"ස්ලෝවැකියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ඡේද නිසි සේ වෙන් කිරීම
107 පේළිය:
|}
]]
'''ස්ලෝවැකියාව''' මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49,000 (වර්ග සැතපුම් 19,000) කි. ස්ලෝවැකියාව මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියා, උතුරින් පෝලන්තය, නැගෙනහිරින් යුක්රේන් හා දකුණින් හංගේරියාවටය.
අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), ලෝක වෙළඳ ආයතනය(WTO), යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි.
5 වන හා 6 වන ශතවර්ෂවලදී වහල් සේවය සඳහා වහලුන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලෝවැකියා ප්‍රදේශයට අයිති බොහොමයක් ප්‍රදේශ සාමෝස් අධිරාජ්‍යයට, මොරාවියාවට, හන්ගේරියානු අධිරාජ්‍යයට, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යයට හා චෙ‍කොෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලෝවැකියා රාජ්‍ය බිඳ නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්සින් යටතේ පැවතිණි. 1945 සිට සොල්වැකියාව නැවතත් චෙකොස්ලෝවෙකියාවේ ප්‍රදේශයක් විය.
1993 ජනවාරි 1 වනදා ස්ලෝවැකියාව නිදහස් රාජ්‍යයක් විය. එරටස්ලෝවැකියාවේ ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය යුරෝපියානු සංගමයේ (EU) හා ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(OECD) වේගවත්ම වර්ධන අනුපාතය වේ. මෙරටඑරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය(EU) හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමඟ එක් විය. යුරෝපියානු සංගමය, යුරෝපීය කලාපය, ස්චෙන්ගන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍යය ස්ලෝවැකියාව වේ.
"https://si.wikipedia.org/wiki/ස්ලෝවැකියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි