"සිද්ධාර්ථ කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මෞර්ය පෙළපතේ ආශෝක රජතුමාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙර සිදුහත් කුමරු උපත ලැබුවේ ය.
 
[[Image: Astasahasrika_Prajnaparamita_Queen_Maya_Birth.jpgAstasahasrika Prajnaparamita Queen Maya Birth.jpeg |thumb|alt=tiny globe| සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)]]
සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වූ සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු එතුමාගේ පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතට අනුව සිදුහත්කුමරුගේ මව වන මහාමයා දේවීය දරු ප්‍රසූතියට ආසන්න වූ පසු තම පියාගේ රාජධානිය බලා පිටත්ව ගියාය. ඒ යන අතරමඟදී ලුම්බිණි සල් උයනේදී සල් ගසක් යට දී ඇය සිදුහත් කුමරුව මෙලොවට බිහි කළාය.
 
[[Image: Maya_Devi_temple-Nepal.jpgjpeg |thumb|300px|නේපාලයේ මහාමයාදේවි විහාරය]]
සිදුහත් කුමරු උපත ලැබු දිනය නිමිති කරගෙන ථේරවාද බුදුදහම පවතින රටවල වෙසක් උත්සවය සැමරේ. සිදුහත් කුමරුගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරුවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තැබිණි. අසිත තාපසතුමා මෙම දරුවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ සිද්ධාර්ථ කුමරු අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම හේතුකර ගෙන සහ කුමරුගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සුද්ධෝදන රජතුමා‍ කුමරුගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙකුට ආරාධනා කළේය. ඒ සියළු දෙනාම කුමරු බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කළහ. ඒ අතරින් කොන්ඩඤ්ඤ බමුණා පමණක් සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුද්ධත්වය ලබාගන්න බව ස්ථීරවම ප්‍රකාශ කළේය. පසුව ඇතිවු පුරවෘත්ත වලට අනුව සුද්දෝධන රජතුමා සූර්ය රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගෙන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකිණි. බොහෝ විද්වතුන් විශ්වාසය වන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයකින් තෝරාපත්කර ගත් නායකයකු බවයි.
 
"https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි