"ප්‍රඥ්ඥාව (බුදු දහම)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
== [[ ප‍්‍රඥා]] ==
ප්‍රඥාව යනු අවබෝධයයි. බුද්ධ ධර්මයේදි ප්‍රඥාව ලෙස හැඳින්වෙන්නේ යමෙකු චතුරාර්ය සත්‍ය, අනිත්‍යතාවය, පටිච්ච සමුපාදය, ආනාත්ම වැනි ධර්මය පිළිබඳ අවබෝධයයි. ප්‍රඥාව යනු දුක් පිඩා නැති කර නිර්වාණය අවබෝධයට හේතුවන නුවණයි.
 
== පාලි ධර්ම ග්‍රන්ථ ==
 
පාලි ධර්ම ග්‍රන්ථයන්හි ප්‍රඥාවට විවිධ අර්ථ නිරූපණ සහිත වන අතර එය සියලු වස්තුවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති සමාධිගත විදර්ශනාව යන අර්ථය මත පදනම් ව ඇත.
 
පංච ඉන්ද්‍රිය සංකල්පය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව යොදාගෙන ඇත.
 
“අවබෝධය යනු අනිත්‍යතාවය වටහාගැනීම නිසා සියළුදේහිම යථාස්වරූපය අවබෝධ කර ගැනීමයි. මෙය දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, නැති කිරීමේ මග යන්න නියම ලෙස අවබෝධයයි.”
 
ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම), සම්මා සංකප්ප (නිවැරදි සිතුවිලි) යන කොටස් දෙක ප්‍රඥාවට අයත් වේ.
 
'''විශුද්ධි මාර්ගය'''
 
ක්‍රි.ව 5 වන සියවසේ දි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ගයේ ප්‍රඥාව යනු අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරන මඟයි. එය හට ගැනීමට හේතුවන්නේ සමාධියයි.
 
'''ප්‍රඥාව වර්ධනය වීමේ මාර්ගය බුද්ධ ඝෝෂ තෙරණුවෝ ගසක ස්වරූපයෙන් පෙන්වුහ. මෙම ගස වැඩීමට හේතුවන පස වන්නේ,'''
 
- පංචා‍ආයතන
 
- ඉන්ද්‍රිය හා ආයතන 18
 
- ඉන්ද්‍රිය 22
 
- චතුරාර්ය සත්‍යය
 
- පටිච්ච සමුප්පාදය
 
'''එහි මුල නම්,'''
 
- සීලයෙන් පරිපුර්ණ වීම
 
- සිහියෙන් පරිපුර්ණ වීම
 
'''එහි කඳ තැනී ඇත්තේ,'''
 
- දෘෂ්ටි‍ය පිරිසිදු කර ගැනීම
 
- අවිශ්වාසයෙන් තොරවීම
 
- නිවැරදි මාර්ගය පිළිබඳ අවබෝධය
 
- ප්‍රඥාවෙන් හා දෘෂ්ටියෙන් පිරිසිදු වීම.
 
බුද්ධ ඝෝෂ තෙරුන්ට අනුව ‍යමෙකුට ප්‍රඥාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් පළමුව පස, මුලය හා කඳ යන පිළිවෙලින් අවබෝධ කර ගත යුතුය. ප්‍රඥාව දස පාරමිතාවෙන් 4 වන පාරමිතාවයි.
 
ති‍්‍රවිධ ශික්‍ෂා යනුවෙන් හඳුන්වනු ලබන, [[සීල]], [[සමාධ]]ි, ප‍්‍රඥාව අධි සීල, [[අධි චිත්ත,]] අධි ප‍්‍රඥා වශයෙන් දැක්වේ. එහෙත් මේ දෙක අතර සාමාන්‍ය වෙනසක් පවතින බව පමණක් දැනගෙන සිටීම ප‍්‍රයෝජනවත්ය.
Line 82 ⟶ 127:
කුලි/වෑකන්ද ලෝකානන්ද මහ පිරිවෙන
පඤ්ඤා විසුද්ධි දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය (අනුරංග)
[[Category:බුදු දහම]]
"https://si.wikipedia.org/wiki/ප්‍රඥ්ඥාව_(බුදු_දහම)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි