"සමාජ ම‍නෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
මිනිසාගේ සිතුවිලි , හැඟීම් සහ හැසිරීම්වලට අන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තුළින් මිනිසා මැනිය හැකි සියලුම මනෝවිද්‍යාත්මක විචල්‍යයන් අඩංගු වෙයි. ඉහත සඳහන් අන් අය මවා ගත හැකිය හෝ හැඟී යා හැකිය යන අර්ථයට අනුව අප අන් පුද්ගලයින් සිටිය ද නොසිටිය ද සමාජයීය බලපෑම්වලට ලක්විය හැකි බව කිව හැකිය. එනම් උදාහරණයක් ලෙස රූපවාහිනිය නැරඹීම, අභ්‍යන්තරයේ පවතින සංස්කෘතික ප්‍රතිමාණයන් මත ද, සමාජයීය බලපෑම් මතද ඇති විය හැකි බවය.
Line 8 ⟶ 7:
 
එලෙස මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව වෙන් වීමට අමතරව ඇමරිකානු සහ යුරෝපීය ජාතික සමාජ මනෝවිද්‍යාඥයින් ආකාර දෙකකින් මේ සඳහා අවධානය යොමු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ ඇමරිකානුවන් වඩාත්ම පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර යුරෝපියානුවන් වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ කණ්ඩායම් කෙරෙහිය.
==ඉතිහාසය==
[[Image: Kurt_Lewin.jpg|thumb|alt=tiny globe|Kurt Lewin - කර්ටි ලෙවින් - සමාජීය මනෝවිද්‍යාවේ පියා]]
ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය 20වන සියවසේ මුල් භාගයේදී ඇරඹිණි. Norman Trip Let හෝ සමාජ සුභසාධනකරණයේ ප්‍රපංචය මෙම ක්ෂේත්‍රයේ ප්‍රථම ප්‍රකාශිත පර්යේෂණය ලෙස හැඳින්විය හැක. 1930 දී ජර්මනියේ ගෙස්ටල්ට් මනෝවිද්‍යාඥයින් බොහෝ දෙනා ඇමරිකාවට සංක්‍රමණය විය. (විශේෂයෙන්ම Kert Lewin ) මොවුන් චර්යාත්මක සහ මනෝවිශ්ලේෂණාත්මක පථයන්ගෙන් පරිබාහිර මෙවැනි ක්ෂේත්‍රයක් බිහිකිරීම සඳහා පුරෝගාමී විය. සමාජ මනෝවිද්‍යාව නිරතුරුවම අවබෝධය සහ සිහිබුද්ධිය සඳහා ඇති ඇලීම සඳහා උරුමකම් කියති. විවිධාකාර කුඩා කණ්ඩායම් ප්‍රපංචය සහ ආකල්පයන් මෙම විෂය ක්ෂේත්‍රයේ බොහෝදුරට අධ්‍යනයනය කළ මාතෘකා වෙයි.
 
 
දෙවන ලෝක යුද්ධය අතරතුරදී සමාජ මනෝ විද්‍යාඥයෝ ඇමරිකානු සෙබලුන්ගේ අවනතවීම සහ ප්‍රචාරණය පිළිබඳව අධ්‍යයනය කරන ලදී. යුද්ධය අවසන් වූ පසු පර්යේෂකයෝ ලිංගභේද සම්බන්ධ ගැටළු සහ ජාතීන් වෙනස් කොට සැලකීම යන මාතෘකා අධ්‍යයනයට පෙළඹූණි. 60 වන දශකයේදී සංජානන විභේදනය , ප්‍රේක්ෂකයා මැදිහත් කරගැනීම , කළහකාරිත්වය යන මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. නමුත් 1970 දී ඇමරිකාවේ සමාජ මනෝ විද්‍යාව තුළ අර්බුදකාරී තත්වයක් පැන නැගිණි. විද්‍යාත්මක පර්යේෂණයන්වල පවතින ආචාර ධර්ම , ආකල්ප මගින් හැසිරීම් පිළිබිඹු කරනවාද? නැද්ද? සහ සංස්කෘතීන් තුළ විද්‍යාව කොතරම් දුරට යොදාගන්නවාද යන්න පිළිබඳ දිගින් දිගටම විවාද පැන නැගිණි. එක් අවස්ථාවකදී අන්‍යගාමී න්‍යායවාදීන් විසින් මනෝවිද්‍යාවේ එන මම සහ පෞර්ෂත්ව යන්ගේ අවශ්‍යතාව පිළිබඳව අභියෝග කරන ලදී.
 
1950 – 1980 දශකය තුළදී සමාජ මනෝවිද්‍යාඥයින් සෛද්ධාන්තිකව යොදා ගන්නා ක්‍රමෝපායන් මගින් පරිණත තත්වයට පත්විය. අද පර්යේෂණයන් පරීක්ෂාකාරී ආචාරධර්ම මගින් පාලනය කරන අතර ,බහුත්වවාදය සහ බහු සංස්කෘතීන්වල සාපේක්ෂව වැදගත්කම පැන නැගී ඇත. නවීන පර්යේෂණ වඩා උනන්දුවක් දක්වන්නේ උපලක්ෂණය කෙරෙහිය. සමාජීය ප්‍රධානය සහ ස්වයං ආකල්ප වැනි මාතෘකා අධ්‍යනය සඳහාය. තවද සමාජ මනෝ විද්‍යාඥයෝ තම අධ්‍යනයන් සෞඛ්‍ය සහ පාරිසරික මනෝවිද්‍යාව මෙන්ම නීති පද්ධති තුළ මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළද යොදා ගනී.
 
"https://si.wikipedia.org/wiki/සමාජ_ම‍නෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි