"ගුණරතන විද්‍යාලය, පාලටුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
81 පේළිය:
නාගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අති ගෞරවනීය ඇටැම්පල ගුණරතන මාහිමියන් විසින්ය. උන් වහන්සේ උනැල්ල ගම්මානයේ දායක කාරකාධින්ගේද උදවු ඇතිව 1924 දී පොල් අතු සහ ලී දඩු ගෙනවිත් පාලටුව බෞද්ධෝදය පිරිවෙන ආසන්නයේ පාසලක් ආරම්භ කළා. ඒක කටුමැටි ගසා පොල්අතු සෙවිලි කළ කුඩා මඩුවක් හා සමානයි. ඒකට ඇතුළත් කළ මුල්ම ශිෂ්යියන් කීපදෙනා අතුරින් [http://www.dinamina.lk/2011/01/04/_art.asp?fn=f1101042&p=1 අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි] (ගිහි නම දයානන්ද), වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය, සිටියා. මුල්ම ප්‍රධානාචාර්යවරයා වුණේ ඩබ්ලිව්. එච්. එස්. ජයවර්ධන මහත්මයා. ඒ පාසල අද පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය නමින් ප්‍රදේශයේ කීර්තිමත් අංගසම්පූර්ණ විද්‍යාලයක් බවට වී තිබේ.
 
මෙම විද්‍යාලයේ ආරම්භක යුගය ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, රාහුල විද්‍යාලය, වැනි බෞද්ධ ප්‍රබෝධයත් සමඟ ඇරබි බෞද්ධ විද්‍යාල ගනයට අයත් වන අතර එකල ආනන්ද විද්‍යාලය සමඟ සෘජු සම්බන්දතා පැවති බවටද සාධක තිබේ. මෙම විද්‍යාලයේ බුදු මැදුර තුල ඇති ‍බුද්ධ ප්‍රතිමාව එදා ආනන්ද විද්‍යාලයේ සිට පෙරහැරකින් මෙම විද්‍යාලයට වඩම්මා ඇති බවට සාධක තිබේ. මෙම විද්‍යාලය සම්බන්දව එකල , ලංකාවේ සිටි ටිබෙට් ජාතික එස්[[එස්‌. මහින්ද හිමිපානන්හිමි]]පානන් වහන්සේ පවා කවි ලියා ඇති බවට විද්‍යාලයීය ඉතිහාසය සාක්ෂි දරයි.
 
ස්වේඡ්ඡාවෙන් ඇරබි මෙම විද්‍යාලය රජයේ ආධාර ලබන උපකෘත සිංහල පාසලක් ලෙස පවත්වාගෙන යන්නට විය. නොයෙක් දුෂ්කරතා මැද විවිධ විදුහල්පතිවරුන්ගේ නායකත්වය යටතේ පවත්වාගෙන ආ මෙම විද්‍යාලය 1960 දශකයේදී ශ්‍රී ලංකා රජයට පවරාගෙන අමාත්‍යාංශ පාලනයට නතු කරන ලදි. මෙම යුගයේ විදුහල්පති ධූරය හෙබවු අතුරලියේ ඉන්ද්‍රරතන ස්ථවිරයන් වහන්සේගේ කැපවීම සහ උනන්දුව මත ප්‍රදේශයේ ද්දුලන පාසලක් බවට පත්වී තිබේ. මෙම කාලයේ මාතර අකුරැස්ස වැනි ඈත ගම්පළාත් වලින් පවා ශිෂ්‍ය ශීෂ්‍යාවන් මෙම විද්‍යාලයට පැමිණි බවට ඉතිහාසය සාක්ෂී දරයි. මෙම කාලයේ විද්‍යාලයේ සිර මාතර නගරය දක්වා පාසල් බස් සේවයක්ද පැවති බවට සාධක තිබේ.
"https://si.wikipedia.org/wiki/ගුණරතන_විද්‍යාලය,_පාලටුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි