"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
146 පේළිය:
 
|}
[[Image: 120px-Bamfield_(171).jpg |frame|thumb|alt=tiny globe| බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැම්ෆීල්ඩ් හි සුනාමි අනතුරු ඇඟවීම සංඥාව ]]
 
 
සුනාමියක් වැළැක්වීමට හෝ නිරවද්‍යව අනවැකි පළකිරීමට හෝ නොහැක. අවශ්‍යතරම් විශාලත්වයක් සහිත භූමිකම්පාවක් නිවැරදි ස්ථානයක සිදුවුවද මෙය අපහසුවේ. සාගර විද්‍යාඥයෝ හා භූකම්පන විද්‍යාඥයෝ සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහොමයක්ද, සැලකිල්ලට ගෙන එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහෝමයක්ද සැලකිල්ලට ගෙන, එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර යුතු දැයි තීරණය කරතී. නමුත් සුනාමියක් සිදුවීමට ආසන්න වන විට අනතුරු සංඥා බොහෝමයක් ඇති අතර, සුනාමියෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ක්‍රමවේදයන් සකස් කර ති‍බේ. මොලය යොදාගන්නා වැදගත්ම හා නිරතුරුවම නිරීක්ෂණයට ලක්වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩන සංවේදකයයි. මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිහිටුවා ඇත. මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරුවම නිරීක්ෂණය කරයි.
 
F= GDb
 
මෙහි F = ඉහළින් පවතින බලය හෝ පීඩනය වර්ගමිටරය නිව්ටන් මඟින්,
G = ගුරුත්වජ ත්වරණය,
 
D = ප්ලැස් ඝනත්වය ,
B= ජල මට්ටමේ උස G=9.8ms-2,
 
d=1.1 Í103 kg m3 හා h යනු ජලයේ ගැඹුර මීටර් වලින් ඒ අනුව 5000m ගැඹූරින් පවතින ස්ථානයක පීඩනය වන්නේ 9.8=1.1 Í103 Í5 Í103 හෝ 5.4 Í107 Nm2 හෝ වර්ග මීටරය ටොන් මිලියන 5.7
 
සුනාමියේ පළමුව පැමිණෙන කොටස රැල්ලේ නිම්නය නම්, ජල තරංගයේ කලාවර්තයට හරි අඩකට කලින් සාගරයේ වෙ‍රළෙන් පසු පසට ගමන් කරයි. වෙරළාශ්‍රීත මුහුදු පතුල නොගැඹුරු නම් මෙම පසුපසට යාම මීටර් සිය ගණනක් පමණ විය හැක. මෙහිදී අනතුරු පිළිබඳ දැනුමක් නොමැතිවීම හේතුවෙන් කුතුහලයට පත්වන මිනිසුන් වෙරළ ආසන්නයට පැමිණීම හෝ නිරාවණය වු මුහුදේ මසුන් එකතු කිරීමට පෙළඹේ. 2004 දෙසැම්බර් 26 දි ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේදී මෙලෙස නිරාවණය වු මුහුදු පතුල විමර්ශනය කිරීමට පුද්ගලයන් බොහෝ ගණනක් පෙළඹුණි. මෙහිදි ගත් ඡයාරූපයක සාමාන්‍යයෙන් ජලයෙන් යටවු ප්‍රදේශවල රැදී සිටින මිනිසුන් හා පසුබිමින් ගලා එන සුනාමි රැල්ල පෙන්වයි. මෙලෙස වෙරළේ රැදි සිටි බොහෝ දෙනෙක් උස්බිම් වෙත පලා යාමට නොහැකි වී මියගියහ.
[[Image: 220px-Tsunami_wall.jpg |frame|thumb|alt=tiny globe| ජපානයේ මිසු හි සුනාමි බාධකය ]]
 
ජපානයේ කමතුරා මුහුදු බාධකයේ ඇති සුනාමි අනතුරු ඇඟවීම් සංඥාව 2004 මරොමාඩි යුගයේදී කමතුරාවට බලපෑ සුනාමියකින් Kotoku හි පිහිටි අමිධා බුදුන්ගේ අතිවිශාල ප්‍රතිමාව සෙවන කළ දැව මන්දිරය විනාශ විය. එදා පටන් එම ප්‍රතිමාව එලිමහනේ පවති.
 
සුනාමි අනතුරු ඇතිවීම වැඩි ඉඩක් පවතින කලාප සුනාමි හඳුනාගෙන රැල්ල ගොඩබිම‍ට ළගාවීමට පෙර මහජනතාව දැනුවත් කිරීමට සුනාමි අනතුරු සංඥා පද්ධති භාවිතා කරති. එක්සත් ජනපදයේ පැසිෆික් සාගර සුනාමි ඇතිවීමට හැකියාව පවතින බටහිර වෙරළ තීරයේ මිනිසුන්ට ඉවත්විය හැකි මාර්ග දක්වන පුවරු සවිකර ඇත.
 
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම පද්ධතිය හොනලුල මත පදනම් ව ඇත. එය පැසිෆික් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක ඇතිවන භූමිකම්පනයක් හදුනා ගනී. එහි විශාලත්වය හා තවත් තොරතුරු මත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙ‍‍රේ. මෙහිදි සැලකිය යුතු වැදගත් කරු ණක් වන්නේ පැසිෆික් කලාපය භූකම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වුවද සැම භූකම්පනයකින්ම සුනාමි හට නොගනී. මේ නිසා පිගණක භාවිතා කරන්නේ සුනාමි අවදානම අධ්‍යයනය කිරීමට උපකාරීවන මෙවලමක් ලෙසය.
 
ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වෙරළාශ්‍රිත ‍ප්‍රදේශවල සුනාමි තර්ජනය පිළිබද නැවත තක්සේරු වක් එක්සත්ජාතීන්ගේ ව්‍යසන අඩුකිරීමේ කොමිසම හා රජයන් මඟින් සිදුකර ඇති අතර ඉන්දියන් සාගරයේ සුනාමි අනතුරු ඇගවීමට සංඥා පද්ධිතයක් ස්ථාපිත කරමින් පවතී.
 
සුනාමි අනාවැකි පළකිරිමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මඟින් පෙන්වා දීඇති පරිදි අනාවැකි පළකෙරු ණු පතුලේ කාලය හා සුනාමිය පැමිණිමේ කාලය අතර වෙනස මිනිත්තු කිහිපයකි. සාගර පතුලේ පවතින සංවේදක මඟින් ලබාගන්න දත්ත හා සුනමි ඇතිවීමට හේතු වු භූකම්පනයේ ස්වභාවය පිළිබද තොරතුරු සාගර පතුළේ ස්වභාවය (ආගාධ මිතිය) හා වෙරෙ‍ළේ (භූවිෂමතා) මලිව් විස්තරය හෙවත් රු ල්ලේ උස ගණනය කළ හැක. පැසිෆික් සාගර සීමාවේ පවතින සියළුම රටවල් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය හා සංයෝගිත්වයෙන් ක්‍රියාකරන අතර නොවැලැක්විය හැකි සුනාමියක් පැමිණි විට ක්‍රියාකල යුතු අන්දම පිළිබඳ මහජනයාට පුහුණුව ලබාදේ. ජපානයේ දි මෙම සුදානම් වීම රජය, දේශීය අධිකාරි හා හදිසි ‍සේවා ආයතන හා මහජනයාට අනිවාර්ය වේ.
සමහර සත්ව විද්‍යාඥයෝ සතුන්ට භූමිකම්පාවකදී හෝ සුනාමියකදි ඇතිවන රේයිලි (Reyleign) උප ධ්වනි තරංග සංවේදනයට හැකියාවක් ඇති බව උපකල්පනය කරයි. සමහර සතුන්ට මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව කල්තබා හඳුනා ගැනීමේ හැකියාවක් පවතින අතර අවධානයෙන් නිරීක්ෂණය කළහොත් මෙය සුනාමි හා භූමිකම්පන අනතුරු ඇඟවීම් ලෙස යොදා ගත හැක. නමුත් මෙම සාක්ෂි මතභේදයට තුඩු දී ඇති අතර විද්‍යාත්මකව ඔප්පු කර නැත. සමහරක් නිල නොවන වාර්තා වලට අනුව ලිස්බන් භූ චලනයට පෙර බොහෝ සත්තු නොසන්සුන්ව හැසිරුනු අතර පහත් බිම් වල සිට උස් බිම් වෙත සංක්‍රමණය වුහ. නමුත් මෙම ‍ප්‍රදේශයේම බොහෝ සත්තු දියේ ගිලිමෙන් මිය ගියහ. මෙම සංසිද්ධිය 2004 දී ඉන්දියන් සාගර භූකම්පනයේදී ශ්‍රීලංකාවෙන්ද වාර්තා විය. පහත දැක්වෙන කරුණු අදාළ වුවද විද්‍යාත්මක කරුණු නොව මාධ්‍ය මඟින් අනාවරණය වු කරුණය. (BBC [1]) (Kenneally [2] ) අලි වැනි සමහර සතුන්ට සුනාමිය වෙරළට ළඟා වන ශබ්දය ඇසීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ශබ්දයෙන් ඉවතට එනම් රට තුළට ගමන් කර ඇත. නමුත් මනුෂ්‍යයෝ එය පරික්ෂා කිරීමට වෙරළට යාමෙන් ඔවුන් මරණයට පත්විය.
 
සුනාමි වැලැක්වීමට නොහැක. නමුත් සුනාමී අවදානම සහිත සමහර රටවල් එයින් වෙරළට සිදුවන හානිය අවම කිරීමට ක්‍රම යොදාගෙන තිබේ. ජපානයේ 4.5 m (13.5අඩි) පමණ උස සුනාමි බාධක ජනාධික වෙරළ ප්‍රදේශවල ඉදිකිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ‍අනෙක් ප්‍රදේශවල සුනාමි සමඟ පැමිණෙන ජලය නැවත හරවා යැවීමට අවශ්‍ය දිය දොර හා ඇල මාර්ග තනා ඇත. නමුත් මේවායේ ඵලදායීතාවය ගැටලුවක් වන්නේ සුනාමි රළ සාමාන්‍යයෙන් මෙම බාධක වලට වඩා උසින් වැඩිවීමයි. උදාහරණයක් ලෙස 1993 ජුලි 12 හටගත් භූමිකම්පාවෙන් විනාඩි කිහිපයකට පසුව ඔකුෂි දුපත, හොකයිඩෝ හි හටගත් බකුෂි, හොකයිඩෝ සුනාමියෙන් 30 m (100අඩි) පමණ උස රැල්ලක් ඇති වු අතර, මෙය තට්ටු 10 කින් යුත් ගොඩනැගිල්ලක් පමණ උසින් යුක්තය. Aonae නගරය සම්පුර්ණයන්ම සුනාමි බාධක වලින් වටවී තිබුනද සුනාමි රළ බාධකයට ඉහළින් පැමිණ නගරයේ තිබු දැවමය ගොඩනැගිලි සියල්ල විනාශයට පත් කළේය. මෙම බාධකය රළ පහරේ වේගය හා උස අඩු කිරීමට හේතු වුවද විශාල දේපල හානි හා ජීවිත හානි වැළැක්වීමට නොහැකි විය.
 
සුනාමියෙන් බලපෑම් අවම කිරීම වෙරළතීරයේ ගස්වැල් ආවරණය වැනි ස්වභාවික සාධක වලට හැකියාව තිබේ. 2004 දී ඉන්දියන් සාගර සුනාමියෙන් එයට ගොදුරු වු සමහර ප්‍රදේශ සම්පුර්ණයෙන්ම වාගේ බේරිමට ලක්විය. මෙයට හේතුව වන්නේ සුනාමියේ ශක්තිය පොල් හා කඩොලාන වැනි ශාක මඟින් අවශෝෂණය කර ගැනිමයි. මෙය සඳහා පැහැදිලි උදාහරණයක් වන්නේ ඉන්දියාවේ තමින්නාඩු ප්‍රදේශයේ නලුවේදාපති (Naluverdapathy) ගම්මානයේ අවම හානියට පත් වු අතර, සුළු ජීවිත හානි කීපයක් පමණක් සිදුවිය. මෙයට හේතුව සුනාමි රළ පහර වැදුනේ 2002 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ඔවුන් විසින් වෙරළ ආසන්නයේ පැළ කර තිබු ගස් 80,224 කින් යුත් වනාන්තරය වීමයි. පරිසරවේදියෝ සුනාමි අවදානම් සහිත ප්‍රදේශවල වෙරළතීරය දිගේ ගස් වැවීම පිළියමක් ලෙස යෝජනා කරති. ශාක ප්‍රයෝජනවත් ප්‍රමාණයක් වර්ධනය වීමට අවුරුදු කිහිපයක් ගතවුවද මෙය කෘත්‍රීම බාධක වලට වඩා ලාභදායී හා දීර්ඝ කාලීන සුනාමි හානි අවම කරගැනීමේ ක්‍රමයකි.
 
 
== ශ්‍රි ලංකාවට ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වය ==
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි