"රුවන්වැලිසෑය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු added few inter-wiki links
1 පේළිය:
[[Image:Ruwanwelisaya.jpg|thumb|300px|අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි රුවන්වැලි සෑය, ශ්‍රී ලංකාව.]]
ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
මෙම ස්ථූපය [[සොළොස්මස්ථාන]](පූජනීය ස්ථාන දහසය) සහ [[අටමස්ථාන]] (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.
 
==ස්වර්ණමාලි මහා සෑයේ ඉතිහාස කථාව==
 
මේ [[කල්පය|මහා භද්‍ර කල්පයේ]] සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ [[ගෞතම බුදුරජාණන් වහන්සේ]] දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩ සිට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඩලෙන් උපන් ක්ෂීණාශ්රව මහ රහතන් වහන්සේලා විසින් ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය.
 
එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුර පහළ වූ විට [[ධර්මාශෝක අධිරාජයා]] ගේ සහයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් [[තුන්වන ධර්ම සංගායනාව|තුන් වන ධර්ම සංගායනාවන්]] යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරිමේ පරම පිවිතුරු හැගීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.
 
එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නිකෙලෙස් ළය මඩලෙහි උපන් බුදු පුතනුවන් වහන්සේ නමක් වූ හැම කල්හී පිවිතරු සිත් ඇති මහා පින්වන්ත වූ [[මහින්ද තෙරණුවන්|මිහිඳු මහ රහතන් වහන්සේව]] ඉත්ථීය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමග මෙම ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේය.
 
එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳිම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථීය පිණිස ම වන්නේ ය. කියා ලක්දිව එක්සත් කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඩුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා වාක්‍යයක් කියවන්නට ලැබුනේය.
 
එය වනාහි [[දේවානම්පියතිස්ස රජ|දෙවන පෑතිස් රජතුමා]] හට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාරණ ලද අනාගත වාක්‍යයකි. එනම් පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන්ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යයන්ගෙන් විභූෂිත වූ [[තව්තිසාව|තව්තිසාවෙහි]] සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි [[ලෝවාමහාපාය|ලෝවාමහාප්‍රාසාදය]] නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය. මෙම අනාගත වාක්‍යය කියවූ [[දුට්ඨගාමිණී රජ|දුට්ඨගාමිණී අභය නරපතිතුමා]] තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රීතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය.
 
ඉක්බිති [[මහමෙවුනා උයන|මහමෙව්නා උයනට]] රහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා ’පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා.
 
එකල්හී භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණි නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැක ගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී, මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය.
"https://si.wikipedia.org/wiki/රුවන්වැලිසෑය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි