"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
විවිධ බල සීමා තුළ සහ විවිධාකාර බල ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතියේ පෙන්නුම් කරන පොදු හා සුවිශේෂ වූ ලක්ෂණයක් වනුයේ එම නීතිය අනුගමනය කිරීමට අසමත් වූ විට එවැනි නීති බලාත්මක කිරීම සඳහා ප්‍රබල දඩුවම් පැමිණවීමයි. අපරාධයක් සඳහා ලබාදෙන දඩුවම එම අපරාධයේ ස්වාභාවය සහ එම දඩුවම පැමිණවීමට යම් ව්‍යුහයකට පවරා ඇති බලය මත තීරණය වනු ලබයි.
{{cleanup}}
 
එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක. උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම (පරිවාස භාරය සහ පොරොන්දු පිට ලබාදෙන නිදහස) සමහර අපරාධ ක්‍රියා (මනුෂ්‍ය ඝාතන) ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ කිසියම් වැරදි ක්‍රියාවක් අපරාධ ගණයට හෝ සිවිල් වැරැද්දකට නිශ්චිතවම වැටේ ද යන්න පැහැඳිලි ලෙස නිර්වචනය කර නොමැත. අපරාධ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ආණ්ඩුවක් වන අතර පෞද්ගලික පාර්ශවයන්ට එම රටේ සිවිල් නීතිය තම අයිතීන් තහවුරු කරගැනීමට ඉවහල් වේ.
 
==ඉතිහාසය==
අපරාධ නීතිය සහ අපරාධ නීතියේ ඉතිහාසය ලෝකයේ ප්‍රථම ශිෂ්ඨාචාරයන්ගෙන් ඇරඹේ. අතීතයේ සුමේරියන් නම් ජන කාණ්ඩායම අපරාධ නීතියක් සිවිල් නීතියක් යනුවෙන් නීතියේ වර්ගීකරණයක් සිදු නොකෙරූහ. ඔවුන් පළමුම ලිඛිත නීති පද්ධතියක් සම්පාදනය කරන ලදහ. නියෝ සුමේරියානු රජෙකු වූ ඌර් ලොව දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත නීති පද්ධතිය සම්පාදනය කරන ලද රජු වෙයි. මෙය නමින් ඌර් නම් විය. මෙවැනිම වැදගත්වූ තවත් නීති පද්ධතියක් හමුරාබි බැබිලෝනියන්වරු විසින් ඔවුන් ‍ගේ නීතියේ කොටසක් ලෙස සම්පාදනය කරන ලදී. ඉහත පද්ධතීන් දෙකම සිවිල් වැරදි අපරාධ වැරදි වලින් (දණ්ඩ නීති) වෙන්කොට නොදක්වන ලදහ.
 
[[Image: Old_Bailey_Microcosm_edited.jpg |thumb|left| (1600 සිදු වූ මනංකල්පිත අවතාර‍යක් සම්බන්ධයෙන් වූ අපරාධ නඩුවක් විභාග කරන අයුරු)]]
මේ හා සමාන වැදගත් කමකින් යුක්ත වූ ගයිස්ගේ විස්තරාත්මක නිගමනයන්ගෙන් (රෝම නීතියේ එන twelve tables ) මෙම සිවිල් සහ අපරාධ අංශයන් වෙන වෙනම විග්‍රහ කොට නොතිබිණි. උදා : ගතහොත් හොරකම / furtum දිලික්තයනක් ලෙස අර්ථ නිරූපණය කර ඇත. අන් අයෙකුව හිංසනයට ලක් කිරීම (assault) සහ ප්‍රචණ්ඩත්වය යොදා ගෙන කරනු ලබන සොරකම් අනවසරයෙන් තම දේපල ට ඇතුල් වීම වශයෙන් සලකා ඇත. ඉහත අපරාධ සම්බන්ධයෙන් වූ නීති උල්ලංඝනය වූ විට පැන නගින නෛතික වගකීමෙන් නිදහස් විය හැක්කේ මුල්‍යමය වශයෙන් සිදු වූ අලාභ හානි වලට වන්දි ගෙවීමෙන්ය.
 
අපරාධ සහ සිවිල් කරුණු සම්බන්ධයෙන් නූතන වර්ගීකරණය පිළිබඳව මුල්ම සාක්ෂිය හමුවන්නේ එංගලන්තය නෝමන්වරුන් ‍ගේ ආක්‍රමණයට භාජනය වූ අවධියේය. සුවිශේෂ සංකල්පයක් වූ අපරාධය සඳහා වූ දඩුවම (යුරෝප‍ය සම්බන්ධයෙන් පමණක් සලකා බැලීමේ දී) මුලින්ම පැන නැගුනේ පුරාණ ස්පාඤ්ඤ දර්ශනයක් Scolasticism (බලසම්පන්න අල්පොන්සු ඩී කස්‍ත්‍රා ) තුළය. මෙම සංකල්පයට අනුව (ආගමික ) දේවදඩුවම (Poena aeterna) මිනිසෙකු මත පමුණුවන ලද්දේ හුදෙක් ඔහුගේ අපරාධය වෙනුවෙන් මනසට දඩුවම් කිරීමට ය. මෙය මූලික නීතිය (canou – law) හා සම්මිශ්‍රණය වී අවසානයේ දී ආගමික බලපෑමකින් තොර වූ අපරාධ නීතියක් නිර්මාණය වීමට බලපාන ලදී.
 
'යම් කිසි රාජ්‍යයක් යුක්තිය පසිදලීම (අධිකරණයක් හමුවේ දී)' සංකල්පය ඉදිරියට පැමිණෙන්නේ 18 වන සියවසේ දී යුරෝපා ජාතීන් පොලිස් සේවාවන් නඩත්තු කිරීමේ යෙදී සිටින විටය. එම මොහොතේ සිට අපරාධ නීතිය පමුණු වීම වඩාත් ක්‍රමානුකුලව විධිමත් යාන්ත්‍රනයන් ඔස්සේ සිදුවීම ආරම්භ විණි. මේ හේතුව නිසා අපරාධ නීතිය වෙනමම හේතුවක් ලෙස වර්ධනය වීමට මඟ පෑදිණි.
 
 
 
== තෝරා ගත් අපරාධ නීති කිහිපයක් ==
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි