"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: kk:Сақтандыру
No edit summary
85 පේළිය:
සමහර ප්‍රජාවන් තුළ ඔවුන් අතර සහ වෙනත් විධි යොදාගනිමින් ගිවිසුමකට අමතරව අවදානම් පැවරීම නිර්මාණය කර ඇත. අවදානමට නිශ්චිත ගුණයන්ද මේ මගින් ඉදිරිපත් කෙරේ. ආගමික කණ්ඩායම් බොහොමයක්ම මෙයට ඇමිෂ්වරුන් සහ මුස්ලිම් කණ්ඩායම් ව්යසනයක් සිදුවූ අවස්ථාවක ප්‍රජාවෙන් ලැබෙන සහය මත යැපෙති. දී ඇති පුද්ගලයෙකුට හිමිවන අවදානම සාමූහිකව බෙදාගැනීමෙන්ද මෙය සිදුකෙරේ. සහයවන ප්‍රජාවන් තුළ (අනුන් අන්යයන් විශ්වාස කළ හැකි සහ ප්‍රජා නායකයින් අනුව ක්‍රීයාකරන ප්‍රජාතුළ) මෙම තේරුම්ගැනීම මත පදනම් වුනු රක්ෂණය සාර්ථක වේ. මේ ආකාරයෙන් ප්‍රජාවට ඔවුන්ගේ සාමාජිකයන් අතර පවතින රක්ෂණගතවීමට සුදුසුකම්වල අනන්ත වෙනස්කම් තිබුනත් එය සමතුලිතතාවයකට ගෙනයා හැක. මෙවැනි රක්ෂණ ගිවිසුම් තුළ සාධාරනීකරණය කෙරෙන තවත් හේතුවක් වන්නේ සදාචාරාත්මක අනතුරු ඇගවීමයි.
එක්සත් රාජධානියේ රැජින (ප්‍රයෝගික අවශ්යතාවයන්වලදී සිවිල්සේවාව) රජයේ ගොඩනැගිලි රක්ෂණය නොකරන ලදි. රජයේ ගොඩනැගිල්ලකට අලාභහානි සිදුවුණු අවස්ථාවක එහි ප්‍රතිසංස්කරණ වියදම් පොදු අරමුදල්වලින් ලබාදෙන්නේය. දිගුකාලීනව රක්ෂණවාරිකයන් ගෙවීමට වඩා මෙය ලාභදායී විය. නමුත් වර්තමානය වන විට බොහෝ රජයේ ගොඩනැගිලි පෞද්ගලික දේපල සමාගම්වලට අලෙවි කළ නිසා ඒවා කුලියට ආපසු ලබාගෙන ඇති නිසාත් මෙම ක්‍රමවේදය දැන් බහුලව දක්නට නැති අතර එය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇතුවා විය හැක.
==රක්ෂණකරුවාගේ ව්‍යාපාරික මොඩලය==
රක්ෂණකරුවා දෙවිදියකට මුදල් උපයයි.
{|
|(1) රක්ෂණය කර මුදල් ඉපයීම - එනම් රක්ෂණකරුවා විසින් දැරිය යුතු අවදානම හා ඒ සඳහා තමන් විසින් අය කළ යුතු මුලික අයකිරීම සහ
|(2) එම මුදල ආයෝජනය කිරීම යනුවෙනි.
|}
රක්ෂණ ව්‍යාපාරයේ දුෂ්කරම කාර්යය වන්නේ රක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි. දත්තයන් රාශියක් ගලපා රක්ෂණකරු විසින් තීරණය කළ යුතු වන්නේ අනාගතයේ සිය වගකීම් වලට එරෙහිව රක්ෂිතයා විසින් කරනු ලැබිය හැකි ඉල්ලීම් කව‍රේද හා ඒවා සඳහා මිල නියම කිරීම යන කරුණුය.
 
මේ සඳහා ඔවුහු සම්භාවිතා විද්‍යාව යොදා ගනිමින් අනාගත අවදානමට සරිලන ආකාරයේ මූලික අය කිරීම් කළ යුතු ප්‍රමාණය ගණනය කරති.මෙහිදී ලබාදී ඇති අවදානම් අතුරින් අනාගත ගෙවීම් සඳහා ඉල්ලීම් ඇති විය හැකි ප්‍රමාණය ලබා දී ඇති දත්ත ඇසුරින් නියත ලෙස ගණන් බලනු ඇත. සම්භාවිතා විද්‍යාව මඟින් සංඛ්‍යා හා අනාගතයේදී විය හැකි ආවරණය කර ඇති උපද්‍රව වල වපසරිය දැන ගන්නා අතරම එයින් රක්ෂණකරුගේ සම්පුර්ණ අනාවරණය දැනගත හැකිය. රක්ෂණ ඔප්පුව අවසාන කිරීමේදී එකතු කර ගන්නා ලද මූලික ගෙවීම් අඩු කොට උපද්‍රව සඳහා කරන ලද ගෙවීම්ද අඩුකොට අවසානයේදී ලාභය ගණන් බලනු ලැබේ. ඇත්ත වශයෙන්ම රක්ෂණකරු‍ගේ පැත්තෙන් සාපේක්ෂව බලන කල සමහර ඔප්පුහිමියන් ජයග්‍රහණය කර ඇත.( උදා- රක්ෂණකරු ඔප්පු හිමියාගෙන් මුලික ගෙවීම් හා අය කර ගන්නා මුදලට වඩා වැඩිපුර වියදම් කර ඇත.)
 
රක්ෂණකරු රක්ෂණය කිරීමේ ක්‍රියාකාරිත්වය තක්සේරු කරනුයේ ඔහුගේ රක්ෂණ ආදායම හා උපද්‍රව වලට ගෙවීම් අතර ඇති අනුපාතය මතය. පාඩු අනුපාතය ( ලැබු ශුද්ධ මූලික ‍ඉපයී‍මෙන් අලාභ ස‍ඳහා ගෙවීම් හා අලාභ සඳහා ගෙවීමට සකස් කර ඇති වියදම් බෙදී‍මෙන් ගණනය කරනු ලැබේ.) වියදම් අනුපාතයට ( රක්ෂණ වියදම් මුලික මුදල් ආදායමින් බෙදනු ලැබේ.) එකතු කිරීමෙන් සමාගමේ අනුබද්ධිත අනුපාතය තීරණය කරනු ලැබේ. මෙම අනුබද්ධිත අනුපාතය වනාහි ව්‍යාපාරයේ සම්පුර්ණ රක්ෂණ ලාභය පිළිබිඹු කර දක්වන්නකි. 100% අඩු අනුබද්ධිත අනුපාතය ව්‍යාපාරයේ රක්ෂණ ලාභය දක්වන අතර 100% වැඩි අනුපාතය රක්ෂණ පාඩුවක් පෙන්වයි.
 
රක්ෂණ සමාගම් ආරම්භක මුලධනයෙන්ද ලාභයක් උපයයි. මේ මුදල් ලැබෙන්නේ ආරම්භයේදී මුලික ‍මුදලක් ලබා ගන්නා නමුත් අනතුරු සඳහා මුදල් ඉල්ලීම් නොසිදුවන වි‍ට අත ඉතිරි වන මුදල් නිසාය. මේ නිසා රක්ෂණ සමාගම් සිය මුලික අරමුදල අනතුරු ඉල්ලීම් කරන්නට පෙරම ආයෝජනය කිරී‍මට පෙළඹෙති. 2003 න් අවසන්වූ වර්ෂ 05 තුළ පමණක් එක්සත් රාජධානියේ දේපල හා අනතුරු රක්ෂණ සමාගම්වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 142.3 ක් විය. නමුත් එම කාලසීමාවේ දීම අතැති මුදල් ආයෝජනයෙන් එම සමාගම් ලැබූ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 68.4 විය. හැන්ක් ග්‍රීන්බර්ග්Z වැනි රක්ෂණ ව්‍යාපාරයේ රැදීසිටින සමහර සමාගම් අතැති මුදලින් ලාභ ඉපයීම සැමදා කළ හැකි කාර්යයක් ලෙසනොසලකති. කෙසේ වෙතත් මේ අදහසට පොදු ‍ව්‍යාපාරිකයෝ එකඟ නොවෙති. ස්වභා‍වයෙන්ම ආර්ථික වශයෙන් පරිහානියක් පවතින අවස්ථාවක මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම උගහටය. කොටස් වෙළඳ පොල වැටෙතැයි සැකසිතන අවස්ථාවලදි ව්‍යාපාරිකයෝ මෙම අයෝජනය පසෙකලා රක්ෂණ කාර්යයෙන් ලාභ ඉපයීමට පෙළෙඹෙති. රක්ෂණය සඳහා මුලික මුදල් ලබාගැනීම දිළිඳු ආර්ථිකයක ලක්ෂණයකි. මෙසේ ලාභ ලැබෙන හා පාඩු ලැබෙන කාලසීමා අතර එහා මෙහා පැද්දීම රක්ෂණ චක්‍රයක් ලෙස හඳුන්වනු ලැබේ.
 
දේපල හා අනතුරු රක්ෂණකරුවෝ සිය වාහන රක්ෂණ කාර්යයන්ගෙන් වාසි ලබති. සමාන්‍යයෙන් මෙවැනි ව්‍යා‍පාර වලදී වාහන නැතිවීම් හා වෙනත් අනතුරු වලදී පරිගණක ආධාරයෙන් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගත හැකිවේ. එක්සත් ජනපදයේ ස්වභාවික විපත් නිසා සිදුවන අලාභ ප්‍රමාණය සිත් අවුස්සන සුළුය.
 
අවසාන වශයෙන් අලාභ සඳහා වන්දි ඉල්ලීම් හා අලාභ සඳහා ගෙවීම් රක්ෂණයේ ද්‍රව්‍යමය වශයෙන් ඇති උපයෝගීතාවයයි. අලාභ ගෙවීම් කාර්යයේදී රක්ෂිතයාගේ තෘප්තිමත් භාවය වැදගත්ය.මේ කටයුතු සඳහා වැයවන පරිපාලනමය වියදම් මෙන්ම අලාභ ගෙවීමේදී විය හැකි සුළු පාඩු ගැනද රක්ෂණ කළමනාකරණයේදී සැළකිලිමත් විය යුතුවෙයි. මෙම තුලනය කිරීමේ කාර්යයේ කොටසක් ලෙස ව්‍යාජ රක්ෂණකරුවන් පහළ වීම රක්ෂණ ව්‍යාපාරයට මහත් අවදානමක් වන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට කළමනාකරණය කරගැනීම අවශ්‍යයෙන්ම කළයුත්තකි.
 
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි