"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
78 පේළිය:
 
චන්ද්‍ර මොඩියුල නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත්‍රාත්තුව ග්රූමන් (Grumman)වෙත ප්‍රදානය කරනු ලැබූ අතර ව්‍යාපෘතිය ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලදී. පර්යේෂණ වැඩසටහන්වල පමා වීම් නිසා චන්ද්‍ර මොඩියුලය ආශ්‍රිතව ද ගැටළු පැන නැඟිනි. චන්ද්‍ර මොඩියුලය මුළු ඇපලෝ වැඩසටහනේම සැලසුම් පමා කිරීමේ අනතුර දරා සිටින බවට ද මතයක් විය. මෙම කරුණු නිසා ඇපලෝ මෙහෙයුම් නැවත සැලසුම් කරන ලදී. ලූනා මොඩියුලය සමඟ මිනිසුන් සහිත ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ මුලින්ම සැලසුම් කරන ලද ඇපලෝ 8 නොව ඇපලෝ 9 යි.
 
==රොකට් බූස්ටර ==
වර්න්හර් වොන් බ්‍රෝන් මඟින් නායකත්වය දුන් ඉංජිනේරු කණ්ඩායමක් ඇපලෝ වැඩ සටහන සඳහා සැලසුම් කිරීම ආරම්භ කළේය. එවිට ඔවුන්ගේ රොකට් බූස්ටරවලට සහාය දීමට ඇත්තේ කිනම් ආකාරයේ මෙහෙයුමකටදැයි ඔවුන්ට පැහැදිලි නොවීය. සෘජු නික්මීමක් සඳහා බූස්ටරයක් අවශ්‍ය වේ. සැලසුම් කර තිබූ නෝවා රොකට්ටුවක විශාල බර ප්‍රමාණයක් එසවීමේ හැකියාව තිබේ. නාසාහි තීරණය නිසා මාෂල් අභ්‍යාවකාශ ගමන් මධ්‍යස්ථානයන්හි වැඩකටයුතු සැටර්න් 1B හා සැටර්න් V නිෂ්පාදනය කරා යොමු විය. මේවා නෝවාට වඩා ජවයෙන් අඩු වූ නමුත් සැටර්න් V ඊට පෙර නිපදවූ ඕනෑම බූස්ටරයකට වඩා බලයෙන් වැඩි විය.
 
===සැටර්න් V===
 
 
සැටර්න් V රොකට්ටුව 1969 ජූලි 16 වනදා ඇපලෝ 11 හා එහි කාර්යය මණ්ඩලය සඳ කරා නිකුත් කරයි.
[[Image:Ksc-69pc-442.jpg |thumb|alt=tiny globe|ඇපලෝ 6 කට්ටලය අඩංගු සැටර්න් V රූපසටහන]]
සැටර්න් V අදියර තුනකින් සමන්විත අතර බූස්ටරයේ මඟ පෙන්වීම් පද්ධති ඇතුළත් උපාංග ඒකකයකින් ද සමන්විත වේ. ප්‍රථම අදියර වන S-1 C හරස් රටාවකට සකසා ඇති F-1 එංජින් 5කින් යුක්ත වන අතර එමඟින් රාත්තල් මිලයන 7.5කට වඩා වැඩි තෙරපුමක් නිපදවයි. ඒවා දහනය වෙන්නේ මිනිත්තු 2.5 ක් පමණ කාලයක් වන අතර එමඟින් අභ්‍යාවකාශ යානයේ වේගය දළ වශයෙන් පැයට සැතපුම් 6000 (2.68kms-1) දක්වා ත්වරණය කරයි. නිර්මාණය කිරීම අතරතුර දී F-1 එංජින් දහන අස්ථායීතාවකට මුහුණ පෑය. දහන ප්‍රචාලක එංජිමෙහි දහන මුහුණත හරහා ඒකාකාරී නොවේ නම් එංජිමට හානි වන අයුරින් පීඩන තරංග ගොඩනැඟිය හැක. මෙම ගැටළුව පර්යේෂණ ගණනාවක් හරහා එංජිම හොඳින් සුසර කිරීමෙන් විසදන ලද අතර එමනිසා එංජිම තුළ ඇති වූ කුඩා ආරෝපණයක් පවා අස්ථායීතාවයක් ප්‍රේරණය නොකරයි.
 
දෙවන අදියර වන S-II , J-2 එංජින් 5කින් සමන්විත වේ. ඒවා දළ වශයෙන් මිනිත්තු 6ක් පුරා දහනය වන අතර අභ්‍යාවකාශ යානය පැයට සැතපුම් 15300 ක වේගයෙන් (6.84kms-1) හා සැතපුම් 115ක් පමණ වන උන්නතාංශයකට රැගෙන යයි. මෙම අවස්ථාව වන විට S-IV B තෙවන අදියර ක්‍රියාත්මක වී අභ්‍යාවකාශ යානය කක්ෂයට ඇතුල් කරයි. එහි එක් J-2 එංජිම ට්‍රාන්ස් චන්ද්‍ර ඇතුල්වීම් දහනය සිදු කිරීම සඳහා නැවත පණ ගැන්වීමට හැකි ලෙස සැලසුම් කර ඇත.
 
===සැටර්න් IB===
 
සැටර්න් IB යනු මුල් සැටර්න් 1හි වැඩි දියුණු කළ සංස්කරණයකි. එයට H-1 එන්ජින් 8කින් යුත් ප්‍රථම අදියරක් හා සැටර්න් V හි තෙවන අදියරට සමාන S-IV B දෙවන අදියරක් ද ඇත. සැටර්න් V හි වූ රාත්තල් මිලියන 7.5ක තෙරපුමට සන්සන්දනාත්මකව සැටර්න් IB ට එහි ප්‍රථම අදියරේ දී ඇත්තේ රාත්තල් මිලියන 1.6ක තෙරපුමක් ඇත. නමුත් එයට අණ දීම් හා චන්ද්‍ර මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීමේ හැකියාව ඇත. එය ඇපලෝ පර්යේෂණ මෙහෙයුම්වල දී ස්කයි ලැබ් වැඩසටහනේ දී හා ඇපලෝ - සොයුස් පර්යේෂණ වැඩසටහනේ දී යොදා ගන්නා ලදී. 1973 දී සැටර්න් V විසින් නිකුත් කරන ලද නැවත සවි කරන ලද S-IVB අදියරක් ස්කයි ලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බවට පත් විය.
 
== මෙහෙයුම් වර්ග ==
[[Image:Apollo_15_Lunar_Rover_and_Irwin.jpg|thumb|alt=tiny globe|ජිම් ඉර්වින්, Apollos 15–17 යොදා ගෙන ලූනා කැරකෙන වාහනය භාවිතා කරමින්]]
1967 සැප්තැම්බර්හීදි ටෙක්සාස් හුස්ටන් හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථාන මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩ බෑමකට මෙහෙයවන මෙහෙයුම් ශ්‍රේණියක් යෝජනා කරන ලදී. මෙහෙයුම් වර්ග 7 ක් ඔවුන් විසින් යෝජනා කරනලද අතර ඒ එක එකක් විසින් විශේෂිත සංරචක හා කොටස් පරීක්ෂා කරයි. ඊළඟ මෙහෙයුම් වර්ගය පරීක්ෂා කිරීමට පෙර ඊට පෙර වු මෙහෙයුම් වර්ගය අනිවාර්යයෙන්ම සාර්ථකව සම්පුර්ණ කළ යුතුව තිබිණි. එම මෙහෙයුම් වර්ග වුයේ,
* A - මිනිසුන් රහිත අණදීම් / සේවා මොඩියුල (CSM) පරීක්ෂණය
* B - මිනිසුන් රහිත චන්ද්‍ර මොඩියුල (LM) පරීක්ෂණය
* C - පහත් පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM
* D - පහත් පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM
* E – 4600 mi භූ දුරකයක් සමග ඉලිප්සීය පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM
* F - චන්ද්‍ර කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM · G - මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑම
 
මෙයට පසුව H මෙහෙයුම ඇතුලත් කරන ලදී. එහි සඳ මතුපිට ඇවිදීම් දෙකක් සමග කාලාන්තරයක් සඳ මත සීටිම ඇතුලත්ව තිබිණි. ඉන් පසු J මෙහෙයුම ඇති වු අතර එයට සඳ මතුපිට ඇවිදීම් සමග දින 3 ක් සඳ මත සිටිම ඇතුළත් වු අතර චන්ද්‍ර රෝවර භාවිතා කිරීමද ඇතුළත් විය. ඇපලෝ 18 - 20 මෙහෙයුම් ජේ මෙහෙයුම් බවට පත්වීමට තිබිණි. ඊට අමතරව තවත් පියාසර කණ්ඩායම් (I මෙහෙයුම) සැළසුම් කර තිබිණි. එයට විද්‍යාත්මක උපකරණ වලින් සමන්විත සේවා මොඩියුල යොදා ගෙන සිදුකරන කාලාන්තරයකට වැඩි කක්ෂීය මෙහෙයුම් ඇතුළත් වෙයි. පසුව පෙර කියන ලද පියාසර කිරීම් අවලංගු කරන ලද අතර එවැනි මෙහෙයුම් සැලසුම් J මෙහෙයුම් යටතට ගෙන එන ලදී.
== මිනිසුන් රහිත මෙහෙයුම ==
 
ඇපලෝ වැඩ සටහන සදහා ලැහැස්ති වීම්, මිනිසුන් සහිත ඇපලෝ මෙහෙයුම් පියාසර කිරීමට විශාල කාලයකට පෙර ආරම්භ කරන ලදී. සැටර්න් 1 බුස්ටරය සඳහා පර්යේෂණ පියාසර කිරීම් 1961 ඔක්තෝබර්හිදී ආරම්භ කරන ලද අතර එය 1964 සැප්තැම්බර් 21 දක්වා පැවතුණි. තවත් සැටර්න් 1 නිකුත් වීම් 3 ක් ඇපලෝ අණදීම් / සේවා මොඩියුලයේ බොයිල ප්ලේට් ආකෘති රැගෙන යන ලදී. නිකුත් කිරීම් ගැලවුම් පද්ධතියේ පර්යේෂණ දෙකක් වයිට් සෑන්ස් මිසයිල ප්‍රදේශයේදී 1963 දී හා 1965 දී පැවැත්විණ.
 
කාර්යාලීමය වශයෙන් මිනිසුන් රහිත මෙහෙයුම වුයේ ඇපලෝ 4, ඇපලෝ 5 හා ඇප‍ලෝ 6 පමණි. ඇපලෝ 4 සැටර්න් V බූස්ටරයේ ප්‍රථම පර්යේෂණ පියාසැරිය විය. 1967 නොවැම්බර් 09 නිකුත් කරන ද ඇපලෝ 4 ජෝජ් මියුලර්ගේ “all up” පර්යේෂණ ක්‍රියාවලියට උදාහරණ සැපයීය. වෙනත් බොහෝමයක් රොකට්ටු මෙන් පියවරෙන් පියවර පරීක්ෂා කිරීම් වෙනුවට සැටර්න් V ප්‍රථම වරට තනි ඒකකයක් ලෙස පියාසර කරන ලදී. එම මෙහෙයුම අතිශය සාර්ථක එකක් විය. වෝල්ටර් කොන්කයික් විසින් නිකුත් කිරීම් මධ්‍යස්ථානයේ සිට සැතපුම් 4 ක් පමණ දුරින් තිබු විකාශනාගාරයක සිට නිකුත් කිරීම් ආවරණය කරන ලදී. නිකුත් කිරීම නිසා ඇති වු අධික ශබ්දය හා දෙදරීම විකාශනාගාරය දෙදරීමට ලක්කල අතර එහි සිවිලිමෙහි වු තහඩු බිම වැටී ජනේල දෙදරීය. එම අවස්ථාවේදී විකාශාගාරයෙහි වීදුරු තහඩුවල බිදීම් වැළැක්වීම සඳහා කම්පනය මර්දනය කිරීමට කොන්කයිට්ට සිදු විය. මෙම නිකුත් කිරීම පෙන්වා දුන්නේ කම්පන තරංඟ වලින් වට පිටාවෙහි වු ව්‍යුහ ආරක්ෂා කර ගැනීම සදහා අතිරේක ආරක්ෂක ක්‍රමෝපායන් ගත යුතු බවයි. ඉන්පසුව සිදු කළ නිකුත්කිරීම්වලදී නිකුත් කිරීම් පුවරුවේදීම කම්පන මන්දායනය කිරීමට ක්‍රම භාවිතා කළ අතර එමගින් අදාල ප්‍රදේශයට කම්පන තරංගවලින් වන බලපෑම අඩු කිරීමට හැකි විය.
 
මිනිසුන් රහිත ඇපලෝ මෙහෙයුම්වල අවසාන මෙහෙයුම වුයේ ඇපලෝ 6 යි. 1968 අප්‍රේල් 4 නිකුත් කරන ලද එය පැය 10 කට පසු එනම් 21 : 57 : 21 UTC ට නැවත පෘතුවියට ලඟා වන ලදී.
 
== මිනිසුන් සහිත මෙහෙයුම් ==
 
[[Image:Apollo_11_first_step.jpg|thumb|alt=tiny globe|left|නීල් ආම්ස්ට්‍රෝන් සඳමත පා තැබීමට ප්‍රථම සවිකරන ලද කැමරාවකින් සියල්ල ග්‍රහණය කර ගන්නා ලදී.]]
1968 වසන්තය වන විට ඇපලෝ 8 මෙහෙයුම සඳහා පූර්ණ ක්‍රියාකාරී චන්ද්‍ර මොඩියුලයක් නොලැබෙන බව වැඩසටහන් කළමණාකරුවන්ට පැහැදිලි විය. සරල පෘතුවිය වටා කක්ෂ ගත වීමෙන් මෙහෙයුමක් සිදුකරනු වෙනුවට ඔවුන් නත්තල අතරතුර ඇපලෝ 8 සඳ වටා යැවීමට තෝරා ගන්නා ලදී. මේ සදහා මුලින්ම අදහස් ඉදිරිපත් කළේ ජෝජ් ලෝ විසිනි. මෙය නියමුවන් සහිත සොන්ඩ් අභ්‍යවකාශ යානයක් සදවටා යැවීමෙන් සෝවියට් එකමුතුවේ උත්සාහයට සෘජු ප්‍රතිචාරයක් ලෙස ප්‍රකාශ කළත් එය එසේ යැයි පැවසීමට පැහැදිලි සාක්ෂී නැත. නාසා නිළධාරීන් සෝවියට් හි සොන් මෙහෙයුම් ගැන අවධානයෙන් සිටියහ.එනමුත් සොන් මෙහෙයුම්වල කාලගතකිරීම් නාසා මගින් ඇපලෝ 8 තීරණය ගැන ලියන ද වාර්තා සමග හරිහැටි නොගැලපෙයි. වඩාත් හොදින් පෙනෙන්නට තිබෙන කරුණ නම් ඇපලෝ 87 සෝවියට්වරු විසින් ඇමෙරිකානුවන් පැරදවීම මත නොව මූලිකවම LM මත පදනම් වු බවයි.
 
1968 දෙසැම්බර් 21 හා 1969 මැයි 18 අතරතුර නාසා විසින් සැටර්න් 5 නිකුත් කිරීමේ වාහන යොදා ගෙන ඇපලෝ මෙහෙයුම් තුනක් (8, 9 හා 10) නිකුත් කරන ලදී. එක් එක් මෙහෙයුමට ගගණගාමීන් තිදෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් හා අවසාන 2 ට චන්ද්‍ර මොඩියුල ඇතුළත් විය. නමුත් මෙම එකදු මෙහෙයුමක්වත් සඳ මත ගොඩබෑම අරමුණු කරගත් මෙහෙයුම් නොවීය.
 
[[Image:Buzz_salutes_the_U.S._Flag.jpg|thumb|alt=tiny globe|මෙම රූපයෙන් පෙන්වා සිටින්නේ ඇපලෝ 11 ගගණගාමීන් බස් ඔල්ඩ්‍රින් ඇමෙරිකානු ධජය සමග සිටින අයුරුය. ධජය දරා සිටින සේ පෙනෙන තිරස් දණ්ඩ මගින් ඇති කරන කෘතිම සුළඟ මගින් ධජය සුළගෙහි ඇති විට ඇතිවන ආකාරයේ රැලිති ධජය මත ඇති කරයි.]]
එක් මිනිසකුගේ කුඩා පියවරක් වු මෙය මනුෂ්‍ය වර්ගයාගේ යෝධ පිම්මකි. නීල් ආම්ස්ට්‍රෝන්
 
ඉන්පසු සිදුකර පියාසර කිරීම් දෙක (11 හා 12) ට සාර්ථක චන්ද්‍රගොඩ බෑම් ඇතුලත් විය. ඇපලෝ 13 මෙහෙයුමෙන් ගොඩබෑමට පෙර කල්දමන ලද නමුත් එහි කාර්යය මණ්ඩලය ආරක්ෂිතව පෘතුවිය කරා පැමිණියහ. ඉන්පසුව ඇපලෝ මෙහෙයුම් හතර (14 සිට 17 දක්වා) ට ද සාර්ථකව චන්ද්‍ර ගොඩබෑම් ඇතුළත් විය. මෙහි අවසාන තුනට චන්ද්‍ර රෝවර භාවිතා කළ J කාණ්ඩයේ මෙහෙයුම් ඇතුළත් විය. එයින් පෙන්නුම් කළේ ඇපලෝ 11 මෙහෙයුම සඳහා වු තිරගත හා රූපගත දත්ත බොහෝමයක් නැතිවී ඇති බවයි.
 
අවසාන ඇපලෝ මෙහෙයුම වූ ඇපලෝ 17 දී එම කාර්යය මණ්ඩලය විසින් අනෙක් මෙහෙයුම් වලදී සිදුකලා මෙන් මෙම පලකය චන්ද්‍රයා මත තබා එන ලදී.
 
ඇපලෝ 17 1972 දෙසැම්බර් 07 වන දා නිකුත් කළ අතර එය සඳකරා වු අවසාන ඇපලෝ මෙහෙයුම විය. මෙහෙයුම් අණ දෙන්නා වු ඉයුජීන් කර්නන් සඳමතු පිටින් නික්මුණු අවසාන පුද්ගලයා විය. අවසන් වරට කිසියම් මනුෂ්‍යයෙකු සදමත ඇවිද ඇත්තේ මීට වසර 35 කට හා දින 149 කට පෙරය කාර්යය මණ්ඩලය 1972 දෙසැම්බර් 19 වන දා ආරක්ෂිතව පෘතුවිය කරා පැමිණෙන ලදී.
 
 
== ඇපලෝ යෙදුම් මෙහෙයුම් ==
 
 
ඇපලෝ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමග නාසා හා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ඇපලෝ දෘඩාංග සඳහා පසු චන්ද්‍ර යෙදුම් සොයා බලන ලදී. පසුව ඇපලෝ යෙදුම් වැඩසටහන ලෙස හැදින් වු ඇපලෝ විස්තාරණ ශ්‍රේණිය පෘතුවි කක්ෂය කරා පියාසර 30 ක් දක්වා යෝජනා කරන ලදී. මෙයින් බොහෝමයක් සදහා භාවිතා කීරිමට යෝජනා කරන ලද්දේ විද්‍යාත්මක උපකරණ රැගෙන යාම සඳහා සැටර්න් රොකට්ටුව තුළ දී චන්ද්‍ර මොඩියුලය භාවිතා කළ අවකාශයයි.
 
මේ සියලු සැකසුම්වලින් ක්‍රියාත්මක වුයේ දෙකක් පමණි. ඒවා නම් ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (1973 මැයි සිට 1974 පෙබරවාරි දක්වා) හා ඇපලෝ - සොයුස් පර්යේෂණ ව්‍යාපෘතියයි. (1975 ජුලි) ස්කයිලැබ්හි රාමුව සැටර්න් 1 B හි දෙවන අදියරෙන් නිෂ්පාදනය කරන ලද අතර මධ්‍යස්ථානය චන්ද්‍ර මොඩියුලය මත පදනම් වු ඇපලෝ දුරේක්ෂ රදවනයකින් ද යුක්ත විය. මධ්‍යස්ථානයේ වු කාර්යය මණ්ඩලයේ තුන් දෙනා සැටර්න් 1 B රොකට්ටුම මගින් CSM යොදා ගෙන කක්ෂයට රැගෙන ගිය අතර මධ්‍යස්ථානය නිකුත් වුයේ නවීකරණය කරන ලද සැටර්න් V රෝකට්ටුවක් සමගය. ස්කයිලැබ්හි අවසාන කාර්යය මණ්ඩලය 1974 පෙබරවාරි 8 වනදා එය හැරගිය අතර 1979 දී මධ්‍යස්ථානය පෘතුවිය කරා පැමිනිණි. ඒවන විට එය පැරණිතම ක්‍රියාකාරී ඇපලෝ අංගය බවට පත්වී තිබිණි.
 
ඇපලෝ සොයුස් පර්යේෂණ ව්‍යාපෘතියට අණදීම් / සේවා මොඩියුලයක් හා සෝවියට් සොයුස් අභ්‍යවකාශ යානයක් පෘතුවි කක්ෂයේදී එකට සම්බන්ධවීමක් ඇතුළත් වු අතර මෙහෙයුම 1975 ජුලි 15 සිට ජුලි 24 දක්වා පැවතිණි. සෝවියට් එකමුතුව සොයුස් හා සැලියුට් අභ්‍යවකාශ වාහන ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ නමුත් නාසා හි ඊළඟ මිනිසුන් සහිත මෙහෙයුම වුයේ 1981 අප්‍රේල් 12 දා සිදු කළ STC – 1 යි.
 
==ගෙන එන ලද සාම්පල ==
{{Main|Moon rock}}
{| style="float:right;" class="wikitable"
|-
|colspan=2 |{{double image
|1=center
|2=Apollo 15 Genesis Rock.jpg
|3=150
|4=Lunar Ferroan Anorthosite 60025.jpg
|5=132
|6=ඇපලෝ 15 77 kg වඩාත් ජනප්‍රිය චන්ද්‍ර පාෂාණ මෙහිදී ගෙන එන ලදී. ජෙනසිස් පාෂාණය සොයා ගනු ලැබුවේ ද ඇපලෝ 15 දීය.
|7= ඇපලෝ 16 - 95 kg ඇපලෝ 16 මගින් එකතු කර ගන්නා ලද ෆේරෝන් අනෝර්තෝසයිට් චන්ද්‍ර පාශාණය.}}
|-
!චන්ද්‍ර මෙහෙයුම
!ගෙන එන ලද සාම්පල
|-
|[[Apollo 11]]
|22 kg
|-
|[[Apollo 12]]
|34 kg
|-
|[[Apollo 14]]
|43 kg
|-
|[[Apollo 15]]
|77 kg
|-
|[[Apollo 16]]
|95 kg
|-
|[[Apollo 17]]
|111 kg
|}
ඇපලෝ 16 - 95 kg ඇපලෝ 16 මගින් එකතු කර ගන්නා ලද ෆේරෝන් අනෝර්තෝසයිට් චන්ද්‍ර පාශාණය පෘතුවිය මත ඇති චන්ද්‍ර පාෂාණවලින් ප්‍රභවය වන්නේය. එය සොයා ගන්නා ලද්දේ ඇපලෝ වැඩසටහනෙන්, සෝවියට් එකමුතුවේ ලුනා මෙහෙයුම් වලින් හා චන්ද්‍ර උල්කාෂ්ම වලින් ගත් සාම්පල් වලින් පමණි. අනාගතයේ දී මිනිසුන් සහිත හෝ රහිත මෙහෙයුම් මගින් තව තවත් චන්ද්‍ර පාශාණ එකතුකර ගැනීමට හැකිවනු ඇත.
'''ඇපලෝ 17 111 kg'''
 
ඇපලෝ වැඩසටහන මගින් 381.7 kg ස්කන්ධයකින් යුත් පාෂාණ සහ අනෙකුත් වස්තු සදෙන් ගෙන එන ලද අතර මේවායින් බොහෝමයක් හූස්ටන්හි පිහිටි Lunar receiving විද්‍යාගාරයේ ගබඩා කර ඇත.
 
රේඩියෝ මෙට්රික් දින ගණනය කිරීමේ තාක්ෂණික ක්‍රමවලට අනුව සඳෙන් එකතුකර ගන්නා ලද පාෂාණ පෘතුවියෙහිදී සොයා ගත් ඒවාට වඩා අතිශයින් පැරණි බව පෙනී යයි. ඒවායේ වයස වසර මිලියන 3.2 සිට වසර මිලියන 4.6 දක්වා වු පරාසයක විසිරි පවතී. එමනිසා ඒවා සෞරග්‍රහ මණ්ඩලය ගොඩනැගීමේ මුල්ම කාලයේදී මේවා විශාල වශයෙන් පෘතුවියෙන් නැතිවී ගොස් ඇත. ඇපලෝ මෙහෙයුම්වලදී සොයා ගන්නා ලද එක් වැදගත් පාෂාණයක් වුයේ ජෙනෂිස් පාෂාණයයි. එම පාෂාණය ඇපලෝ 15 මෙහෙයුම අතරතුරදී ජේම්ස් අර්වින් හා ජේම්ස් ස්කෝට් විසින් ගෙනෙ එන ලදී. මෙම පාෂාණය අනොර්ථෝසයිට් ලෙස හදුන්වන අතර එය කැල්සියම් බහුල අනෝර්තයිට් ෆේල්ස් ෆා ඛනිජ වලින් සෑදී ඇත. තවද එය උස් බිම් කලාප නිරූපණය කරන පාෂාණයක් ලෙස සැලකේ. KREEP ලෙස හඳුන්වන භූ රසායනික සංයෝගයක් සොයා ගන්නා ලද අතර එයට දන්නා හඳුනන කිසිදු භූ ගෝලීය කොටසක් සම්බන්ධ නොවීය. KREEP හා අනෝර්ථසයිටික සාම්පල් එකට ගත් කළ යම් කාලයකදී සඳෙහි පිටත භාගය සම්පුර්ණයෙන්ම ද්‍රව වී තිබු බව දැක්වීමට යොදාගත හැක.
 
සියළුම පාෂාණ පාහේ ඝට්ටනය වීමේ ක්‍රියාවලිවලින් බලපෑම් වලට ලක් වු බවට සාධක පෙන්වයි. උදාහරණ ලෙස බොහෝමයක් සාම්පල ශුද්‍ර උල්කාශ්ම ගැටුම් ආවාටවලින් යුක්තය. ඝන වායුගෝලයක් ඇති පෘතුවියෙහි මෙය කිසිවිටෙකත් දක්නට නැත.ඊට අමතරව බොහෝමයක් ගැටුම් අවස්ථා අතරතුර නිර්මාණය වු අධි පීඩන ගැටුම් තරංඟ වලට නිරාවරණය වූ බවටද සාධක පෙන්වයි. ගෙන එන ලද සමහරක් සාම්පල ගැටුම් නිසා ද්‍රව බවට පත් වු ඒවායි. අවසාන වශයෙන් සදෙන් ගෙන එන ලද සියළු සාම්පල බහු ගැටුම් අවස්ථා වලට නිරාවරණය වීම හේතුවෙන් අතිශය බ්‍රෙෂියකරණය වු ඒවාය. 1984 දී සදෙන් ගෙන එන ලද සාම්පලවල සංයුති විශ්ලේෂණය මගින් එළඹුනු නිගමනය වුයේ සඳ නිර්මාණය වී ඇත්තේ පෘතුවිය සමග විශාල තාරකා විද්‍යාත්මක වස්තුවක ඝට්ටනයක් හරහා බවයි.
1966 මාර්තු මස දී නාසා ආයතනය විසින් වැඩසටහන් වියදම් හා අවලංගු කිරීම් පිළිබඳ කොංග්‍රසයට කරුණු පවසා ඇත. ඒ වනවිට එනම් 1969 ජුලි සිට 1972 දෙසැම්බර් දක්වා සාර්ථක මෙහෙයුම් 6 ක් නිම කළ වසර 13 ක් ඉක්ම ගොස් තිබුණි.නමුත් එහිදී දන්වා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 22.718 කට ඇස්තමේන්තු ගත කළ සඳමතට මිනිසුන් යැවීමේ ඇපලෝ වැඩසටහන සඳහා තවත් මුදල් නොමැති බවයි. නාසාහි ඓතිහාසික වෙබ් අඩවි පාලක ස්ටීව් ගාබර්ට අනුව ඇපලෝ ව්‍යාපෘතියෙහි අවසාන වියදම 1969 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත් 25.4 ත් අතර විය. (හෝ දළ වශයෙන් 2005 ඩොලර් වලින් ඩොලර් බිලියන 135 ක් පමණ)
 
ඇපලෝ අභ්‍යවකාශ යානා හා සැටර්න් රොකට්ටුවලට වු වියදම 2005 ඩොලර් වලින් ඩෝලර් බිලියන 83 ක් පමණ විය. (ඇපලෝ අභ්‍යවකාශ යානා : ඩෝලර් බිලියන 28 (අනදීම් / සේවා මොඩියුල : ඩොලර් බිලියන් 17 ; චන්ද්‍ර මොඩියුල ඩොලර් බිලියන 11) සැටර්න් I සැටර්න් IB, සැටර්න් V නිකුත් කිරීමේ වාහන : ඩෙලර් බිලියන 46 ක් පමණ)
 
වලංගු කරන ලද මෙහෙයුම් ඇපලෝ 18 සිට ඇපලෝ 20 දක්වා වු අතිරේක චන්ද්‍ර ගොඩබෑම් මෙහෙයුම් 3 ක් සැලසුම් කර තිබිණි. වේගයෙන් පහත වැටුණු නාසා හි අයවැය හා සැටර්න් V වල දෙවන කණ්ඩායමක් නිෂ්පාදනය නොකිරීමේ තීරණය මත මෙම මෙහෙයුම්, අභ්‍යවකාශ ශටල නිෂ්පාදනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට හා ඔවුන්ගේ අභ්‍යවකාශ යානා හා සැටර්න් 5 නිකුත් කිරීමේ යානා ස්කයිලැබ් වැඩසටහනට ලබාදීම අවලංගු කරන ලදී. ඇත්ත වශයෙන්ම 1973 දී ස්කයිලැබ් කක්ෂීය විද්‍යාගාරය නිකුත් කිරීම සදහා යොදා ගෙන තිබුනේ එක් සැටර්න් 5 රොකට්ටුවක් පමණකි. අනෙක්වා කේප් කැනවරල්, ෆෝරිඩාහි ජොන් එෆ් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, හන්ට් ස්විල්, ඇලභාමාහි ජෝජ් සී මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා හූස්ටන් ටෙක්සාස්හි ලින්ඩන් බී ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය යන ඒවායේ ප්‍රදර්ශන භාණ්ඩ බවට පත් විය.
 
==ඇපලෝ වැඩසටහනේ විද්‍යාත්මක හා ඉංජිනේරුමය උරුමය==
ඇපලෝ වැඩසටහන තාක්ෂණය අතින් බොහොමයක්ම ප්‍රති උත්තේජනය කරන ලදී. චන්ද්‍ර හා අණ දීම් මොඩියුලවල භාවිතා කරන පියාසර පරිගණක සැලසුම හා Minuteman මිසයිල පද්ධතිය, සංගෘහිත පරිපථවල මුල්කාලීන පර්යේෂණවලට හේතු සාධක විය. මෙම වැඩ සටහන් සඳහා නිපදවන ලද ඉන්ධන කුටි (fuel cell) ප්‍රථම ප්‍රායෝගික ඉන්ධන කුටි විය. තවද ඇපලෝ ව්‍යුහාත්මක සංරචකවල දී පරිගණකයෙන් පාලනය කරන ලද යාන්ත්‍රණයකිරීම් (CNC) දිරි ගන්වන ලදී.
 
 
'''අනාගත මිනිස් අභ්‍යාවකාශ ගවේෂණය මත බලපෑම'''
 
 
ජාතීන් කිහිපයක් අනාගත මිනිස් චන්ද්‍ර මෙහෙයුම් සැලසුම් කර ඇති අතර අභ්‍යාවකාශ ඒජන්සි කිහිපයක් ද චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැඟීමට සැලසුම් සකස්කරයි.
 
ප්‍රථම සාර්ථක ගොඩබෑම වූ ඇපලෝ 11හි අණ දෙන්නා වූ නීල් ආම්ස්ට්‍රෝන් නිරන්තරයෙන් අභ්‍යාවකාශ ගමනේ අනාගතය පිළිබඳ ඔහුගේ මතය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පුවත්පත්වල ප්‍රශ්න කිරීම්වලට භාජනය විය. 2005 දී ඔහු කියා සිටියේ අඟහරු කරා වූ මිනිස් ගමනක් 1960 හි චන්ද්‍ර ගමනට වඩා පහසු වනු ඇති බවයි. “මම විශ්වාස කරන්නේ විවිධාකාරයේ අපහසුතා හා ප්‍රශ්න බොහොමයක් තිබුණත් ඒවා 1961 දී අපි ඇපලෝ වැඩසටහන ආරම්භ කරන විට මුහුණ දුන් ඒවා තරම් අපහසු නොවන බවයි”
 
 
== කන්ස්ටිලේෂන් (Constillation) වැඩසටහන ==
 
2004 ජනවාරි මස 14 වනදා ජනාධිපති බුෂ් විසින් අභ්‍යාවකාශ ගවේෂණය සඳහා නව දැක්මක් ප්‍රකාශයට පත් කළේය. එයට 2020ට පෙර සඳ වෙත ගඟනගාමීන් යැවීමේ සැලසුමක් ද ඇතුළත් විය. (ප්‍රථම මිනිස් ගොඩ බෑම වන ඕරියන් 17 වර්තමානයේ දී 2019 සඳහා සැලසුම් කර ඇත.) මෙහි මෙහෙයුම් නාසාහි මිනිස් අභ්‍යාවකාශ ගමන් සඳහා වූ අභ්‍යාවකාශ යානාවල නව පරම්පරාවක් ආරම්භ කිරීම සඳහා වූ කන්ස්ටිලේෂන් ව්‍යාපෘතියේ කොටසක් වේ.
 
2010 දී අභ්‍යාවකාශ ෂටලය විශ්‍රාම ගැනීමත් සමඟ ඕරියන් කාර්ය මණ්ඩල කැප්සූලය මඟින් එය ප්‍රතිස්ථාපනය කරනු ඇත. එහි වායු ගතික ස්වරූපය ඇපලෝ අණ දීම් මොඩියුලයට සමාන වේ. නාසා පරිපාලක මයිකල් ග්‍රිෆින් විසින් කැප්සූලය “Apollo on steroids” ලෙස විස්තර කරන අතර new scientist සඟරාවවේ වාර්තාවන්ට අනුව “සමහරක් විවේචකයන් කියා සිටින්නේ මුළු ඕරියන් වැඩසටහනම ඇපලෝ යුගයේ තාක්ෂණයට නැවත ගමන් කිරීමට වඩා මඳක් හොඳ දෙයක් පමණක් බවයි.” කෙසේ නමුත් අනෙක් පැත්තෙන් එහි නියමු කුටියේ ඕරියන් විසින් සංදර්ශක හා තාප ආවරණ ඇතුළත්වූ නව තාක්ෂණයන් යොදා ගනු ලබයි. ඇපලෝ සැලසුම් මත ඉතා ආසන්නයේ පදනම් වූ දෙය වන්නේ ඕරියන් කක්ෂයට ගෙන යාමට සෑදූ නිකුත් කිරීමේ වාහනය වන ඒරස් 1 හි උඩු අදියරයි. එය බූස්ටරවල සැටර්න් පවුලේ දී භාවිතා කළ J-2 එන්ජිමෙහි ප්‍රති නිර්මාණයක් වන J-2X එන්ජිමක් මත පදනම් වනු ඇත. J-2X මත වැඩ කිරීමේ දී නාසා ඉංජිනේරුවන් විසින් ඇපලෝ යුගයේ ලිපිගොනු සෙවීම සඳහා කෞතුකාගාරවලට ගොස් ඇති අතර ඇපලෝ වැඩසටහනෙහි සේවයකළ ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කර ඇත. කන්ස්ටිලේෂන් වැඩසටහනේ කළමණාකාරු ජෙෆ් හැන්ලි පවසා සිටින්නේ “සඳ මත ගොඩ බෑමේ හා එයින් නැවත නිකුත්වීමේ යාන්ත්‍රණය බොහෝ දුරට විසඳා ඇති බවයි” “මෙය ඇපලෝ අපට දුන් උරුමයයි.”
 
ඇපලෝ මෙන්ම ඕරියන් ද චන්ද්‍ර කක්ෂ සමගාමී මෙහෙයුමක් පියාසර කරනු ඇති නමුත් ඇපලෝ මෙන් නොව ඇල්ටෙයාර් ලෙස හඳුන්වන ලෑන්ඩරය අභ්‍යාවකාශ ෂටල හා ඇපලෝ තාක්ෂණය යන දෙකම මත පදනම් වූ ඒරස් 5 රොකට්ටුවක් මතින් වෙනමම නිකුත් කරනු ලබයි. ඕරියන් වෙනමම නිකුත් කරනු ඇති අතර එය ස්කයි ලැබ් වැඩසටහනේ දී මෙන් පහත් පෘථිවි කක්ෂයේ දී ඇල්ටෙයාර් සමඟ සම්බන්ධ වේ. තවද ඇපලෝ මෙන් නොව ඕරියන් එහි මුළු කාර්ය මණ්ඩලයම සඳ මත ගොඩ බසින තෙක් චන්ද්‍ර කක්ෂයෙහි මිනිසුන් රහිතව පවතිනු ඇත.
 
== සටහන් ==
 
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_වැඩසටහන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි