"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{translation}}
{{අසම්පූර්ණ}}
 
 
හින්දු ආගම (හින්දු ධර්මය-Hindū Dharma)
හින්දුසමය ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවයලත් ආගමික සම්ප‍්‍රදායකි. එහි අනුගාමිකයෝ එය ‘සනාතන ධර්මයක්’ ලෙස හඳුන්වති.
 
හින්දුසමය වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමකි. එහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිවයයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. කි‍්‍රස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම හැරුණුවිට ලොව තෙවැනි විශාලතම ආගම හින්දු ආගමයි. සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යනාදී රටවල් දැක්විය හැකිය.
 
හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියකි. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සදහා වන මාර්ගෝපදේශ ද සදහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්‍රධාන තැනක් හිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවද්ගීතාව ද වේ.
 
{{Hinduism small}}
"https://si.wikipedia.org/wiki/හින්දු_ධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි