"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
 
 
=== Incapacitation ===
 
මේ හරහා මූලිකව අපේක්ෂා කරනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ සමාජයේ යහ පැවැත්මට බාධා පමුණුවන අපරාධකරුවන් පොදු ජනයාගෙන් ඈත්කර තැබීමයි. අන් විදියකින් පැවසුවහොත් ඔවුන් සිරදඩුවමකට භාජනය කිරීමයි.
62 පේළිය:
 
 
==== සාවද්‍ය ක්‍රියාව ====
 
සාවද්‍ය ක්‍රියාව අපරාධයක් සිදු කිරීමේ භෞතික මූලිකාංගය වන අතර එය ක්‍රියාවක්්, ක්‍රියාවක් සිදු කිරීමේ තර්ජනයකින් හෝ ක්‍රියාවක් සිදු කිරීම පැහැර හැරීමක් මඟින් සිිදු වූ දෙයක් විය හැකිය. උදා ං විසින් ඹ ට පහර දීම හෝ දෙමාපියන් විසින් දරුවාට අහාර ලබා නොදීම වැනි ක්‍රියාවන් අපරාධයක සාවද්‍ය ක්‍රියාව විය හැකිය.
111 පේළිය:
 
මෙහි දී විත්තිකරුට ගැලවී පලා යාමට යාමට කිසිදු මඟක් නොමැති විය යුතුය. බල කිරීම, මුදල් නැවත ගෙවීමට තර්ජනය කිරීම නිසා එම මුදල පියවිමට බැංකුවක් කොල්ල කෑමට යොමු වීම නොව කිසියම් ක්‍රියාවක් කිරීමට අණ කිරීමක් විය යුතුය. කෙනෙකු තමාම තර්ජනයකට ලක විය හැකි තත්වයකට පත් වුවහොත් බල කිරීම විත්තිවාචකයක් ලෙස ගත නොහැකිය.
 
= අන්තර් ජාතික නීතිය ==
 
'''මූලික ලිපි :'''
 
 
අන්තර් ජාතික නීතිය, මානව වර්‍ගයාට එරෙහිව සිදු කරන ලද අපරාධ සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහ අන්තර්ජාතික අපරාධ අධිකරණය
 
 
හේග්හි පිහිටි අන්තර් ජාතික අපරාධ නඩු අධිකරණය යනු මහජන අන්තර්ජාතික නීතිය යොදවමින් ඉතාමත් දරුණු ගනයේ සහ අතිශයින්ම සාහසික වූ (ලෝකයේ හි වෙසෙන සියලුම ජාතීන් සහ රාජ්‍යයන්ට බලපාන) අපරාධ සහ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් විස්තරාත්මකව හා විශ්ලේෂණාත්මක කටයුතු කරයි. නූතන අන්තර්ජාතික අපරාධ නීතියේ මුලාශ්‍රය ලෙස නියුරන්බර්ග් නඩු (පශ්චාත් දෙවන ලෝක යුධ සමය තුළ) සැලකිල්ලට ගත හැකිය. මෙම නඩුවලදී නාසිවාදය පැතිර වූ නායකයන්ට මිනිස් සංහාර සහ යුද්ධය යන කරුණු පදනම් කරගෙන දඩුවම් ලබාදෙන ලදී. වර්‍ෂ 1998 දී Rome Statute යන නීතිය යටතේ අන්තර්ජාතික අපරාධ අධිකරණය හේග් නග‍රයේ ස්ථාපිත කරන ලදී. මෙය මූලිකවම වෙන්වුයේ විවිධ රාජ්‍යයන් වල නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මනුෂ්‍ය වර්‍ගයාට එරෙහිව කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ඔවුනට දඩුවම් ලබාදීම සඳහා ය. ‍එහෙත් ලොව සියලුම රටවල් මෙවැනි නඩුවලට සහභාගී වී නැත (සහභාගී වීමට සිය කැමැත්තද පළකර නැත) යේමනය, ලිබියාව, ඉරාකය, ඊශ්‍රායලය. සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේවාට උදාහරණ ‍වේ.
 
 
=== ඇමෙරිකා එක්සත් ජනපදය ===
 
අමෙරිකා එක්සත් ජනපදයේ අපරාධ කරුවන්ට එරෙහිව නඩු ආරම්භ කරනු ලබන්නේ විනිශ්චකාරවරයෙකු විසින් නිකුත් කරන පැමිණිල්ලක් මඟින් හෝ මහාජූරි සභාවක් මඟින් නිකුත් කරන චෝදනා පත්‍රයක් තුළිනි. ඇමෙරිකානූ ව්‍යවස්ථාවේ සිදුකරන ලද පස්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පෙඩරල් අධිකරණයකදී විභාග කෙරෙන දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් (Felonies) ‍චෝදනා පත්‍රයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එක් එක් ජනපද වල භාවිතයේ පවතින විවිධ ක්‍රමවල විවිධත්වය මත අත්‍යාවශ්‍ය කරුණක් ලෙස අපරාධ නඩුවක් ‍ගොනුකිරීමේ දී මෙම පෙඩරල් අවශ්‍යතාවය බලපාන්නේ නැත. උදා: ලෙස ගතහොත් කනෙටිකට්, පෙන්සිල්වේනියා සහ වොෂින්ටනය ‍යන ජනපද සහ කොලොම්බියාව 'මහා ජූරි සභාවක් මඟින් ඉදරිපත් කරන චෝදනා පත්‍රය පිළිපදින්නේ නැත. හයවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපරාධ නඩුවක චූදිතයෙකුගේ නඩුවක් වඩාත් ඉක්මණින් සහ මහජනයා ඉදිරියේ විභාග කිරීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇත. මෙය ප්‍රාන්ත සහ පෙඩරල් අධිකරණ දෙවර්ගයටම බලපායි. මීට අමතරව අපක්ෂපාතී ජුරි සභාවක් ඉදිරියේ අපරාධය සම්බන්ධයෙන් වූ නඩුව ඇසීමට ද, (ජනපද සහ දිස්ත්‍රීක් යන දෙකේදීම ) තමන්ට විරුද්ධව ඇති නඩුවේ ස්වාභාවය සහ චෝදනාවට ලක්වීමට හේතුව දැනගැනීමට ද, තමන්ට විරුද්ධව සාක්ෂි දෙන සාක්ෂිකරුවන් තමන් ඉදිරියට ගෙන ඒමට ද, අනිවාර්ය ක්‍රියාවලියක් හරහා තමන්ගේ වාසිය සඳහා සාක්ෂිකරුවන් සපයා ගැනීමට ද සහ නීතිඥවරයෙකුගේ සහය ලබාගැනීමට ද අයිතියක් ඇත.
 
 
රාජ්‍යයක අයිතීන් සුරැකීම සඳහා පෙනීසිටිනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව‍ට සම්බන්ධ නීතිඥයෙකි. චූදිතයෙකුට තනිවම තමාගේ නිතීඥයා ලෙස කටයුතු කළ හැකිය. (අවශ්‍යනම්)ය.
බොහෝ අමෙරිකානූ නීති විද්‍යාලවල මූලික මූලාශ්‍රය (අපරාධ නීතිය සම්බන්ධයෙන්) පදනම් වී ඇත්තේ නූතන දණ්ඩ නීති සංග්‍රහය සහ ඇන්ග්ලෝ ඇමෙරිකානූ පොදු නීතිය මත පදනම් වූ පර්යේෂණයක් මතය. ඇමෙරිකාවේ සිදුවන අපරාධ විශ්වීය අපරාධ ලෙසද ‍‍ලොව පුරා නීති මඟින් තහනම් කර ඇත. (මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ) මේවා ඉදහිට මාලම් ඉන්සේ (Malum in se) ලෙසද ව්‍යවහාර කෙරේ. මේ අතරේ දී අනිකුත් අපරාධ (සමාජයක සමාජීය දැක්ම සහ හොද නරක වෙන්කරන ආකාරය) වන මත් ද්‍රව්‍ය නිවාරණය සහ මත්පැන් සම්බන්ධ නීති Molum prohibitum ලෙස ව්‍යවහාර වේ.
 
 
 
===ඉංග්‍රීසි අපරාධ නීතිය(එංගලන්තය)===
 
[[Image:Oldbaileylondon-900.jpg|right|250px|thumb|
මධ්‍යම අපරාධ අධිකරණය, සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ Old – Bailey ]]
 
 
එංගලන්තයේ අපරාධ නීතිය විවිධ මුලාශ්‍ර කීපයකින් පැන නැගී ඇත. අපරාධ සඳහා වූ විවිධ නිර්වචනයන් අධිකරණ තීරණ සහ දහස් ගණනක් වූ විවිධ නීති යුරෝපා හවුල තුළ පවතින සුපිරි නීති පද්ධති වල අන්තර්ගත වී ඇත. ‍ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් නොව මෙහි අපරාධ හෝ සිවිල් නීති ලෙස නීති ගතකොට නැති බැවින් අපරාධ නිර්වචනය කිරීමේ තනි ක්‍රමයක් වෙන්කොට හදුනා ගැනීම අපහසුය.
 
[[Category:අපරාධ නීතිය ]]
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි