"බොට්ස්වානාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
71 පේළිය:
 
 
බොට්ස්වානා සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි රටවැසියන් බැට්ස්වානාවරු ලෙස හඳුන්වයි. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ පැවැති බෙචුආනලන්ඩ් බොට්ස්වානා 1966 සැප්තැම්බර් 30 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබීමෙන් පසු තම නව නාමය භාවිතයට ගනු ලැබීය. එහි නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කිහිපයක් නිදහසෙන් පසුව පවත්වා ඇත. භූ‍ගෝලාත්මකව එරට‍ සමතලා වන අතර 70% ක් කලහාරි කාන්තාරයෙන් වැසි ඇත. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවට හා ගිනිකොණින් නැම්බියාවේ ඊසාන දිශාවටය. එයට සැම්බියාව එක් තැනකදි හමුවේ. බොට්ස්වානා ආර්ථික නිදහසේ ප්‍රාදේශිය නායකයෙකි. තරඟකාරි බව හා නම්‍යශීලිත්වය බුද්ධිමත් ව්‍යාපාර පසුබිමක තිබෙන අතර, විදේශීය ආයෝජනයට හා වෙළෙඳාමට ඇති විවෘත බව සහ රැකියා පිළිබඳ ඇති නම්‍යශීලි නීතිරීති වලින් සමන්විත වේ. ආර්ථික කලාපය සංසන්ධනාත්මකව සංවර්ධනය වී ඇති අතර, නිදහස් මධ්‍යම බැංකුවක් රාජ්‍ය මැදිහත්වීම අවමයෙන් පවත්වාගෙන යයි. නිදහස් අධිකරණය, ශක්තිමත් ආරක්ෂාවක්, දේපළ අයිතිය පිළිබඳව තිබේ. බොට්ස්වානා 1966 නිදහස ලබන විට අප්‍රිකාවේ පිහිටි දිළිඳුතම රටවලින් එකක් විය. වර්තමානයේ එය ස්ථාවර දේශපාලන යාන්ත්‍රණයකින් හා නිරන්තරයෙන් ගොඩ නැගෙන ආර්ථිකයන්ගෙන් යුක්තය. දකුණු අප්‍රිකාව හා නිරන්තරයෙන් බැඳුණු ආර්ථිකයන්හි හා අප්‍රිකාව තුළ සාර්ථකම ආර්ථිකයකින් හා වේගයෙන් වර්ධනය වන සේවා පද්ධතියක් වන ලෝක ප්‍රචලිත මැණික් ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදන සඳහන් කළ හැකිය.
බොට්ස්වානා හි ආර්ථික වර්ධන වේගය වර්තමානයේ ආසියාව හා ලෝක බැංකු නගර ද අභිබවා ගොස් ඇති අතර, එය ලෝකයේ සාර්ථකම රාජ්‍ය ගොඩනැඟීමක් ලෙස සඳහන් කල හැක.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/බොට්ස්වානාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි