"ගැලී‍ලියෝ ගැලිලි" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ඉතාලි ජාතික '''ගැලීලියෝ ගැලිලි''' භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට '''දුරේක්ෂය''' වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “'''නූතන විද්‍යාවේ පියා'''” “'''විද්‍යාවේ පියා'''” “'''නූතන භෞතික විද්‍යාවේ පියා'''” සහ “'''නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා'''” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද [[ව්‍යවහාරික විද්‍යාව]] හා තාක්ෂණය පිළිබද කටයුතු ය‍ටතේ ගැලීලියෝ විසින් [[මාලිමා යන්ත්‍රය|මාලිමා යන්ත්‍ර]] සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. [[කොපර්නිකානුවාදයට]] ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය [[ඇරිස්ටෝටල්|ඇරිස්ටෝටල්ගේ]] කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්‍රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය.
 
විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව ''භෞතික විද්‍යාවේ පියා'' සහ ''නූතන විද්‍යාවේ පියා'' යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්‍රයයි.
 
සංගීතඥයන් වූ වින්සන්සෝ ගැලීලි සහ ජුයිලා අම්මානාති ට දාව පීසා නගරයේදී උපන් දරු සය දෙනාගෙන් පළමු වැන්නා ගැලීලියෝය. ළමා වියේදී පූජකයෙක් වීමට වුවමනා වුවද තම පියාගේ අනුදැනුම පරිදි පීසා සරසවියේ වෛද්‍ය උපාධියක් සඳහා ඇතුළත් විය. 1591 දී පියාගේ මරණයෙන් පසුව පාදුවා සරසවියට මාරුවක් ලද ඔහු 1610 වනතුරු එහි භූගෝල විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ඉගැන්වීය. මේ කාලයේදී ඔහු චාලක විද්‍යාව, අභ්‍යවකාශය, පදාර්ථමය ශක්තිය හා දුරදක්නයේ වැඩිදියුණු කිරීම් මගින් විශාල මෙහෙයක් කරන ලදි.

සංස්කරණ

1,560

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/165960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි