එම ගැණුම්කරුගේ නමට විකිණිම හෝ උකස් තැබීම තුළ බවට රක්ෂණය කරයි.
 
* '''සංචාර රක්ෂණය''' - විදේශයන්හි සංචාරය කරන පුද්ගලයන් සඳහා වෙන්වු රක්ෂණයකි. එය විදේශයකදී වෛද්‍ය ගාස්තු, භාණ්ඩ නැතිවීම, ගමන් ප්‍රමාද, පෞද්ගලික ණය වැනි කරුණු ආවරණය කරයි.
 
==රතු ඉර තැබීම ==
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි